ව්‍යවස්ථාව වනසා ඡන්දය කල් දැමූ හැටි හිටපු අගවිනිසුරු නූලට පහදයි.. හිරු සලකුණ නෝ හෙල්ලුම්.. [Video]

October 3, 2017 at 10:00 am | lanka C news
ව්‍යවස්ථාව වනසා ඡන්දය කල් දැමූ හැටි හිටපු අගවිනිසුරු නූලට පහදයි.. හිරු සලකුණ නෝ හෙල්ලුම්.. [Video]

පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ක්‍රියාමාර්ගය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය සතියේදී ගොනු කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් ඔහු ගත් එම පියවරට පාදක වූ සියලු නෛතික කරුණු මෙන්ම එම පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ගත් ක්‍රියාමාර්ගය නිසා මේ රටේ සමස්ථ පුරවැසියන්ට, ජාතියට මෙන්ම රටට සිදු කල හානිය ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ ” සලකුණ” වැඩසටහනට සහභාගි වෙමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා කාලීන වැදගත් විවරයක යෙදුණු හ.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය මනා ලෙස පැහැදිලි කිරිමක් ඔහු විසින් පුරා පැය දෙකක් පමණ වැඩසටහන මෙහෙය වූ සුදේව, රංගන සහ දම්මික ගේ බෑරරුම් තර්ක එකිනෙක ඉතා මනා සංයමයකින් පැහැදිලි කිරීම මෙන්ම මෙම වැඩසටහන මෙරටේ සිටින පක්ෂ විපක්ෂ සෑම පුරවැසියෙකුටම විශ්ව දැනුමක් මෙන්ම අවබෝධයක් මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම මෙතෙක් ස්වාධීන මැතිවරණ කොමිසමේ විකාශනය හා එහි වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය ගේ ක්‍රියාකාරකම් සහ හැසිරිම් හරහා ඔහුගේ පෞද්ගලික අරමුණ ඉටුකර ගැනිමට මහින්ද රාජපක්ෂ යුගයේ සිට ක්‍රියා කල ආකාරය ජනතාවට කරුණු පැහැදිලි කලේ ය.

වීඩියෝව මෙතනින්

24,602 Viewers

5 Comments to “ව්‍යවස්ථාව වනසා ඡන්දය කල් දැමූ හැටි හිටපු අගවිනිසුරු නූලට පහදයි.. හිරු සලකුණ නෝ හෙල්ලුම්.. [Video]”

  1. ඇත්ත says:

    ඉතා හොඳ නීති තර්ක ටිකක් ටිකක් හිටපු අගමැතිතුමා ඉදිරිපත් කරනවා.නමුත් පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තර්ක වලට වලංගුතාවයක් ලබා දෙන්න බැහැ.ඉදිරියේ දී සම්මත කරන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ අඩු පාඩු සම්පූර්ණ කර ගන්න බලන්න ඕනේ.සරත් නන්ද සිල්වා මහත්තයා තර්ක කරන විදිහට දහනවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඉවත් කර 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක ඇයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.

    • Nuwan says:

      1946 සෝල්බර් ව්‍යවස්ථාන ඉවත් කරල සිරිමාවෝ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරල තියෙන්නේ වැරදි කාර්ය පටිපාටියට කියල හිටපු අගවිනිසුරැතුමා තර්ක කරන්නෙ කවද්ද කියලයි අපි බලාගෙන ඉන්නෙ….ඒ අනුව 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරදියි ආයෙත් සෝල්බරි යමු ….නඩු අහන්න එංගලන්තෙ රාජාධිකරණයට යමු…මොකද නීති විද්‍යාලයේ සිංහලෙන් නීතිය උගන්නපු එකත් සරත් සිල්වා හිටපු අගවිනිසුරැතුමා ඉවත් කරලනේ අගවිනිසුරැතකමෙන් ඉවත් වෙලා ගියේ. ඒ අනුව ගම් වල දරැවන්ට සිංහලෙන් දැන් නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයේ අවස්ථාව නෑ. 1971 ඉදල 2010 වෙනකම් සිංහලෙන් නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයේ අවස්ථාව තිබුණා. ගම්බද දරැවන්ට නීතිය සිංහලෙන් ඉගෙන ගන්න තිබ්බ අවස්ථාව අහිමි කරග දැන් ජනතා පරමාධිපත්‍ය..ඡන්ද බලය ගැන කථා කරන එකත් එක අතකින් හොදයි. අනේ කාලේ වනේ වාසේ…..

  2. ඇත්ත says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය නොපැවැවීම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් නොවේ….

  3. ඇත්ත says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරමාධිපත්‍යයට අයත් ඡන්ද වන්නේ …,
    1. ජනාධිපතිවරණය
    2. පාර්ලිමේන්තු මැතිවරණය සහ
    3. ජනමත විචාරණය
    පමණි.(මේ ටිකවත් නොදන්නා ….. විශාරදයන් කුමටද?)

  4. සරත් සහ කල්‍යාණ says:

    ප්‍රාදේශීය සභා , නගර සභා මහ නගර සභා සහ පළාත් සභා මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවේ ඡන්ද බලය හිමි පරමාධිපත්‍යයට අයිති නැද්ද?

Main News