වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පලාත් පාලන අයතන ඡන්දය වර්ජනය කරති..

February 12, 2018 at 2:07 am | lanka C news
වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පලාත් පාලන අයතන ඡන්දය වර්ජනය කරති..

මෙවර පැවති පලාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් උපවාසයක නිරතව සිටින වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඡන්දය දීමෙන් වැලකී සිටි බවට එම වැසියන් කියා සිටිති.

අතුරදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 352 ක් පිරුණද තමන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දින පැවත්වෙන පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි බවට අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සොයාබල සංගමයේ සංගමයේ කේ.ජයවදිනි කියා සිටියාය.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් රටේ නායකයාගේ සිටි සියලුම බලධාරීන්ගෙන් මෙතෙක් සිදු සිදුකරණ ලද සාකච්ඡා වලින් විසඳුමක් නොලැබුනු හෙයින් එයට විරෝධයපෑමක් වශයෙන් පලාත් පාලන මැතිවරණය ප්‍රතික්ෂේප කල බවටද සභාපතිනිය වැඩි දුරටත් කියා සිටියාය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

786 Viewers

One Comment to “වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පලාත් පාලන අයතන ඡන්දය වර්ජනය කරති..”

  1. JOY says:

    ඔය අතුරුදහන් වුවන් යුරෝපයේ කැනඩාවේ සරණාගතයන් ලෙස ව්‍යාජ නම්වලින් ජිවත් වේ . ගිහින් ඒ ගැන බලාපියව්
    බොරුවට කෑගහන්නේ නැතිව කොටි දේශපාලකයන්ගේ වහලුන් වගේ .මිනිමරපු කොටි ත්‍රස්තවාදීන් වැඩි දෙනෙක් ලෝකයේ දියුණු රටවල සරණාගතයන් ලෙස ජිවත් වෙනවා …ඔවුන්ට දැන් වව්නියාව අමතකයි

Main News