වව්නියා දුම්රියපල උණුසුම්.. පොලීසියත් පැමිණේ..

September 24, 2017 at 12:40 pm | lanka C news
වව්නියා දුම්රියපල උණුසුම්.. පොලීසියත් පැමිණේ..

කොළඹ සිට යාපනය දක්වා ඊයේ (23) රාත්‍රි පැමිණි සීග්‍රගාමී දුම්රිය යාපනයට ධාවනය නොකොට වව්නියාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් 300 කට ආසන්න පිරිසක් අතරමංව දැඩි නොසන්සුන් තත්වයක් ඇති වූ අතර වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කරනු ලැබීය.

පොල්ගහවෙලදී ඊයේ (23) දුම්රිය පීලිපැනීම නිසාවෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර කොළඹ සිට යාපනය දක්වා පැමිණ සීග්‍රගාමී දුම්රිය පොල්ගහවෙලදී නවත්වා පසුව පැය කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුව බස් රථ මගින් පොල්ගහ වෙල සිට මහව දුම්රිය ස්ථානය දක්වා සීග්‍රගාමී දුම්රියේ පැමිණි මගීන් රැගෙනවිත් මහව දුම්රිය ස්ථානයෙන් දුම්රියක් ලබා දී මගීන්ට ටිකට්පත්ද නිකුත් කොට ඇත්තේ යාපනය කන්කසන්තුරේ දක්වා ගමනාන්තය සඳහන් කරමිනි.

කෙසේ වෙතත් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී එම මගීන්ට නිවේදනය කොට ඇත්තේ අදාල දුම්රිය යාපනයට ධාවනය නොවන බවටත් වව්නියාව දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වන බවටත්ය එම නිවෙදනයද සිංහල භාෂාවෙන් පමණක් නිවේදනය කොට ඇති හෙයින් දුම්රියේ පැමිණි දෙමළ වැසියන් වව්නියාවේදී කිසිවක් නොදැන අතරමං වීමෙන් මෙම උණුසුම් තත්වය හට ගැනුනි.

වව්නියාවේදී මගීන් කියා සිටියේ තමන් රුපියල් 1500 ක් ගෙවා යාපනයට යන්නට පිටත්වුවද පැය 12 ක් ඒ වන විටත් ප්‍රමාද වී ඇති අතරම ගැබිනි මව්වරුන් හා කුඩා ළමුන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින බවටත් අනුරාධපුරෙන් නිවෙදනය කළ පණිවුඩය වව්නියාව දුම්රිය ස්ථානයට දැනුම් දී නොමැති බවටත් දුම්රිය හිතුමතේට ගමන් නවත්වා ඇති හෙයින් තමන්ට යාපනයට යාමට අවස්ථාවක් සලසා දෙන ලෙසටත්ය.

පසුව වව්නියාව පොලීසිය පැමිණ මගීන් සමග සාකච්ඡා කොට පැය දෙකකට පසුව යාපනය දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රිය මගින් ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,257 Viewers

3 Comments to “වව්නියා දුම්රියපල උණුසුම්.. පොලීසියත් පැමිණේ..”

  1. ඇත්ත says:

    සිංහල දෙමළ ජනතාවට අති ප්‍රශ්න මෙන්න මේවයි. සුමන්දිරන්ලට….සම්බන්ධන්ට….විග්නේශ්වරන්ට නැත්තේ මේ ප්‍රශ්නයි….

  2. daham says:

    lokka surangana sihina dakimin videsa savariye. aneka american pragramme eka diyath karamin innawa. ratama maha viyawulaka. mahindawa pannala athi kara gathha yaha paalane maru neda?

  3. David Milli-Banda says:

    Aiyo poddak inna. Janadhipathi Niagara falls savariyaka gihilla. Eya ena kam.
    Danata gamaralaya saha pawula Niagara savariyaka inne. Poddak Vauniyawe inna eya enakam.

Main News