වවුනියාවේ සුපිරි වෙළඳසැල් 03 ක් එකම දිනකදී කොල්ලකයි…

July 12, 2018 at 2:05 am | lanka C news
වවුනියාවේ සුපිරි වෙළඳසැල් 03 ක් එකම දිනකදී කොල්ලකයි…

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 03 ක් (10) කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

කුරුමන්කාඩු ප්‍රදේශයේ එකට පිහිටි වෙළඳසැල් 3 කට 10 රාත්‍රි‍යේ කිසියම් කොල්ල කල්ලියක් අගුලු කඩා ඇතුල් වී ඇති අතර ඇතුල් වූ කල්ලිය විසින් වෙළඳසැල්හි තිබූ මුදල් හා භාණ්ඩ සියල්ලක්ම රැගෙන ගොස් ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය කියා සිටියේය.

අදාල වෙළඳසැල්හි හිමිකරුවන් රාත්‍රියේ වෙළඳසැල්තුල නොසිටින අතර 11 උදෑසන වෙළඳසැල් විවෘත්ත කිරීමේදී වෙළඳසැල්හි අගුල් කඩා භාණ්ඩ රැගෙන ගොස් තිබීම නිසාවෙන් ඒ පිළිබඳව වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් කොල්ල කල්ලිය කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර කොල්ල කා ඇත්තේ දුරකතන අලෙවිසැලත් ,සිල්ලර වෙළඳසැලක් හා විසිතුරු භාණ්ඩ වෙළඳසැලක් වන අතර සිදුව ඇති පාඩුව මෙතෙක් ගණණය කොට නොමැති අතරම සැකකරුවන් සොයා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇති බවටද වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,355 Viewers
Main News