වැලිකඩ දැම්මත් කට නොවැසේ.. හඬ තියුණු වෙයි.. උස් වෙයි.. මහ නාහිමි වැදගෙන විමල් සටන් අරඹයි..[Video]

April 11, 2017 at 10:55 pm | lanka C news | ලංකා සී නිවුස්
වැලිකඩ දැම්මත් කට නොවැසේ.. හඬ තියුණු වෙයි.. උස් වෙයි.. මහ නාහිමි වැදගෙන විමල් සටන් අරඹයි..[Video]

අවුරුදු 30ක යුද සමයේදීවත් නොපැවති දුෂ්කර තත්ත්වයකට රට ඇද දමා ජනතාවගේ අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොව එක පෝයකින්ම ගෙදර යැවීමට ජනතාව පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද(11) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘‘මාස තුනකට ආසන්න කාලයක් සිරගතව සිටියදී මා දේශපාලන දඩයමට එරෙහිව ආහාර වර්ජනය කරමින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. එම උපවාසයට දින 08ක් සම්පූර්ණ වූ පසු රාමඤ්ඤ නිකායේ මහා සංඝ නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි ලිඛිතවත් සියම් මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජාතික රෝහලට වැඩම කර වාචිකවත් උපවාසය නතර කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම් අනුව මා උපවාසය නතර කරනු ලැබුවා. උන්වහන්සේලාගේ ඉල්ලීම් අනුව මා උපවාසය නතර කිරීමට අදාළ වූ කරුණු දන්වා සිටින්නයි අද මහනුවරට පැමිණියේ.

අපිව සිරගෙවල්වල දාන්නේ රටට යහපතක් කරන්න නොවෙයි. අපිව සිරගෙවල්වල දැම්මාම මේ රටේ මිනිස්සුන්ගේ අතමිට සරු වෙනවා නම් අපි හැමදාම සිරගෙවල්වල ඉන්න සූදානම්. එට්කා ගිවිසුම අත්සන් නොකරනවා නම්, නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රට දෙපලූ නොකරනවා නම්, අපි සිරගෙවල්වල ඉන්න සූදානම්. හැබැයි අද සිදු කරන්නේ රටට ආදරය කරන දේශපාලන නායකයන්, පැවිදි නායකයන් රණවිරුවන්ගෙන් සිරගෙවල් පුරවන එක. අද රට ඇදගෙන යන්නේ දිනාගත් ජයග‍්‍රහණ අහිමි කරවන දිසාවටයි.

එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ මනදොල සපුරන්න, ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජාතිවාදී, බෙදුම්වාදී සියලු බලවේගවල මනදොල සපුරන්න, ඉන්දියාවට, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට මේ රට විකුණන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ. ඒ ප‍්‍රතිපත්තියට එරෙහිව අපි ජනතාව සමග සටන්වදින නිසයි මේ විදියට සිරගෙවල්වල දාන්නේ. සිරගෙවල්වල සිටියත් එළියේ සිටියත් අපි මේ ආණ්ඩු විරෝධී සටන ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යනවා.

මා සිරගතව සිටි මාස තුනකට ආසන්න කාලයේ ජනතාව සාමුහිකවත් තනි තනිවත් මා වෙනුවෙන් භාරහාර වුණා. විරෝධතා පැවැත්වූවා, විවිධ ක‍්‍රියාමාර්ගවල නිරත වුණා. අපට සිරගත ජීවිතය අර්ථවත් ලෙස ගෙවන්න එම ක‍්‍රියාමාර්ග පිටුවහලක් වුණා. ඔවුන්ට අපගේ කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

අපි කළ නිරීක්ෂණ අනුව ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් මේ අවුරුදු සමයේ ඇතිව තිබෙන්නේ. අවුරුදු 30ක යුදමය තත්ත්වයකදී වුවත් මේ රටේ ජනතාව මීට වඩා හොඳින් අවුරුදු සමරුවා. ජනතාවගේ ආදායම පහළ යාමත් ව්‍යාපාරිකයන්ට ආදායම් නොලැබී යාමත් විසින් මේ අවුරුදු සමයේ ඉහළම සතුට භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා.

