වල් අලි ගහන කලාවැව් ඉස්මත්තේ මහ රෑ 10ටත් මිනිස්සු ළමයින්ව බෙඩ් ෂීට්වල ඔතාගෙන පොහොට්ටු රැස්වීම්වල…

February 1, 2018 at 12:05 am | lanka C news
වල් අලි ගහන කලාවැව් ඉස්මත්තේ මහ රෑ 10ටත් මිනිස්සු ළමයින්ව බෙඩ් ෂීට්වල ඔතාගෙන පොහොට්ටු රැස්වීම්වල…

‘මේ රටේ ජන්දයකට මෑත කාලයේ මිනිස්සුන්ගේ මෙච්චර උනන්දුවක් තිබුනේ නෑ. මතක ඇති කාලෙක මෙහෙම ජන්ද උනන්දුවක් තිබුන නම් ඒ1994 දී UNP එකේ 17 වසරක පාලනය පාලනය පරද්දන්න මිනිස්සුන්ගේ තිබුන උනන්දුව. ඒ විතරක් නොවෙයි අද ජනමාධ්‍යවල කියන දේ මිනිස්සුන්ට විශ්වාස නෑ. රටට මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දී යූඇන්පී, ශ්‍රී ලංකා, ජේවීපී තුන්ගොල්ලොම පිස්සු කියවනවා. මිනිස්සුන්ට අද තමන්ගේ ඇහැටම දැකල, තමන්ගේ කන් දෙකටම අහල ඇත්ත දැන ගන්න උවමනායි’ යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ කිහිපයක රැස්වීම් අමතමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කලාවැව අවට පිහිටි පලාගල ප්‍රදේශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රදේශය ලෙස සැලකෙන අතර නිතර වල් අලි ප්‍රහාරයන්ට ගොදුරු වේ.

දානියගම ප්‍රදේශයේ පැවති රැස්වීමේ දී ඒ මහතා මෙසේද පැවසීය.

“පෙර රැස්වීම තිබුනේ ගල්කිරියාගම. මම මෙතනට එන්න ඉස්සෙල්ල සංවිධායක මහත්තයට කතා කරලා ඇහුව දැන් රෑ 10 ටත් කිට්ටුයි නේද, වල් අලිත් එන නිසා රැස්වීම ඉවර කරලා මිනිස්සුන්ට ගෙදර යන්න කියන්න කියල. එතුමා කිව්වා සර් මිනිස්සු යන්නේ නෑ. කීයට හරි එන්න කියල. එත් මම හිතුව මිනිස්සු ඉන්න එකක් නෑ කියල. පුදුමයි මෙතන ළමයින්ව නිදි කරලා බෙඩ් ෂීට්වල ඔතාගෙන තියාගෙන ඉන්න අම්මල 25ක් විතර ඉන්නවා.

කොට්ටාශේ ජන්ද තියෙන්නේ එක්දහස් අටසීයයි මෙතනම 1000කට වැඩියි. රට ගැන තියෙන කැක්කුමට, රටේ ඇත්තටම වෙන්න මොකද කියල දැන ගන්න නේද මේ මිනිස්සු වල් අලි ගහන මහ රෑ ඇවිල්ල ඉන්නේ. යූඇන්පී, ශ්‍රී ලංකා රැස්වීම් අවසානේ සංගීත සංදර්ශනයක් තියෙනවා කියල තමයි මිනිස්සු ටිකක් ගෙන්න ගන්නේ. ඒ මොකද රැස්වීම අන්තිම වෙනකොට 25-30 ඉතිරි වෙන්නේ නෑ. මේ මිනිස්සු ඇවිත් ඉන්නේ සංගීත අහන්නද? නෑ. මේ පරයෝ ටික අන්තිම අවුරුදු 3ට රටට කරපු විනාසේ අහන්න”

23,638 Viewers

15 Comments to “වල් අලි ගහන කලාවැව් ඉස්මත්තේ මහ රෑ 10ටත් මිනිස්සු ළමයින්ව බෙඩ් ෂීට්වල ඔතාගෙන පොහොට්ටු රැස්වීම්වල…”

  1. Nim says:

    OBA HARIYATAMA HARI
    POHOTTUWA TA JAYAWEWA.
    JAYA NIYATHI.
    THAWATH MAGE RATE JANATHAWATA
    DUKA WE DIANA BAHA.
    RATATA BUDUSARANI

  2. Sakura says:

    I salute those patriotic pheasants in the Kalawewa area.
    Their vote to Flower Bud is a vote to save our beloved motherland!

  3. aniwa says:

    reality, shows how stupid our bananaland voters are. such a shame not to understand that the entire lot is the same no matter what colour they are.

    • Rilawa says:

      These are the innocent people who protected motherland for 25 centuries not the lickers of Ranil’s ass hole like you.

  4. Rohitha says:

    anne niyama mahacharyawarayek (obata mage pranamaya, maethithumani), sarath wijesuriya dambara amila wage polbooruwo wage newei.

  5. Open mind says:

    පිස්සු ද ? නැත්නම් නුගත්කම ද ?

    • Close mind says:

      ඕක ගිහිල්ල අහන්න ඕන කොළඹ එවුන්ගෙන් 2015 අගෝස්තුවල රනිල්ට මනාප ලක්ෂ 5ක් දුන්නේ උන්නේ..

    • කුසුම් says:

      දේශප්‍රේමීත්වය!!!

      නැතිනම් සිරාගෙ, රනියගෙ හෝ
      රතු අලි පැටියගෙ එව්වටත් යන්ඩ එපායැ.

    • ExUnper says:

      ඔයාගේ mind නෙවි වෙන එකක් Open වෙල වගේ. රෝයල් අධෝ මුක කල්ලිය ආස්‍රය කලාම ඔය වගෙ තැන් ඕපන් වෙනව​.

  6. Sachithra says:

    Exactly. This is the ground situation.

  7. සුනිමල් says:

    මේ කතාව හරි. දෙරණ විතරයි අපට තිබුනේ. එත් දිලිත් අවුරුදු ගානක් මහන්සි වෙලා ගොඩ නගා ගත්ත, රැක ගත්ත විශ්වාසය කෝටි 150 විකුණුවා. බලන්න දෙරණේ මිනිත්තු 5න් 5ට UNP දැන්වීම් යන හැටි.

    • vishnu says:

      මටත් හිතෙනවා ඒක

    • දෙරන ප්‍රතික්ෂේප කිරිමේ වැඩපිලිවෙලකට යායුතුයි. ආන්ඩු විරෝධින් ගේ ජනප්‍රියතාවය යු.ඇන්.පි.යට විකිනුවානම් ඔවුන්ගේ මොල හේදිමට දිලිත් ජයවිරට ඉඩ නොදිය යුතුයි.

  8. daminda says:

    mahacharaya thumo wakugadu ledae wagae thama ratae ledaeta beheth nahae……………….

  9. බබා උක්කුන් says:

    ඇත්ත දෙරණ වෙනස් වෙලා කියල අපිටත් සැකයක් තියෙනවා.අර ඔලුව නැති ඔලුව 2015 චන්දෙට ඉස්සෙල්ල පෝට් සිටියට ගහල ගහල, කොටි 40ක් අරගෙන චන්දෙන් පස්සේ ගඩොලක් අරගෙන රට වටේ ගියා වගේ මෙයාලත් ඩීල් එක දාල තියෙන්නේ. අපිටත් සිද්ද වෙනවා දෙරණ කපා හරින්න.

Main News