වාහන, විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුවත් ආනයනය අඩු වෙන්නේ 4.4%ක් පමණයි.. කල යුත්තේ එකම දෙයයි.. වෙන විසදුම් නෑ..

October 2, 2018 at 3:00 pm | lanka C news
වාහන, විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුවත් ආනයනය අඩු වෙන්නේ 4.4%ක් පමණයි.. කල යුත්තේ එකම දෙයයි.. වෙන විසදුම් නෑ..

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව විසින් වාහන ආනයනය සහ ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේම මහ බැංකු වාර්තාව පෙරළා බැලුවනම් තේරුම් ගනීවි මෙයින් කිසිදු ඵලදායි දෙයක් සිදු නොවන බව. මම තීරු බද්ද නිදහස් වාහන පිළිබඳව කතාකරන්න යන්නේ නැහැ මොකද මේ වන විටත් අපේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව හොඳින් උත්තර දීලා තියෙනවා. 2017 වසරේ ඩොලර් බිලියන දහනමයක් වෙච්ච සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කරලා තියෙන්නේ 4.4%  වගේ මුදලක්. ඒ නිසා වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සීයට  4.4% පමණයි. මේක අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

අපි අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක්. ඒ නිසා අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කරන්නට බැහැ. අපේ රුපියල කඩා වැටෙන්නේ අපේ රටේ ආනයන වැඩි වුණු නිසා නොවෙයි අපේ රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට ආයෝජකයින් කටයුතු කරන නිසයි.

විදේශ ආයෝජන අපේ වෙළෙඳ පොළේ තුන් තැනක පැවතුනා. පළමු තැන මුල්‍ය වෙළඳපොලයි.  මහබැංකු බැඳුම්කර වංචාවෙන් පස්සේ ශ්‍රී  ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වූ නිසා ඩොලර් බිලියන ගණනින් 2015 සිට ඔවුන් අඛණ්ඩව රටින් පිටතට රැගෙන ගියා. දෙවැන්න තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය. 2015 ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරපු ඉතාම අතාර්කික විනාශකාරී අයවැය දැක්කයින් පස්සෙ රටේ ආර්ථිකය කඩා වැටෙන බව විදේශ ආයෝජකයන් කලින්ම දැකපු නිසා කොටස් වෙළෙඳ පොළේ තිබෙන ආයෝජනයන් අරගෙන යන්න ඔවුන් කටයුතු කළා.

තුන්වැනි එක තමයි සෘජු ආයෝජන කියන්නේ ව්‍යාපාර විදිහට මෙරට ආයෝජනය කර ඇති මුදල්. ලෝකයේ දැවැන්තම විදේශ ආයෝජකයා වන චීනයේ ජනාධිපතිවරයා මුල්ගල තබා ආරම්භ කරන ලද කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ඒකපාර්ශිකව නතර කරහම පුංචි ආයෝජකයෝ සිතුවා  ලෝකයේ සිටින ලොකුම ආයෝජකයාට මේ රජය මෙහෙම කනට ගහනවනම් පුංචි අපට කොහොම කරයිද කියලා. ඒ නිසා ආයෝජකයන්ගේ සෘජු විදේශ ආයෝජන මෙරටින් අරගෙන යන්න ඔවුන් පටන් ගත්තා.

මෙන්න මේ විදේශ ආයෝජන රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රුපියල කඩාගෙන වැටෙන්නේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීම ම මෙයට විසඳුමක් බවට පත් වෙනවා. මොකද මහින්ද රාජපක්ෂ යුගයේ රටේ ආර්ථිකය ස්ථාවර වුණු බැබළුණු යුගයක් බව ලෝකය පුරාම ආර්ථික විශේෂඥයන් දන්නවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්න ගමන් ආයෝජකයින් ලංකාවේ යන එක නවතිනවා. රුපියල ස්ථාවර වෙනවා. ගිය ආයෝජකයෝ අලුත් ආයෝජකයෝ චීනය පෙරටුකරගෙන ආපහු ලංකාවට එන්න පටන් ගන්නවා. මොකද චීනය අද කිසිම අලුත් ව්‍යාපෘතියක් ලංකාවේ පටන් අරගෙන නැහැ. මහින්ද රාජපක්ෂ යුගේ පටන් ගත් ව්‍යාපෘති කරගෙන යනවා පමණයි.

ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර ගිහින් රට කළ හැකි අයට මේ රට බාර දීමයි.

