වව්නියාව නගරසභා බලය දෙමල සන්ධානයෙන් ගිලිහී කඩන් ගිය දෙමළ ජාතික විමුක්ති සන්ධානයට හිමිවේ.. උණුසුම් තත්වයක්..

April 16, 2018 at 5:30 pm | lanka C news
වව්නියාව නගරසභා බලය දෙමල සන්ධානයෙන් ගිලිහී කඩන් ගිය දෙමළ ජාතික විමුක්ති සන්ධානයට හිමිවේ.. උණුසුම් තත්වයක්..

පැවති පලාත් පාලන මැතිවරණයෙන් පසුව වව්නියාව නගරසභාව පළමු වතාවට රැස් වූ අවස්ථාවේදී මෙතෙක් කාලයක් නගරසභාවේ බලය හිමිව තිබූ දෙමළ ජාතක සන්ධානය පරාජය කරමින් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය විසින් බලය හිමි කරගත්තේ වැඩි ඡන්ද 02 කින් ජයග්‍රහනය කරමින්ය.

වව්නියාව නගරසභා පළමු සසි වාරය අද (16) දින ආරම්භ වූ අවස්ථාවේදී නගරසභවේ සභාපති වශයෙන් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ රාසලිංගම් ගෞතම් තැනත්තාට ඡන්ද 11 ක් ලැබුනු අතර දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කල එන් සේනාධිරාජා මහතාට ඡන්ද ලැබී තිබුනේ 9 ක් පමණී.

මේ අනුව දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඊ.ඵී.ඩී.පී පක්ෂය එක්බද්දව රාසලිංගම් ගෞතම් මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර එන්.සේනාධිරාජා මහතාට සහය ලැබී තිබුනේ දෙමළ ජාතික සන්ධානයෙන් පමණී.

සෑම වසරකම වව්නියාව නගරසභාවේ බලය හිමි වූවේ දෙමළ ජාතික සන්ධානයට වන අතර මෙවර පැවති පලාත් පාලන මැතිවරනයේදී දෙමළ ජාතක සන්ධානයෙන් පක්ෂ කිහිපයක් ඉවත්ව සාදා ගත් නව සන්ධානයක් වූ දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට මෙවර වව්නියාව නගරසභාවේ බලය හිමිකර දීමට තවත් පක්ෂ කිහිපයක් එක්ව සහය ලබා දී තිබුණා.

උතුරු පලාත් පාලන කොමසාරිස් පැට්රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නගරසභා සැසිවාරය පැවති අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා, දෙමළ ජාතික විමුක්ති කාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.මස්තාන යන අය සහභාගී වී සිටි අතර වව්නියාව නගර සභාවේ සභාපතී වශයෙන් රාසලිංගම් ගෞතම් මහතා පත් වූ අවස්ථවේදී දේශපාලන පක්ෂ කිහිපයක් සාමාජිකයින් අතර දැඩි උණුසුම් අවස්ථාවක්ද දැක ගත හැකි විය.

– වන්නි රොමේෂ් මධූෂංඛ

11,412 Viewers

2 Comments to “වව්නියාව නගරසභා බලය දෙමල සන්ධානයෙන් ගිලිහී කඩන් ගිය දෙමළ ජාතික විමුක්ති සන්ධානයට හිමිවේ.. උණුසුම් තත්වයක්..”

  1. pkk says:

    Good answer for TNA. Helping PM at the parliament

  2. NAK says:

    Beginning of the end for LTTE proxy party.

Leave a Comment

Main News