වව්නියාව හා කැබිතිගොල්ලෑව අතර මැදි වූ ගම් වැසියන්ට අලි කරදර…

August 22, 2017 at 2:24 am | lanka C news
වව්නියාව හා කැබිතිගොල්ලෑව අතර මැදි වූ ගම් වැසියන්ට අලි කරදර…

වව්නියාව හා කැබිතිගොල්ලෑව අතර පිහිටි ගම්මාන කිහිපයකට මේ දින වල බලපා ඇති වල් අලි කරදර හේතුවෙන් එම ගම්මාන වල වැසියන් ගැටලු රැසකට මුහුණ පා ඇත.

ප්‍රදේශයේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ජලය හා ආහාර සොයා වල් අලින් විසින් එම ගම්මාන වන කැලෑපුලියන් කුලම, දුටුවැව, කුංචුට්ටුව, මහහල්මිල්ල වැටිය හා මහරලපනෑව ආදි ගම්මානවල වැසියන් මෙම වල් අලි ගැටලුවට මුහුණ පා සිටිති.

මෙම ගම්මාන වල වැසියන් කියා සිටින්නේ වල් අලින් සෑම දිනකම සවස 6 පසු වූ සැනින් අඳුර වැටීමටත් පෙරම ගම්මාන වලට ඇතුල් වන අතර කිසිදු වැසියෙකුට සවස් කාලයේ නිවෙස් වලින් පිටවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටයි.

එමෙන්ම ගෙවතු වල වගා කොට ඇති පොල් කෙසෙල් ආදි සියලු වගාවන් විනාශ කරන අතරම වල් අලින් එලවා දැමීමට නොහැක්කේ මිනිසුන් පසු පසද එලවන නිසාවෙන් එම ගම්මාන වල වැසියන්ට දැඩි බියකින් ජීවත්වීමට සිදුව ඇත.

පවතින තත්වය පිළිබ අවස්ථා ගණනාවකදී වනජීවි නිලධාරීන් දැනුවත් කරද මේ දක්වා විසුඳුමක් නොමැති අතර ඇතම් අවස්ථාවල වල් අලින් ගමට ඇතුල් වී සිදු කරන විනාශයන් නැවත්වීමට 119 හදීසි දුරකතන අංකයට අමතා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබා ගැනීමට සිදුව ඇතයි එම ගම්මාන වල වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

868 Viewers
Main News