වැඩ බැරි පර ගැති ආණ්ඩුවට තෙවසරයි… කමිං සූන් ට්‍රේලර් එකේ කඩු වනනවා.. චිත්‍රපටියේ කඩු නැටුමක් විතරයි..

January 9, 2018 at 10:00 am | lanka C news
වැඩ බැරි පර ගැති ආණ්ඩුවට තෙවසරයි… කමිං සූන් ට්‍රේලර් එකේ කඩු වනනවා.. චිත්‍රපටියේ කඩු නැටුමක් විතරයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘ජනවාරි අට. රට කෑ අට. රටට හෙටක් නැතිකල අට. මේ වැඩ බැරි පර ගැති හොරු පිරි ආණ්ඩුවට අදට වසර තුනයි.  අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට රට පාලනය කරන්න වරම දුන්නේ.  වෙනත් වචන වලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිතුමාට භාර දීලා අදට වසර තුනක් වෙනවා.  ජාතික කොඩියේ සිංහයා අත තියෙන කඩුව සංකේතවත්  කරන්නේ ජනතා බලය සහ යුක්තිය.  ජනතාව මේ කඩුව ජනාධිපතිතුමා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිතා කරන්න.

අවාසනාවට අපේ ජනාධිපතිතුමා වසර තුනක් පුරාවට අලංකාරයට කඩුව අතේ තියා ගෙන හිටියා මිස වැඩක් අරන් නෑ. ජනාධිපතිතුමා කඩුව හරියට වැනුවා නම් ​බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනෑ.  අල්ලස් වරදට රවි කරුණානායක මන්ත්‍රිතුමා කැපෙන්න ඕනෑ.  කැලෑ විනාශයට බදුර්දීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ.  නමුත් එහෙම සිදුවෙලා නෑ.

ජනපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා  කවුරු කැපේ ද දන්නේ නෑ කියලා කිව්වාම සමස්ත ජාතියම මහත් බලාපොරොත්තු තබා ගෙන ජනවාරි තුන එතුමන් ජාතිය අමතනවා බලා ගෙන සිටියා. කඩු හරබයක් බලාපොරොත්තුවෙන්.  කඩුව නම් ඔහේ වැනුවා තමයි.  ඒත් කැපුනු කෙනෙකු නම් නෑ.  මේක හරියට කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති කඩු නැටුමක් පමණක් තිබුණා වගේ වැඩක්.

ජනාධිපතිතුමා අද සිටවත් හරියට කඩුව වනන්න සූදානම් නම් අන්න ටොප් ටෙන් දූෂණ පැමිණිලි දහය තවමත් අල්ලස් කොමිසමේ පුස් කකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමන්ට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.

වසර තුනක් භාවිතා නොකර තිබිලා, බලන්න මේ කඩුව දැන් හොඳටෝම මලකඩ කාලා.  තව දුරටත් මෙහෙම කඩුව ජනපතිතුමන් භාවිතා නොකර තියා ගත්තොත් සිංහ කොඩියේ සිංහයාට ලැජ්ජා හිතිලා කොඩියෙන් බැහැලා කැලයේ හැංගෙන්න ඉඩ තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බලය දෙන්න කැප වුණාට වසර තුනක් පුරා එජාපයට කළගුණ සැලකුවා හොඳටෝම ඇති. දූෂණ විරෝධිව කටයුතු කරයි කියන බලාපොරොත්තුවෙන් ඔබතුමාට සැබැවින්ම බලය දුන් ජනතාවට කළගුණ සැලකීමට දැන් වෙලාව හරි කියන එක ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.

මේ ආණ්ඩුව ගත වුණු  මුසල තෙවසර විධියට තවත් දෙවසරක් ගත කළොත් අපට රටක් වත් රටට හෙටක් වත් ඉතිරි වෙන්නේ නෑ.  ඒ නිසා ආණ්ඩුවට ගෙදර යවන සටන පෙබරවාරි 10දා ආරම්භ කරන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’

– අරවින්ද අතුකෝරල

5,752 Viewers

6 Comments to “වැඩ බැරි පර ගැති ආණ්ඩුවට තෙවසරයි… කමිං සූන් ට්‍රේලර් එකේ කඩු වනනවා.. චිත්‍රපටියේ කඩු නැටුමක් විතරයි..”

  1. Wijebahu says:

    Can someone hammer this annoying nitwit?

  2. sara says:

    ”දූෂණ විරෝධිව කටයුතු කරයි කියන බලාපොරොත්තුවෙන් ඔබතුමාට සැබැවින්ම බලය දුන් ජනතාවට කළගුණ සැලකීමට දැන් වෙලාව හරි කියන එක ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.” හරියට මෙයාල බලය දුන්න වගේනේ කතා කරන්නේ. මෙයාල දුන්න නෙමේ මෙයාලගෙන් උදුරා ගත්තේ.

  3. kith says:

    I think Hitang used this sword , to kill elephants in the jungle and collect their trunks during the last few months , instead of killing rouge elephants in unp.

  4. Open mind says:

    මාර කොමඩිය නේද………..? ඊළඟ සුපර් ස්ටාර් තරගයට මරු….

Main News