වල් කොල ඉවරයි.. තුරුම්පු අදී.. ජනපති හමුවෙන්න එජාප තරුණ මන්ත‍්‍රී පිරිසක් එයි..

November 9, 2018 at 9:20 am | lanka C news
වල් කොල ඉවරයි.. තුරුම්පු අදී.. ජනපති හමුවෙන්න එජාප තරුණ මන්ත‍්‍රී පිරිසක් එයි..

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් තබා ගැනීමට ඔවුන්ට මුදල් දෙන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධාපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ 08 රාත්‍රීයේ පැවැති අතර හිටපු අගමැති දී.මු ජයරත්න,15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද සහභාගි වී ඇත.

– lankadeepa

84,560 Viewers

16 Comments to “වල් කොල ඉවරයි.. තුරුම්පු අදී.. ජනපති හමුවෙන්න එජාප තරුණ මන්ත‍්‍රී පිරිසක් එයි..”

  1. Konde Bedapu Seeya Baba says:

    President Sirisena can dissolve the Parliament after four and half years. Then novel PMs will lose their pensions. Under this circumstance these novel PMs will be compelled to extend their support to the ruling party. This is one legitimate strategy that can be applied to secure the majority in the Parliament.

    • harsha says:

      He is no longer the President after 4 1/2 years.

    • උක්කුං අයියා says:

      තුරුම්පු ආසියා = ජනමත විචාරණය ( විදායක බලය vs පර්ලිමේන්තු බලය )

    • Ajith says:

      “එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.”

      අති ගරු ජනාධිපති තුමණි, මේ වෙලාවේදී මන්ත්‍රී කීප දෙනෙකුගේ පැන්ෂන් එක පරෙස්සන් කරනවාට වඩා රට පරිස්සම් කිරීම වැදගත් බව සලකන්න. මෙපමණ කාලයක් අපේ පාලකයෝ සියල්ල මන්ත්‍රීන්ලා ගැන ඕනාවට වඩා සිතීම නිසා තමා අපේරට මේ තත්වයෙන් පහලට වැටිලා තියෙන්නේ. ඔබ තුමන්ලා රටට සේවය කරන සේවකයන්ගේ පැන්ෂන් එක ගැන ඔය විදිහයට කල්පනා කරන්නේ නැහැ නේද?

      • sky says:

        Mr. President without any fear.. Be brave and arrest the thieves (RANIL & his gang ).. before they do more harm to our democracy and to our beloved country. Majority is with you

      • peedithaya says:

        Ajith mahatha,
        sampoorna etta . 1948 indalama desapalakayo mudal nowa rata gena sitha srestayan lesa weda kala . 1960 withara pasu mun un gena sitha weda karanawa . sampath beda gannawa. wasara pahen pension den ratak lokayema netha. balanna mahinda wage aya wetup dekak gannawa mun ratata ADAREDA? innakal hema deyakma nomile laba gannawa rajaye rekiy karana aya hinganno O.L nethi 92 innawalu me ratavinasa kala siti saha inna siyallantama hena wadinna watinawa. pariliment pharmacy ekeitha watina mila adika beheth mun nomile gannawa. leda hedunama janapathi aramudalin salli aragena rata yanawa SAAAPAWEWAAAAAAAAAAAAA minissu murunga kola kana ratak

    • Ajith says:

      Konde Bedapu Seeya Baba, This your comment seems that you have still been knotted to the UNP hair knot.

    • Kings says:

      Seeya Baba. are you a Expert on constitution? This says Sri Lanka president. I think he got all advise fron experts before talking about constitution. My Idea is present President is like former president Hon. J.R. Jayawardhana. He didn’t talk anything without consult his experts and hee too a expert. So, do not talk like other UNP supporters says.

    • Plato says:

      Why cannot president publish the Central Bank Commission Report revealing the payee list?

      This is the ideal time.

      Delay indicates that MR also does not want to divulge it!

  2. නිදහස් says:

    රටට කෙළවුනත් කමක්නෑ තමන්ගෙ බලය රැකෙනවනම්. අද වන විට රාජ්‍ය සේවය නැවතිලා. ලිපියක් සකස්කරන්න බෑ අමාත්‍යාංශයේ නම දාල. කොයි මොහොතෙ අමාත්‍යාංශ‍යේ නම වෙනස් වෙයිද දන්නෙ නෑ. මසිරිපාල නම් තමන්ගෙ මරන බයෙන් ගැලවුනා. මහින්ද මහත්තයා ජනතාවගේ ප්‍රසාදයෙන් ටිකෙන් ටික ඈත් වෙනව. අද රටේ තත්ත්වය ඒකාධිපති මසිරිපාලට නොතේරෙන එකයි ගැටළුව.

  3. Daham says:

    Thurumpu gahanne ratata hondak wennada nathnam thamaata hondak wennada?

  4. Rathgama MC says:

    මොන තුරුම්බු ඇද්දත් තව මාස 12 යි.ඉන්පසු ඔබ අවලංගු කාසියක්,පොළොන්නරුවේ විශ්‍රාම සුවයෙන් පසුතැවිල්ලෙන් ගතකරන .ඔබට උත්තර ලැබෙන්නෙත් ඔබේ ආප්ප න්‍යායෙන්ම බව දැනගන්න.

  5. rohantha says:

    Epa para Booruwa gahannath patang aragenada

  6. dilka says:

    I feel that MR’s popularity is decreasing daily on these illegal acts. However, MS will have no political future at all.

  7. පොඩි එකා says:

    අළුතෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරුන්ට ඡනපති පෙන්ෂන් කොලේ පෙන්න පෙන්නා වනනකොට… ඒගොල්ලෝ හරියට අර කූප්පමේනියා මුලට ආදරය කරන පූස් පැටව් වගේ හීලෑ වෙන බව ඡනපති දන්නවා.. ඒ හින්දා එඡාපයේ ඉන්න නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට 14 දාට බඩේ ගාය හැදිලා හරි…ඔළුව කැක්කුම හැදිලා හරි…අතපය කැක්කුම හැදිලා හරි රනිල්ට සික් නෝට් එවන්න පුළුවන්… එතකොට මහින්ද ගොඩ.. ඡනපතිත් ගොඩ…

Leave a Comment

Main News