වවුනියාවේදී ත‍්‍රීවිලයක් දුම්රියක හැපී අයෙක් මරුට.. යාපනේදී හෙණ වැදී අයෙක් මරුට..

August 15, 2017 at 12:40 pm | lanka C news
වවුනියාවේදී ත‍්‍රීවිලයක් දුම්රියක හැපී අයෙක් මරුට.. යාපනේදී හෙණ වැදී අයෙක් මරුට..

කොලඹ සිට යාපනය බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට වව්නියාව තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානය අසල ඊයේ (14) සවස පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රී රෝද රථයක් ගැටීම හේතුවෙන් තරුණයෙකු මිය ගිය බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට ඊයේ සවස 4.30 ට පමණ තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රී රෝද රථයක් ගමන් කිරීමට ගත් උත්සහයේදී මෙම අනතුර සිදුව ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

අනතුර සිදු වූ ස්ථානය අනාරක්ෂිත වන අතර දුම්රිය ගෙට්ටුවක් හෝ ආරක්ෂකයෙකුත් නොමැති හෙයින් මෙම අනතුර සිදුවූ බවටත් මෙම ස්ථානයේදී මීට පෙරද මෙවැනිම අනතුරු සිදු වූ බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

මේ අතර හය මසකට පසුව යාපනය ඇදහැලුනු වර්ෂාව සමග ඇති වූ අකුණසැර වැදීමකින් අද (15) අළුයම පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය ගුරු නගර් ප්‍රදේශයේ පදදිංචි එස්.පැට්‍රික් නැමිති 28 හැවිරිදි පුද්ගලයා වර්ෂාව ඇදහැලුනු අවස්ථාවේදී මාර්ගයක ගමන් කරමින් සිටි අතර එම අවස්ථාවේ ඇදහැලුනු වර්ෂාව් සමග ඇති වූ අකුණසැර වැදීමකින් අදාල පුද්ගලයා මිය ගොස් ඇත.

අකුණසැර වැදීමෙන් සු අදාාල පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කරද ඒ වන විටත් මිය ගොස් සිටි බවට යපෙනය රෝහල් ප්‍රකාශයකයෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය හය මාසයක් පුරාවට යාපනය වර්ෂාව නොමැති වීමෙන් දැඩි නියං තත්වයක් ඇති වූ අතරම උතුරු පලාතේ නියං තත්වය වැඩි වශයෙන්ම බලපෑවේ යාපනය දිස්ත්‍රීක්කයටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,546 Viewers

3 Comments to “වවුනියාවේදී ත‍්‍රීවිලයක් දුම්රියක හැපී අයෙක් මරුට.. යාපනේදී හෙණ වැදී අයෙක් මරුට..”

  1. Raj Gophal says:

    Wijayakala nevei neda?

  2. සුදේශ් says:

    මේක අනිවාර්යෙන්ම දුම්රිය රියදුරාගේ වැරැද්ද මිනිහා වැරදි පැත්තෙන් ඕවටෙක් කරලා බලන්නේ නැතිව පාර හරහා දාල .
    අනේ ඇත්තටම ත්‍රිවිල් සමාජ උවදුරක් දක්වාම දියුණු වෙලා .දැන් පාරේ වාහනේකට හිමින් යන්නත් බෑ ත්‍රිවිල් චන්ඩි ඒ වාහනේ නවත්තලා ගහන්න යනවා .පාර හරහා දාන්න බෑ ඈතින් ත්රිවිලයක් ආවත් අර වාහනේ රියදුරාට අමු තිත්ත කුණ හරුපයෙන් බනිනවා .තම වාහනයේ තිරිංග තද කරලා ත්රිවිලයක් පසුපසින් හැප්පුවත් වැරදිකරු ඉදිරිපස වාහනයේ රියදුරු ඒ මිනිහට ගහන්න යනවා බ්රේක් ගැහුවා කියල . ත්‍රිවිල් රියදුරන් මාර්ග නීති කැඩීම් කරන්නේ පුදුම සාහසික විදිහට පසුගිය දවසක මම දැක්කා ට්‍රැෆික් වෙලාවක ත්‍රිවිල් පාරේ පදික වේදිකාව දිගේ ධාවනය කරනවා .දොස්තරලා අධිකරණ විනිසුරුවන් වගේ චරිත පවා මේ ත්‍රස්තවාදීන්ගෙන් පහර කාල තියෙනව .රජයන් මොනවද මේ ගැන ගන්නා පියවර . රටක මහාමාර්ග වල ත්‍රස්තවාදය පතුරුවන්න මේ නරුම මිනිසුන්ට තවදුරටත් ඉඩදෙනවද?
    වහාම මේ මුර්ගයන් මෙල්ල කිරීමට සැලසුම් සහගත ප්‍රවේශයක් අවශ්‍යයි .මෙය මාර්ග නීති පිළිපැදීම පිලිබඳ ප්‍රශනයක්ම පමණක් නොවේ රටේ අපරාද වැඩිවීම ,චන්ඩි කම් කිරීම ,නීතිගරුක මහජනතාව බලහත්කාරකමින් කුණුහරුප වලින් තර්ජනයෙන් බිය කිරීම් හා තරුණියන්ට ලිංගික බලහත්කාරකම් කිරීම අශිලාචාර විහිලු කිරීම් සහ විවිද ලිංගික තර්ජන කිරීම බලපෑම් කිරීම ආදී විවිද විෂම ක්‍රියා සම්බන්ද ප්‍රශනයක් .සමාජයේ අද සිදුවන බොහෝ අපරාද වලට මේ ත්‍රිවිල් සම්බන්දයි .එනිසා වහාම රජය මේ ත්‍රිවිල් සංගම් වලට බයේ නොසිට වහාම මේ මුර්ගයන්ට විරුද්දව දැඩි පාලනයක් ගෙන ආ යුතුයි .
    නැතිනම් නුදුරු අනාගතයේම මේ රට දකුණු අමෙරිකානු රටවල මෙන් මහාමාර්ගයේ ත්‍රස්තවාදය තිබෙන රටක් බවට පත්වේවි .එසේම වහාම තවදුරටත් ත්‍රිවිල් ගෙන එම නවතනු එසේම ත්‍රිවිල් සඳහා අමතර කොටස් වලද අදික බදු පනවනු ,ත්‍රිවිල් කරුවන් කරන බලහත්කාරකම් මත ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරනු

Main News