ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව ගැන අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් මන්ත්‍රීවරුනට අවස්ථාව..

November 9, 2017 at 2:06 am | lanka C news
ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව ගැන අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් මන්ත්‍රීවරුනට අවස්ථාව..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ මැති ඇමතිවරුන්ට අදහස් දැක්වීම සඳහා මුලින් වෙන්කර තිබූ දින තුනට අමතරව පසුගියදා තවත් දින දෙකක් වෙන්කිරීමට කතානායකවරයා තීරණය කළේ ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් තුළ තිබූ විශාල උනන්දුව හේතුවෙනි.

අද වන විට වනවිට පස්වන දිනටත් ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර පස්වරු 6.30 ට පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වීමට මන්ත්‍රීවරු ඉදිරිපත්ව සිටියහ.

මේ පිළිබඳ ව අවධානය යොමු කළ කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා සහ සභානායකවරයා සමඟ ද සාකච්ඡා කර සභාවේ අදහස් විමසීමෙන් පසුව තීරණය කළේ අයවැය විවාදයෙන් පසුව සෙසු මන්ත්‍රීවරුන්ටද ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව පිලිබඳ අදහස් පළ කිරීමට තවත් දිනයක් වෙන් කිරීමටයි.

– චමින්ද ගමගේ

477 Viewers

2 Comments to “ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව ගැන අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් මන්ත්‍රීවරුනට අවස්ථාව..”

  1. Sugathapala says:

    We you work correctly. You may remember Gamini Jayasuriya worked.

  2. ජංගිය හැලුනම ඉලාස්ටික් මොකටද හෙලුව රටටමන් ප්‍රදර්‍ෂනයවී හමාරයි????????????

Main News