වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමට විදුලි බලාගාර ටෙන්ඩරය දීමට කැබිනට් පත‍්‍රිකාවක්.. ඇමතිට අල්ලස මිලියන 100යි..

June 17, 2018 at 10:40 am | lanka C news
වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමට විදුලි බලාගාර ටෙන්ඩරය දීමට කැබිනට් පත‍්‍රිකාවක්.. ඇමතිට අල්ලස මිලියන 100යි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කෙරවලපිටිය විදුලි බලාගාරය වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමකට ලබා දීමට විදුලි බල ඇමතිගෙන් කැබිනට් පත්‍රයක්.

මෙරට විදුලි අර්බුදයට විසදුමක් ලෙස මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත්  ද්‍රවවායු විදුලිබලාගාරයක් ඉදිකිරීම සදහා ටෙන්ඩර්පත් කැදවා තිබූ අතර එම ටෙන්ඩරය සදහා අඩුම මිලගණන් ඉදිරිපත් කර ඇති  ශ්‍රී ලාංකික සමාගමක් වන ලක්දනව් සමාගම වෙත පිරිනැමීමට තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබියදී විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විදුලි බල ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත පිරිනැමීමට අදාල කැබිනට් පත්‍රය 2018/06/19 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබුනේ ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් හිමි සියයට සියයක්ම දේශීය සමාගමක් වන ලක්දනවි සමාගයි. දෙවන අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබුනු GCL චීන සමාගම හා පළමු අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබුනු සමාගම අතර විදුලි ඒකකයක මිලෙහි වෙනස ශත 99 කි. ඒ අනුව වසරකට විදුලි ඒකක  මිලියන 2150 ක් ජනනය කරන මෙම විදුලි බලාගාරය GCL චීන සමාගමට ලබා දිම නිසා  අමතරව ගෙවීමට සිදුවන මුදල රැපියල් මිලියන 2129 කි.වසර විස්සකදී රජය විසින් මෙම බලාගාරය සදහා අමතරව ගෙවන මුදල රැපියල් මිලියන 42570 කි.

අප රටට මිලියන ගණනක් අහිමිවන මෙම ගනුදෙනුව පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රබල ජේෂ්ඨ ඇමතිවරයෙකු සිටින අතර මෙම ටෙන්ඩරය සදහා ඔහුට ලබා දී ඇති අල්ලස් මුදල මිලියන සියයක් බවට අප වෙත තොරතුරැ ලැබී ඇත.

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත හා සංශෝධිත 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව අවම මිල ගණන් යටතේ විදුලිය ලබා ගෙන පාරිභෝගිකයන් හට ලාභදායක ලෙස විදුලිය ලබා දීම සදහා කටයුතු කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම වන නිසා මෙම දූෂිත ටෙන්ඩරයට එරෙහිව අභියාචනාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අප සංවිධානය කටයුතු කරමින් සිටී.

මහදවාලේ සිදුකරන මෙම මුදල් මංකොල්ලය නැවැත්වීම සදහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට හා අමාත්‍ය මණ්ඩලයේ   අනෙක් අමාත්‍යවරැන්ට අවස්ථාවක් හිමිවී අති අතර අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නොමැති බව අප සංවිධානය  ජනාධිපතිවරයාට,අගමැතිවරයාට හා සියලුම අමාත්‍යවරැන්ට අවධාරණය කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

8,451 Viewers

One Comment to “වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමට විදුලි බලාගාර ටෙන්ඩරය දීමට කැබිනට් පත‍්‍රිකාවක්.. ඇමතිට අල්ලස මිලියන 100යි..”

  1. john the baptice says:

    මුන්ට බරපතල වැඩ ඇතුව සිරදඩුවම් නැහැ යමපාලනයෙන් ලැජ්ජයි

Main News