මේ සියලු තත්ත්වයන් අනුව මේ ආණ්ඩුව පෝය දෙකකින් නොවෙයි එක පෝයකින්ම ගෙදර යැවිය යුතුව තිබෙනවා’’

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභිකවරු වන උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද, නියෝජ්‍ය ලේකම්වරු වන පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස හා නීතිඥ කපිල ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

21,589 Viewers

11 Comments to “වැලිකඩ දැම්මත් කට නොවැසේ.. හඬ තියුණු වෙයි.. උස් වෙයි.. මහ නාහිමි වැදගෙන විමල් සටන් අරඹයි..[Video]”

  1. White Shark says:

    සිරගෙදරින් නිදහස් වෙලා ඇවිත් ඉස්සෙල්ලම මේ හාමුදුරුවන්ට කෘතවේදය පලකරන්න හමු වුනු එක ඉතාම හොඳයි, ප්‍රියතම මන්ත්‍රීතුමා……

    (පෞද්ගලිකව මම හරිම කැමති විදියක්).

    ඔබේ ඉදිරි ගමනට හුඟක් ආදරෙන් සුභ පතනවා. ඒ වගේ ඔබට ඉක්මන් සුවයත්, ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා.

    • White Shark says:

      යුධ හමුදාවෙයි නාවුක හමුදාවෙයි හුඟ දෙනෙක් හිර ගෙදර දාල ඉන්නවා කියල විමල් මේ හාමුදුරුවන්ට කියනවා දැක්ක.

      විමල් පහුගිය අවුරුදු දෙක පුරාමත්, තමන් සිරගත කරලා ඉන්දැද්දීත් පාර්ලිමේන්තුවේ දී බොහෝ වාරයක් මේ ගැන කතා කරලා තියෙනවා.

      ත්‍රිවිධ හමුදා වල නිලධාරීන්ට තමන්ගේ නිර්දෝෂී භාවය ගැන කතා කරන්න ඉඩක් ලැබෙනවා තියා, අඩු ගානේ තමන්ට විරුද්ධව තියෙන නඩුවක් ගොනු කිරීමක් තියා තමන් නඩුවක නිමිත්තක්වත් වුනේ කොහොමද කියන එකටවත් නීත්‍යානුකූල හේතුවක් හරියාකාරව නොදී රෑට හරි, නිවාඩු දවසක හරි, සති අන්තෙක හරි අත්අඩංගුවට ගන්නවා ඇප ඉල්ලන්නවත් බැරි වෙන විදියට. ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය, නීතිපති දෙපාර්තුමේන්තුව විතරක් නෙමෙයි, අධිකරණයත් අවනීතියේ අන්තිම කෙලවරටම යනවා.

      ඊට පස්සේ මාධ්‍ය කරන්නේ මේ නිලධාරීන්ව අහවල් වැරැද්ද සම්බන්ධව සිර ගත කළා කියල පුළුල් ප්‍රචාරයක් දෙනවා. සමාජය ඒ දිහා වපරැසින් බලන්න පටන් ගන්නවා.

      සිරගත කල රණවිරුවන් සම්බන්ධයෙන් පහුගිය අවුරුදු දෙක පුරා පොලීසිය, නීතිපති දෙපාර්තුමේන්තුව, අධිකරණය විතරක් නෙමෙයි, මාධ්‍ය පවා හැසිරුනේ අන්තිම අගතිගාමී විදියට. නීතියේ සමබරතාවය විතරක් නෙමෙයි මාධ්‍යවල සමබරතාවයත් මේ හමුදා නිලධාරීන්ට අහිමි කරලා තියෙනවා.

