වසර 52ක බිදී.. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාව රාජිත සතුකර ගනී…

December 26, 2016 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
වසර 52ක බිදී.. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාව රාජිත සතුකර ගනී…

ඇමති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරය දරන ලද 2016 වසරේදී මෙරට වැඩිම ඩෙංගු රෝගින් ගණන වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

‘2016 දෙසැම්බර් 22 දිනට ලංකාවේ වාර්තා ගත වුණු ඩෙංගු රෝගින් ගණන 49,930යි. අද වන විට එය 50,000ත් පැනලා. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට 1964න් පසු වාර්තා වුණු ඉහළම රෝගින් සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2016 දී.

මෙයින් 50%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පලාතෙන්. ඊට හේතුව තමයි කසළ බැහැර නොකිරීම. පලාත්පාලන ආයතන මහජන නියෝජිතයින් පාලනය කරන විට මහජන විරෝධයට බියෙන් නිසි කළට කසල බැහැර කළා. නිලධාරින් කවදාවත් මහජනතාව ඉදිරියට නොයන නිසා ඒ පීඩනය නිලධාරින්ට නෑ. ඒකයි රට පුරා කසල කඳු ගොඩ ගැහෙන්නේ. ආණ්ඩුව ඡන්ද තියන්න බය ඇයි කියලා අපට තේරුම් ගන්න පුළුවන්. පුංචි ඡන්දය පවත්වලා මහජන නියෝජිතයින්ට ඒ ආයතන භාර දෙන්න බය නම් අඩුම ගණනේ ඩෙංගු මර්දනයට අවධානය යොමු කරන්න. විපක්ෂ මර්දනයට යට කරන කාලය ධනය ශ්‍රමය මදුරු මර්දනයට යොමු කලොත් බොහොම පහසුවෙන් ඩෙංගු සටන ජය ගන්න පුළුවන්’

– අරවින්ද අතුකෝරල

5,434 Viewers

3 Comments to “වසර 52ක බිදී.. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාව රාජිත සතුකර ගනී…”

  1. gadol says:

    බස්නාහිර වැඩියම කුනු ක‍රන්නේ ඉන්දියාවෙන් ආපු මරක්කලයෝ සහා දෙමලුන් මුන්ට පිරිසුදුවට ඉන්න දන්නේ නැහැ

    • pura vasiya says:

      ඩෙංගුවලට ජාති භේදයක් නැහැ මිත්‍රයා.රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන දුර්වලකම් නිසා තමයි මෙසේ සිදුවන්නේ.රාජ්‍ය නිළධාරීන් ඩෙංගු පතුරවන්නන්ට එරෙහිව තදින් ක්‍රියා කල යුතුයි.අඩ නින්දේ පසුවන බලධාරීන්ගෙන් ඩෙංගු තුරන් කිරීම විමසීමත් විහිලුවක් මිත්‍රයා..

Main News