ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…

March 12, 2017 at 3:50 pm | lanka C news
ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…

වසර 2500 ක් පැරණි ඉතිහාසයක් ඇති ශ්‍රීලංකාවේ බෞද්ධාගම සෑමවිටම පාලකයින් විසින් ප්‍රමුඛස්ථානය දී කටයුතු කලහ. 1815 දි මහනුවර රාජධානිය ඉංග්‍රීසින්ට විසින් යටත් කොට ගත් වුවද ශ්‍රී දළදා මාලිගාව ඇතුළු අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් ට අවශ්‍ය ඉහළම ගරුත්වය හා සැලකිල්ල ලබාදීමට කටයුතු කල අතර සුදු පාලකයින් විසින් නිරන්තරයෙන්ම බෞද්ධාගම අවශ්‍ය පහසුකම් එකල අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් මහා නායක හිමිවරුන් හරහා ලබාදීමට කටයුතු කලහ.

එහෙත් පසුගිය දා මල්වතු පාර්ශවයන් සහ අස්ගිරි පාර්ශවයයේ මහා නාහිමිපාණන් වහන්සේලා ඇතුලු ප්‍රධාන නාහිමියන් සඳහා ඇනවුම් කිරිමට නියමිතය තිබු වාහන සඳහා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඔහුද අපහසුතාවයට පත් කරමින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනට ඇති වාහනය ප්‍රමාණවත් යයි පවසා ප්‍රතිකේෂ්ප කල බව සතින් අන්ත පුවත් පත් වාර්තා කරයි.

මෙහිදී විශේෂත්වය වනුයේ නාහිමිපාණන් සඳහා වාහන ලබාදිමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතිකේෂ්ප කරමින් රජයේ අමාත්‍යවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා මේසා විශාල වාහන සංඛ්‍යාවක් තිබියදි තවත් කෝටි ගනනක වාහන මිලදි ගැනිමට පසුගිය සතියේදී අනුමැතිය ලබා දිමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය නොසලකා එය සුරකින ජාතියේ මුර දේවතාවන් වන ගරුතර නාහිමිපාණන්ගේ අවශ්‍යතාවයන් නොසලකා හැරිම සහ දෙවෙනි කොට සැලකීමයි මෙන්ම උන්වහන්සේලා අපහසුතාවයට පත්කරමින් මෙවෙනි අමාත්‍ය මණ්ඩල යෝජනා ඉදිරිපත් කොට අන්‍යාගමිකයයින් ගේ සමච්චලයට ලක් කිරීම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි ආණ්ඩුක්‍රමයක් ඇති රටක සුදුසු ද යන්න බෞද්ධ ජනතාව විමතිය පල කරයි.

අමාත්‍යවරුන් සඳහා මේ අවුරුද්දේ වෙන් කල මුදල් මෙතනින්

21,735 Viewers

14 Comments to “ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී තිබු ප්‍රමුඛස්ථානය අමාත්‍ය මණ්ඩලය විසින් ඉතිහාසයේ පලමුවරට බාලදු කරයි…”

  1. රාජ්‍ය සේවක says:

    මෙහිදී මෙම අමාත්‍ය මණ්ඩල මණ්ඩල පත්‍රිකාව ප්‍රතිකේෂ්ප කරමින් රජයේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර. රවි කරුනානයක දොස්තර රාජිත සේනාරත්න වැන්නන් පවසා ඇත්තේ මේ ඔක්කෝම මහින්ද රාජපක්ෂ කරපු අනවශ්‍ය වැඩ. මේවාට අපිට අනුමැතිය දෙන්න බැහ යනුවෙනුයි.
    “මෙහිදී විශේෂත්වය වනුයේ නාහිමිපාණන් සඳහා වාහන ලබාදිමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතිකේෂ්ප කරමින් රජයේ අමාත්‍යවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා මේසා විශාල වාහන සංඛ්‍යාවක් තිබියදි තවත් කෝටි ගනනක වාහන මිලදි ගැනිමට පසුගිය සතියේදී අනුමැතිය ලබා දිමයි”.

    • Amda says:

      පර සුද්දවත් මේ රටට නොකරපු වින්නැහි මුන් කරන්නේ

      • ගිරවා says:

        අපේ රටට පිළි මල් වන සතුරු මුල
        අපේ අයම නම් බිදනෙමු උන්ගේ බල
        අපේ මුතුන් මිත්තන් මල සොහොන් වල
        පිපේ එවිට ජාතික අභිමාන මල

  2. පොඩි සාධු says:

    අපේ රටේ මා නාහිමිවරුන්ට මෙසේ අපහාස කිරීම නින්දිතයි. දෙන්න අකැමැති නම් මොකටද මල්වතු පාර්ශවයන් සහ අස්ගිරි පාර්ශවයයේ මහා නාහිමිපාණන් වහන්සේලා ඇතුලු ප්‍රධාන නාහිමියන් සඳහා වාහන දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ. මේක සුද්දාගේ කාලයේ වත් නොකළ මහා සක්කිලි වැඩ.

  3. දෙශප්‍රෙමියා says:

    මේ රටේ බෞද්ධයන්ට සලකන හැටි මෙයින්ම පේනවා.

