වව්නියාවේ වෙළඳසැල් වසා කලු කොඩි දමා විරෝධතා…

January 2, 2018 at 5:30 pm | lanka C news
වව්නියාවේ වෙළඳසැල් වසා කලු කොඩි දමා විරෝධතා…

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව පැරණි බස් නැවතුම්පල වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් අද (02) දෙවන දිනටත් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වූ අතර වවුනියාවේ වෙළඳසැල් කිහිපයක්ද වසා තිබුණි.

උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 7 සේවකයෝ බස් ධාවනයෙන් ඉවත්ව අද දියේත් වැඩවර්ජනයේ නිරතව සිටිති.

වැඩවර්ජනයට සහය දක්වමින් වවුනියාව පැරණි බස්නැවතුම්පොල ආශ‍්‍රිත වෙළඳසල් වසාදමා කළු කොඩි ඔසවා බස්නැවතුම්පල වසාදැමීමට විරෝධය පල කළේය.

ලංගම බස්රථ සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ගමන් බිමන් යාමට පැමිණි මගීහු විශාල පිරිසක් පීඩාවට පත්වු අතර ලංගම දුර ගමන් සේවා පමණක් ක්‍රියාත්මක විය. වසා දැමුණු පැරණි ලංගම බස්නැවතුම්පොල වෙත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

කෙසේ වෙතත් පැරණි ලංගම බස් නැවතුම්පල වසා දැමීමට පියවර ගෙන ඇත්තේ නව බස්නැවතුම්පල ඉදිවී වසරක කාලයක් නව බස්නැවතුම්පලේ පෞද්ගලික හා ලංගම බස් ගාල් නොකිරීම හේතුවෙන් නව බස් නැවතුම්පලට පෞද්ගලික බස් හිමියන් යාමට තීරණය කළද ලංගම බස් රථ යාමෙන් වැලකීම නිසාවෙන් අද දින මෙසේ පැරණි ලංගම බස් නැවතුම්පල වසා දමා නව බස් නැවතුම්පලේ බස් රථ ගාල් කරන ලෙසට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් නියෝග කොට ඇත.

කෙසේ වෙතත් මීට අවස්ථා කිහිපයකදීම නව බස් නැවතුම්පලේ බස් රථ ගාල් කිරීමට නියේග කෙරුණද පැවති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් නව බස්නැවතුම්පලේ බස්රථ ගාල් කිරීම නතර කෙරුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,419 Viewers

Leave a Comment

Main News