වාචාලයන් පරාදයි.. ජනාධිපති-අගමැති ප‍්‍රතික්‍ෂෙපයි..

February 13, 2018 at 8:02 am | lanka C news
වාචාලයන් පරාදයි.. ජනාධිපති-අගමැති ප‍්‍රතික්‍ෂෙපයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කර  ජනතා අයිතිවාසිකම් කප්පාදු කල රජයට ජනතාව කතිරෙන් පිළිතුරු දුන්නා.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරමින් ජනතා අයිතිවාසිකම් කප්පාදු කල රජයට, කතිරයෙන් පිළිතුරු දුන් ජනතාවට අප සංවිධානයේ ස්තුතිය ප්‍රකාශ කරමු.

පොල් ගෙඩියක් රුපියල් 100 කටත් හාල් කිලෝවක් රුපියල් 120 කටත් මිලදී ගැනීමට පසුගිය කාලයේ ජනතාවට සිදුවිය. එම යථාර්තය අමතක කිරීම සදහා වාචාල දේශපාලකයන් යොදා ගනිමින් කටයුතු කල ආකාරය පිලිබදව ජනතාව බලා සිටියේ උපේක්ෂා සහගතවය.

බෙහෙත්  මිල අඩුකළ බවට ජනතාවට දැන්වීමට රජයේ මුදල් කෝටි 20 ක්   වාචාල ඇමතිවරයා  වියදම් කළේය. පාරිභෝගිකයෙක්  අසාධාරණයට පත් වූ විට පැමිණිලි කිරීමට තිබු පාරිභෝගික අධිකාරිය අක්‍රීය කළේය.

රජයට කඩේ නොගිය සිවිල් සංවිධාන වලට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් දුන්නේ නැත. ඒවායේ ප්‍රතිඵල අද රජය භුක්ති විදී.

ජනතාව පැහිදිලිවම දේශපාලන වෙනසක් ඉල්ලා සිටින බව පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලිය. විශේෂයෙන්ම ජනාධිපති වරයා හා  අගමැතිවරයාද ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. කොමිෂන් වාර්තා මගින් ජනතා අප්‍රසාදය වලක්වාගනිමින් තම ඡන්ද ගොඩ  වැඩිකර ගැනීමට ජනාධිපතිවරයා ගත් උත්සහයද ව්‍යර්තවී ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර ජනතාවට සහන දීම සදහා රජය අද සිට කටයුතු යුතුය. පාරිභෝගික අධිකාරිය භාර හා සුව අමාත්‍යංශය භාර වැඩ බැරි ටාසන්ලා වහා ඉවත් කල යුතුය. මෙම මැතිවරණයෙන් ජනතාව ඉල්ලා සිටින්නේ එයයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

20,712 Viewers

8 Comments to “වාචාලයන් පරාදයි.. ජනාධිපති-අගමැති ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. නැවුම් මාවත says:

    එක්සත් ජාතික පක්ෂයට උදාවී ඇති මහා කඩා වැටීමට හේතුව එම පක්ෂය බෙදුම්වාදී මාවතක ගමන් කිරීමයි ,එසේම බටහිර ගැති ප්‍රතිපත්තියක ගමන් කිරීමයි ,එහි වර්තමාන චරිතයන්ද කිසිම චාරයක් නැති ලුම්පන් පන්තියට විහිලු සපයන කුණුහරුප විහිලු කරන රටටම හෑල්ලු වුනු දේශපාලන තොත්ත බබාලාය .
    “පාඨලී ” නම කි සැනින් දේශප්‍රේමය පෙන්වන උගත් නැණවත් පැහැදිලි ඉදිරි දර්ශනයක් ඇති ඉතාමත් හොඳ විශ්ලේෂණ හැකියාවක් ඇති නායකයෙකි . අද එක්සත්ජාතික පක්ෂයට අවශ්‍ය අන්න ඒ දේශප්‍රේමී මාවතයි එක්සත් ජාතික පක්ෂයේ අගමැති වියයුත්තේ බංකොලොත් විහිලු චරිත නොව නැණවත් උගත් දේශප්‍රේමී
    “පාඨලී ”
    බහුතර එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ පැතුම ඔහුයි .

    • NAK says:

      Patali is a wolf in sheep’s cloth and you sound like one of his sex slaves!
      There is no point talking about his patriotism now as the whole country knows about his patriotism. The better it is not talking about his other qualities.
      Patali is a pretender who seem to think he can out think everybody else and that is his downfall.

      • Gajaba says:

        Mu hemin muttiya Danawa. UNP Eke Labba Hamba wei pachayata. Sihina Agamethi. Muyi Ratanayai Rata Kewa.

    • ජනක says:

      මෙච්චර කල් හැංගි හැංගි ගේම දීලා පචයා එහෙනම් දැන් එළිපිටම unp නායකත්වය ගන්න වැඩේට බැහැලා .හෙන්චයියෝ කුලී ගෙවල ලියන්නත් දාල .
      නියමයි පචයා ඔය දේ කරන බව අපි කිව්වා හෙලඋරුමයේ අපිට ගේම දුන්නු විදියට තමා මූ unp එකේ නායකයන්ටත් වැඩේ දෙන්නේ කියල අපි කිව්වා

  2. Nim says:

    OBA HARIYATAMA HARI
    SIYALU SAMAJA SANVIDANA
    AKATHUWELA RAJAYATA
    GEDARA YANA LESA
    BALA KARA YUTHU AWASTHA WA
    UDA WELA ATHA.

  3. බන්ඩා says:

    සහතික අැත්ත. මේක බලය මාරැ කරන චන්දයක් නෙවෙය්. ඒත් එජාපයත් ඉවරය්. පච කෙලල බොරු පොරොන්දු දීල ජනතාව අන්දපු රාජිත මොහමඩ් වගේ වාචාලයොත් ඉවරය්. අැය් මම එහෙම කියන්නෙ? 2015 පාර්ලිමෙන්තු චන්දෙදි මහරගම අලියා 41.98% ක් ගත්තා. මේ චන්දෙදි අලියා 26.7%ය්. මහින්ද පොහොට්ටුව නැතිව බයිසිකලේ දමල පලාත් පාලන චන්දෙදි 45.7% ක් අරගන ඔක්කොම අාසන දිනා ගත්තා. සෑම බෞද්ධ බහුතරය ඉන්න ප්‍රදේශිය සභාවක්ම පොහොට්ටුව දින්නා. මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් අද රනිල් තිත්ත වෙලා. 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹිනුත් එජාපය හෝදල ගිහින්. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80ක්% ක් ගත්තා. බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමනක් 65%ක් ගත්තා. මේ චන්දෙදි අලියා ගත්තෙ 46% ය්.
    ඔය පටන් ගත්ත විතරය්. හොඳ හොඳ සෙල්ලන් පලාත් සභා චන්දෙදි බලත හැකිය්.

  4. Pal says:

    Ideal period to get all Country loving Srilankan under a single roof , without any racial differences.

    All such Srilankan should rally round POHOYYUWA..

    POHOTTUWA should declare the real good governance policies immediately..

  5. NAK says:

    Sirisena’s 2015 misadventure is responsible this whole mess. He ruined the country and he ruined the party which was majestic as it can be three years back.
    Now,if he loves his country as he claims he some what clear p the mess created. For that,first he must force the UNP to step down and support a resolution to dissolve parliament and allow the people to chose a new government then it will be time for him step down.

Main News