ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් නම් කර එවා නෑ..- කතානායක

October 6, 2018 at 6:28 am | lanka C news
ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් නම් කර එවා නෑ..- කතානායක

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත් කිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම..

19 වන සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 10 කි.

එම දසදෙනා අතරට නිල බලයෙන් පත්වන සාමාජිකයන් තිදෙනෙකි.

ඒ කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ය.

එහි තවත් එක් සාමාජිකයෙකු ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබේ.

තවත් සාමාජිකයන් පස් දෙනෙකු අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් නම් කරනු ලැබිය යුතුය. (එම පස් දෙනා අතරට සිවිල් සමාජයෙන් නියෝජිතයන් තිදෙනෙක්ද ඇතුලත් විය යුතුය.)

මේ හැරුණු කොට තවත් එක් සාමාජිකයෙකු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂ හා කණ්ඩායම් වෙනුවෙන් එම පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කළ යුතුය.

මේ අනුව, ඉහත ව්‍යුහය සඳහා වන අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කළ යුතු සාමාජිකයන් පස්දෙනා සහ සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කළ යුතු සාමාජිකයා පිළිබඳව අවසන් තීරණයක් ගරු කථානායකතුමන් වෙත මේ දක්වා ලැබී නොමැත.

එසේ ලැබුණු වහාම ගරු කථානායකතුමා විසින් අදාල පත් කිරීම් සඳහා එම නාමකරණයන් ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යවනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

2,581 Viewers

One Comment to “ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් නම් කර එවා නෑ..- කතානායක”

  1. සිංහල කොන්ග්‍රස් says:

    අද අගමැති, කතානායක, විපක්ෂ නායක ඔක්ක‌ොම එකම ජනාධිපති පත් ක‌ොර ගත්ත ‘හන්ස’ කන්ඩායම‌ේ ක‌ොටස්. ඒත් මුන්ට ව්‍යවස්ථාදායක සභාව පත් ක‌ොර ගන්න බැහැ. ඉතින් රට එක තැන පල් ව‌ෙලා ආය‌ෝජක විසවාසය නැති ව‌ෙලා රුපියල වැටිල රට‌ේ ආර්තිකය වැට‌ෙන එක කියන්නත් ද‌ෙයක්ද?

Main News