වැඩ බැරි පාච රණවකට මුදල් වෙන් නොකිරීම සාධාරණයි..

November 14, 2017 at 1:20 pm | lanka C news
වැඩ බැරි පාච රණවකට මුදල් වෙන් නොකිරීම සාධාරණයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මෙගාපොලිස් ඇමති ගරු පා ච රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරනවා මදි කියලා දැන් එතුමා නිරතුරුවම මාධ්‍ය ඉදිරියේ අඬා වැටෙනවා.  ආණ්ඩුවේ නායකයින්ට ආඩපාලි කියනවා.  නමුත් ආණ්ඩුව එතුමාගේ අමාත්‍යාංශයට ඔය මට්ටමට හරි මුදල් ලබා දීම ගැන සතුටු වෙන්න ඕනෑ.

2018 වසර සඳහා මෙගාපොලිස් අමත්‍යාංශයට  අයවැයෙන් රුපියල් බිලියන 51.1ක් වෙන් කර තිබෙනවා.  2017 වසරේත් බිලියන 39.6ක් වෙන් කරලා තිබුණා.  2016 මහ බැංකු වාර්තාවවේ 96 වෙනි සංඛ්‍ය සටහන අනුව අනුව මෙගාපොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි ලෙස වියදම් කරලා නෑ.  2016 වසරේ දී පුනරාවර්තන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 74.2%යි.  ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 42.5%යි.

දෙන මුදලින් භාගයක්වත් වියදම් නොකරන ඇමතිවරයෙකුට තව තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න නම් මුදල් ඇමතිට මොලේ අමාරුවක් තිබෙන්න ඕනෑ.  විශේෂයෙන්ම ආණ්ඩුව මූල්‍ය අර්බූදයක සිටින අතරේ වියදම් නොකරන මෙගාපොලිස් ඇමතිට පසුගිය වසරට වඩා බිලියන 12ක් වැඩිපුර ලබා දීම ගැන එතුමා සතුටු වෙන්න ඕනෑ.  එතුමා දැන් කරන්න ඕනෑ තමන්ට දෙන මුදල මදි කියලා අඬා වැටෙන එක නොවේ.  නිළධාරින් සමග වාඩි වෙලා ලැබුණු මුදල වියදම් කර ගන්න බැරි වුණේ ඇයි කියලා අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයට හේතු සොයන එකයි.  වැඩ බැරි ඇමතිලා නටන්න බැරි වුණාම පොලොව ඇදයි කියන එක තමයි මේ ආණ්ඩුව පුරාවටම දකින්න ලැබෙන ලක්ෂණය

– අරවින්ද අතුකෝරල

13,285 Viewers

9 Comments to “වැඩ බැරි පාච රණවකට මුදල් වෙන් නොකිරීම සාධාරණයි..”

  1. nimal says:

    obathumata thiyenne puthgalika tharahak champika ekka, mokada obathumata champika ekka hariyata baltiya gahanna baeruwa giya, obathuma wirayen wipakshayata giya chamipika maithiyen amithi una, gotatath wisadanna baeri unakunu prasneth colombo wala wisaduwa

    • Dinusha Fernando says:

      මමත් 2014 නොවැම්බර් වන තුරැ වැඩ කලේ චම්පික ගාව. ධනුෂ්ක රාමනායකගේ අධීක්ෂණයෙන් මමත් චාරැකත් දිනපතා කලේ වෙබ් සයිට් වල චම්පිකට එරෙහිව යන දේවල් වලටඑරෙහිව කමෙන්ට්ස් දාන එක. මට මාසයකට රැ 40,000 ගෙව්වා. දැන් මගේ වැඩේ කරන්නේ ඔයා නේද?

  2. Samarasekara says:

    Muuta puduma tharahak ne pataliyat ekka thiyenne ! Hariyata montisoori yana lamayek wage ! Muutat pissu pataliyata wagema. Angoda yawanna ona dennama

    • අකිල පොඩි පුතා says:

      ගම්මන්පිල චම්පික එක්ක තරහා ද නැද්ද කියන එක මෙතැනට අදාල නෑ. අදාල වෙන්නේ මේ කරැණු ඇත්ත ද නැද්ද කියන එකයි. මමත් මහ බැංකු වාර්තාව බැලුවා. චම්පික කියන්නේ වැඩ බැරි ඇමති කෙනෙක් තමයි.

  3. Dev says:

    Paa Chaa Ranawaka

  4. බන්ඩා says:

    විභාග පාස් උනාට වැඩ කාරයෙක් වෙන්නෙ නැහැ. පාච රණවක බක පන්ඩිතයෙක් පමනය්. පාචය දන්නෙ කොහෙන් හරි ජර්නල් එකක් හොයා ගෙන මහා උගතෙක් වගේ ඒකෙ තියන හෑල්ලක් උෟ හොයා ගත්ත දෙයක් වගේ කියවන්නය්. උෟට
    සංකල්ප හෝ නිර්මාන ශීලීත්වයක් හෝ නැහැ. මතකද කාලෙකට ඉස්සෙල්ල පරසර අැමතිය කාලෙ තෙල් මිල නැග්ග කාලෙ ඔිකා කියව ගෙන ගියා තව අවුරැදු 25 කින් ලෝකෙ තෙල් ඉවර වෙනවා ඒක නිසා විශාල නගර බිල්ඩිින්, පාර හදල වැඩක් නැහැ කියල. ඔිකා ඒ කාලෙ කිව්වෙ නැහැ EV කාර් එනව ඉස්සරහට කාර් දුවන්න තෙල් අවශ්‍ය නැහැ කියල. ෆ්‍රැකින් වලින් ෂේල් වලින් දැනටමත් ලෝකෙ තෙල් වැඩිවෙලා තෙල් මිල බැහැල අද සවුදියට තෙල් විකුන ගන්නත් අමාරැය් කියල මූ දන්නෙ නැහැ.

  5. Saradiel says:

    ගල් අගුරු හොරා

  6. SUNIMAL says:

    පාඨලීගේ කාලේ බිලියන 1,2 ගල් අගුරු හොරකම!!

    http://tube.sarcheshmeh.us/v=hlolVST8Y4Y

  7. SMA Panadura says:

    While comparing with Gota, Pa.Cha.Ranwaka is nowhere. He has no man power and he is just talking and talking. Although he wants to do something Ranil is not allowing him.

Leave a Comment

Main News