– අරවින්ද අතුකෝරල

17,088 Viewers

9 Comments to “වාහන, විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුවත් ආනයනය අඩු වෙන්නේ 4.4%ක් පමණයි.. කල යුත්තේ එකම දෙයයි.. වෙන විසදුම් නෑ..”

  1. Aurora says:

    මේ යහපාලන කලකන්නින්ගේ අරමුණ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පහලට දාන එක. එතකොට රට දෙකට බෙදන්න ලේසි එනවා. උතුර, නැගෙනහිර සුළු ජාතීන් කල්පනා කරන්න පටන්ගන්නවා ශ්‍රී ලංකාව විධියට තමුනුත් එකටම ගිලෙනවද එහෙම නැතිනම් බෙදිලා ගොඩ යනවද කියල. මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකය දියුණු වුණා වගේ දිගටම දියුණු වුනානම් අද උතුර, නැගෙනහිර සුළු ජාතීන් කල්පනා කරන්නේ ශ්‍රී ලංකාව විධියට තමුන් සිටීමෙන් ජීවන තත්වය කොතරම් ඉහලට ගියාද කියල. වැඩිම ස්වභාවික සම්පත් ප්‍රමානයක් තියන දකුණ සමඟ එකට සිටීමේ වාසිය සියලුදෙනාටම ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ නම් වසලයා හම්බන්තොට වරාය ජාතියට අහිමිකළ අරමුණ ඒකයි. මත්තල ගුවන් තොටුපල, ත්‍රීකුණාමලේ වරාය සහ තෙල් ටැංකි ජාතියට අහිමි කරන්න උත්සාහ කරන්නෙත් ඒකටමයි. තමුන් නපුංසකයෙක් වුන නිසා රටේ අනාගත පරම්පරාවටම, මුළු රටටම වෛර කරණ කාලකන්ණියකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

  2. Gayantha says:

    ඔන්න ඔය වගේ තොරතුරු එක්ක ප්‍රශ්න කරන්න. නියමයි.

  3. Open mind says:

    චීනයට හෝ වෙන කිසිදු විදේශිකයෙක් ට රටේ කොටස් සින්නක්කර ව විකුණන්නේ නැතිව ආයෝජකයන් ලෙස ගෙන්වා ගත හැකි නම් හොඳයි.

  4. ධනපාල says:

    තාත්වික විග්‍රහයක්, යතාර්ථය එයයි මුන්ට මේක තේරෙන්නේ නැතිනම් අපි මොනා කරන්නද, අන්තිමට මුහුදට පනින්න තමයි වෙන්නෙ

  5. සීගිරි says:

    චමත්කාරජනක ලෙස අප ඉදිරියේ කඩාගන වැටෙන මේ “බටහිර යටත් විජිතයට” මුක්කු ගසා වත්තම් කරගෙන නැවත ඇදගෙන යන්න හදන මේ මුක්කුවාව හූ කියා පන්නා දමමු !!!!
    ජනතාවගේ අවශ්‍යතාම තමන් පෙලන පාරම්පරික හොරැන් දූෂිතයන් හා කෙෙරාටිකයන්ගේ මේ රාජ්‍ය පෙරලා ජනතාවගේ රාජ්‍යයක් (People’s Republic of Sri Lanka) පිහිටුවා ගැනීමයි.
    People’s Republic of China හෙවත් මහජන චීන සමූහාණ්ඩුව දිනෙන් දින දියුණව කරා යන්නේ එය පොදු ජනතාවගේ රජයක් නිසයි.

  6. rambanda says:

    Hari hari api denna ratin panala yanawa Norway walata meka bankolothwunama. Ethakam api innawa. api norway giyama ayi allana ba. Arjuna panna wage thamai. Api samanalaynta oya rata gena kekkumak ne hello.

  7. සීගිරි says:

    මේ යටත් විජිත රාජ්‍යයේ කඩා වැටීම චමත්කාරජනකයි !!!!!!
    යටත් විජිතයේ අතීසාරයට රාජපකෂ නැමති අම්බුඩය ගසා ගොඩගත හැකියි සිතන ගම්මන්පිල මෝඩ පණ්ඩිතයෙකි.

  8. Kalan says:

    Mee rajaya witharak nemeyi, mee rata keewe, pahugiya okkoma un rata gena hithuwe nee…

  9. ExUNPer says:

    Good analysis !
    Truth is bitter for many… so the govt would not directly face the truth…leading to more trouble.

Main News