    • Sihala Yaka - සිහල යකා says:

      ලොකු හමුදුරුවන්ට මොකටද නව වාහන . මල්වතු අස්ගිරි කියන්න කෝටි පතීන්. ඔය ඕන තරම් දායකයොත් ඉන්නෙ?
      පොඩි පන්සලකට වතුර පොම් පයක් අරන් දෙනව නම් ඊට හොඳයි.

      මෙතන එකම ගැටලුව ඒව නවත්වලා දේශපාලකයන්ට වාහන ගෙන්වන එක​.

  4. උඩමලුවේ සමිත says:

    “අද වන විට රජය විසින් පනවා ඇති බදු බර ජනතාවට දරාගත නොහැකි නිසා බදු අඩු කර සහන ලබා දෙන්නැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට කියා සිටියහ”.
    රවියා උග්‍ර කතෝලිකයා ඒකයි මේක නොදුන්නේ. අනික මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ රවිට දොස් කිව්වලු.

  5. Gamage says:

    ආණ්ඩුව හාමුදුරුවෝ විහිලුවට අරන්.

  6. "සේනාධි චතුර පුතා" says:

    අද අප රටට ආවේනික පරපුර ඉදිරියට ගෙනයන “පන්සිල් පද පහ..මෙන්න”

    1. සතුන් නොමරමු … ඒත්…. මිනිස්සු මරමු! ගෙරිමස් දානයට වළඳිමු..!
    2. අනුන් සතු දේ හොරකම් නොකරමු .. ඒත්… කප්පම් ගහමු.. පගා එලිපිට ගහමු !
    3. කාමයේ හැසිරීම වැලකෙමු.. ඒත්… සමලිංගික වෙමු..! ඒඩ්ස් බෙදාගමු,, ගබ්සා කරගමු..!!
    4. බොරුකීමෙන් වැලකෙමු… ඒත්… පාර්ලිමේන්තුවේ සුදු නූල් දකුණත බැඳගෙන බොරු කියමු..!
    5. මත්පැන් බීමෙන් වැලකෙමු… ඒත්… සුදු නූල් දකුණත බැඳගෙන ගංජා අබිං පිටරට විස්කි දූදරු ඉදිරිපිටම බොමු..!
    කෝ අද ඔය කියවන බෞද්ධකම…!
    2500 ඉපැරණි පිරිත “සිංහල” බසට හරවල කියනව යුගයක ධර්මද්වීපය මුස්ලම්ද්වීපයක් බවට ඉබේම පරිවර්තනය වෙලා ඉවරය..කහවත ඇඳි අයම!

  7. CAT says:

    අගමැති JOKER වගේ සෑම විටම බුදු දහමට විහිළු කරමින් කතා කරන්නේ?
    හනුමා යාග කරන අගමැති කෙනෙක් සහ තිරුපති යදින ජනපති සිටින රටේ බෞද්ධාගමට බාල්දු කිරීම පුදුමයක්ද ?
    පුදුමය මේ රටේ මහජාතියවූ බෞද්ධ ජනතාවට වත්මන් රජයේ බෞද්ධ විරෝධි බව නොවැටහිමය

  8. leel says:

    ඉහල ඉදන් පහලට නපුන්සකයො…සමරිසියො….ඉන්න ආන්ඩුවකින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය හැකිද ?

  9. සිසිර says:

    බුදුදහම ආරක්ෂා කරන්න සුපිරි වාහන ඕන ද? බුද්ධ සාසනය මෙච්චර විනාශ වෙත්දී මුනිවත රකින මහානායක ලට කුමට සැප

  10. Nandasoma says:

    අද අප රටට ආවේනික පරපුර ඉදිරියට ගෙනයන “පන්සිල් පද පහ..මෙන්න”

    1. සතුන් නොමරමු … ඒත්…. මිනිස්සු මරමු! ගෙරිමස් දානයට වළඳිමු..!
    2. අනුන් සතු දේ හොරකම් නොකරමු .. ඒත්… කප්පම් ගහමු.. පගා එලිපිට ගහමු !
    3. කාමයේ හැසිරීම වැලකෙමු.. ඒත්… සමලිංගික වෙමු..! ඒඩ්ස් බෙදාගමු,, ගබ්සා කරගමු..!!
    4. බොරුකීමෙන් වැලකෙමු… ඒත්… පාර්ලිමේන්තුවේ සුදු නූල් දකුණත බැඳගෙන බොරු කියමු..!
    5. මත්පැන් බීමෙන් වැලකෙමු… ඒත්… සුදු නූල් දකුණත බැඳගෙන ගංජා අබිං පිටරට විස්කි දූදරු ඉදිරිපිටම බොමු..!
    කෝ අද ඔය කියවන බෞද්ධකම…!
    2500 ඉපැරණි පිරිත “සිංහල” බසට හරවල කියනව යුගයක ධර්මද්වීපය මුස්ලම්ද්වීපයක් බවට ඉබේම පරිවර්තනය වෙලා ඉවරය..කහවත ඇඳි අයම!

  11. චන්දා says:

    ආණ්ඩුවක් උනත් පාන්ඩුවක් උනත් දැන් බලයේ ඉන්නේ ලක් වැසි බහුතර ජන කැමැත්තෙන් බලයට පත් කරපු නඩයකි. ඒවා මේවා කියමින් මොක්කු බෙරිහන් දුන්නත් දැන් ඇති වැඩක් තිබේද ?

Main News