වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි.. [Video]

October 31, 2016 at 1:02 am | lanka C news | ලංකා සී නිවුස්
වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි.. [Video]

සිරස රූපවාහිනියේ සතිපතා පැවැත්වෙන ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහන සදහා ඊයේ දිනයේ කැදවනු ලැබ තිබුණේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.

ප‍්‍රශ්න 15කින් යුතු වැඩසටහන ඊයේ දිනට අවසන් කරනු ලැබුවේ ඊළග දිනයේදීත් ආදිවාසී නායකයාට පැමිණෙන්නට ආරාධනා කරමිනි.

ඊට හේතුව වූයේ ඊයේ දිනයේ නියමිත වූ කාලයේදී විමසනු ලැබූ ප‍්‍රශ්න 12ටම වන්නිල ඇත්තන් විසින් නිවැරදි ලෙස පිලිතුරු ලබා දීමයි.

ඒ අනුව ඊළඝ දිනයේ විමසන ප‍්‍රශ්න 03ටද ඔහු නිවැරදි පිලිතුර ලබා දුනහොත් මිලියන දෙකක ජයග‍්‍රාහකයා වෙයි. වැඩසටහන පුරාම ආදිවාසි නායකයා සිය විසල් දැනුම මනාවට විදහා දැක්වූ අතර රට තොට ලෝකය ගැන වූ සාරවත් අදහස්ද ඉදිරිපත් කලේ ඔහුටම සුපුරුදු වැදි භාෂාවෙනි.

61,172 Viewers

9 Comments to “වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි.. [Video]”

  1. Sihala Yaka - සිහල යකා says:

    After watching above video…..

    වන්නිලැත්තෝ අපේ රටේ ජනාධිපති කමට සුදුසු බව හිතෙන්නේ මට පමණද ? දැන් ඉන්න මොලේ කචල් රූකඩ යන්ට වඩා මෙතුමා නිවැරදි දැක්මක් ඇත්තටම සහිත එඩිතර නායකයෙකි. දැන් ඉන්න නිවටයන් එලවලා මෙතුමාව රටේ ම නායකයා කරමු.

    • කොසොල් says:

      සිහල එකෙක් වෙන්න නම් බෑ, පිස්සු යකෙක් ද කොහෙද?

  2. Nimal says:

    ඒ්කනම් අැත්ත.

  3. Nimal says:

    සිංහලයා
    සිහලයා ඔබ ෙග් කතාව හරි. ඒ්ක තමයි දැනට අපට ඉතිරිව අැති ඒකම විකල්පය.

  4. ලංකාපුත්‍ර says:

    ඔස්ක්ෆොර්ඩ් ගියයි කියල කියන අපේ රටේ නායකයන් කියන උන්ට වඩා මෙතුමා ලක්ෂ වාරයක් වටිනවා බොලවූ .

  5. කොසොල් says:

    ඔබ අරගල කල‍යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කිරීමටයි. අමන ජනතාවක් කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි නොවේ

    • Gamarala ge putha says:

      අනේ පලයන් බං යන්න​. මෙතන පඬි වාක්‍ය කියන්න එනව​. ඕව හොඳයිපොතේ ගුරාලට තීසීස් ලියන්න​.

  6. vijay says:

    Dear sir
    You are my most respected living person in the country ……you are a god compare to bloody stupid politicians.

  7. DIGA JANTHU says:

    tai cot gahagena maha bankuwa hora kana euta wada me ninussu seviwaru wage tama jathiya araksa karanawa

Main News