වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර නෑ.. ඔවුන් හිරේ දානකම් මහන්සි වෙනවා..

July 27, 2018 at 8:02 am | lanka C news
වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර නෑ.. ඔවුන් හිරේ දානකම් මහන්සි වෙනවා..

මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළිබදව විමර්ශනයට පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මේ පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිතුමාට භාර දී ඇති බවත්, මේ වන තෙක් ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළකරන ලද්දේ, මීතොටමුල්ල කසල කන්ද නායයෑම හේතුවෙන් දේපල අහිමිවූවන්ගේ ඉඩම් වලට අදාල වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය. මෙහෙදී වන්දිලාභී පවුල් 61 ක් අතරේ රුපියල් මිලියන 327 ක මුදලක් බෙදා දෙන ලදී.

සාමාන්‍යයෙන් වන්දියක් ලබා දෙන විට අපි හරි සතුටින් එය ලබා කටයුතු කරනවා. ඒත්  මේ වන්දි එලෙස සතුටින් වන්දි ලබා දෙන්නක් නෙමෙයි. මේ කසල කන්ද නායයෑමේ වගකීම වර්තමාන රජයත් පසුගිය රජයත් භාර ගන්න ඕනේ. පොල් කර්මාන්තයට, සීනී කර්මාන්තයට පවා ඇමතිවරු සිටිය රටක කසල කළමණාකරණයට වගකිව යුතු ආයතනයක්, අමාත්‍යාංශයක් නෑ.

විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා මේ සිදුවීම ගැන හොයන්න. ඒ කොමිසමට මේ ප්‍රදේශයේ ජනතාව වගේම මමත් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන්නා පෙබරවාරි මාසේ. ඒ නිසා ජනාධිපතිතුමාට මේකේ තව ඉතුරු වැඩකොටසක් තියෙනවා. ඒ තමයි මේ පත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා.

සෘජුවම වැරදි කරුවන් ලෙස නම් කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ රාජ්‍ය ආයතන 05 ක් තියෙනවා, මේ වැරදිකරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න ඕනේ.පසුව ඒ වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර වෙන්නේ නෑ. මේ වන්දි ලබා ගන්න මං මහන්සි වුනා වගේම , මේ විපතට වගකිව යුතු අය හිරේ දානකම් මහන්සිවෙනවා යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

 

5,826 Viewers

3 Comments to “වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර නෑ.. ඔවුන් හිරේ දානකම් මහන්සි වෙනවා..”

  1. සිංහල බන්ඩා says:

    ඊ ලඟ ජනාධිපතිවරන‌ෙ ට තව අවුරැද්දක් වත් නැහැ. ඒතැනදි ත‌ොපි පරාජයනේ බ‌‌ෙ‌ිරා ගන්න සක්‍රාටවත් බැහැ අල්ලට වත් බැහැ. ඊට පස්ස‌ෙ බැඳුන්කර හ‌ොරැන්ට උන්ග‌ෙ කැප්ටන්ලට උන් ගනේ ජරාව කෑ ත‌ොපි වග‌ේ උන්ට ව‌ෙ‌න්න‌ෙ හිර ගදෙර කූරු ගනින්නය්.

  2. Alapaluwa says:

    ගරි තට්ට හම්බයෝ තොපිලට පෙනෙන්නේ රාජපක්ෂ ඇතුළු තොපිලට විරුද්ද වන අයට විතරක් ඔය කියන දඩුවම් ක්‍රියාත්මක වියයුතුයි නේද? එතකොට අමුදවාලේ එළුවෙන් සිටන් හුරාකාපු මහබැංකුවේ හොරුන්ට ඔය කියන දඩුවම ක්‍රියාත්මක වන්නේ නැද්ද? අපි දැක්කා උඩුවේධම්ම හිමි අලි පැටවෙකු තබාගත් පමණින් නඩුත් සමග අවශ්‍ය කටයුතුවලට රටින් යාමට අවසර ලැබිලත් යාමට සුදානම්වුණු plane එකෙන් බස්සවා ගන්න තොඉලාගේ පර බල්ලන්ට පුළුවන් නමුත් අර මහබැංකුව හොරාකාපු වල්හැත්තට නිදැල්ලේ ඉන්න සැටි ඇයි ඔය කපටි ඇසට නොපෙනෙන්නේ??

    • Wijebahu says:

      Bloody Alapalu halparuwa. can’t you remember how Rajapases implemented the law when they were in power?

Main News