      තමන් නිවරදිකාරයන් බව ඔප්පු කරගන්න කිසිම අවස්ථාවක් මේ රණවිරුවන්ට නොලැබුණු බව කිසිම මාධ්‍යක් සඳහන් කරන්නේ නැතුව, පොලීසිය අත්අඩංගුවට අරන් සිරගත කරපු ගමන්, සමාජය ඉදිරියේ වැරදිකාරයන් විදියට ලේබල් වෙන්න මේ හමුදා නිලධාරීන්ට සිද්ධ වෙන විදියට ප්‍රචාරය කරනවා.

      ඊළඟට පොලීසිය ඔවුන්ට ඇප ලබා ගැනීමත් අවහිර කරනවා. එකෙනුත් කරන්නේ මේ රණවිරුවන් පිළිබඳව සමාජයට හිතාමතාම වැරදි පණිවිඩයක් දීම. පොලීසිය තමන්ගේ පරීක්ෂණ පටන් ගන්නේ රණවිරුවන්ව හිර ගත කලාට පස්සේ.

      ඊළඟට පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව හවුලේ අධිකරණයට කියනවා පරීක්ෂණ තාම ඉවර නැති නිසා “විත්තිකාරය” (සැකකරු නෙමෙයි, ඒ වචනේ අපේ නීති පොතෙන් අයින් කරල වග පහුගිය අවුරුදු දෙක පුරාම දැකපු දෙයක්), “විත්තිකාරය” තවදුරටත් සිරගත විය යුතුයි, ඒ නිසා ඇප ඉල්ලීමට විරුද්ධයි කියල. අධිකරණය කිසි කතාවක් නැතුව ඒකට ඉඩ දෙනවා. මට තේරෙන්න නැත්තේ ඇයි අධිකරණයට බැරි සැකකාරයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරන්න? ඇයි අධිකරණයට අහන්න බැරි මේ පරීක්ෂන වලට කොච්චර කාලයක් යනවද කියලා? පොලීසිය කියනවනම් දින වකවානු දෙන්න බැහැ කියලා, ඇයි අධිකරණයට බැරි පොලීසියට කියන්න ඒකෙන් සැකකාරයට වෙන්නේ අසාධාරණයක්, අයුක්තියක් කියලා? ඒ නිසා ඔහුට ඇප ලැබිය යුතුයි කියලා? මේ නීතියේ හැටියට ඇප නොදී දිගටම සිරගත කරලා තියා ගන්න පුළුවන් කියන එක මම පිළිගන්න ලෑස්ති නැහැ. අධිකරණයට කෙලින් තීරණයක් ගන්න බැරි කම නිසා, නඩුවේ එක පාර්ශවයකට අන්තිම අසාධාරණ විදියට නීතියේ සමබරතාවය අහිමි වෙනවා.

      ඒ ටික කරන්න ඕනේ නීතිඥයෙක්ට කියල කෙනෙකුට හිතන්න පුළුවන්. එතකොට නීතිඥයෙක්ට වියදම් කරන්න බැරි කෙනෙකුට නීතියේ සාධාරණත්වය, අධිකරණයේ ස්වාධීනත්වය අහිමිද? මේ අගතියෙන් රණවිරුවන් මුදා ගන්න පුළුවන් අධිකරණයට.

      පහුගිය අවුරුදු දෙක පුරාම සිරගත වෙච්ච අපේ රණවිරුවන්ව මේ අවනීතියට, අසාධාරණයට, අයුක්තියට ඊටත් වඩා, නීතිමය, අධිකරණමය සහ සමාජමය අගතියකට ලක් කරලා තියෙනවා.

      සිරගත කල රණවිරුවෝ ගැන සමාජය කතා කරනවා හොඳටම මදි. ඊටත් වඩා මාධ්‍ය රණවිරුවන් පිලිබඳ නඩු වාර්තාකිරීමේදී අගතිගාමී (prejudice) වීම නිසා ඔවුන් සමාජය ඉදිරියේ නිකරුනේ වැරදිකරුවන් වෙලා තියෙනවා. ඔවුන් විතරක් නෙමෙයි ඔවුන්ගේ දරු පවුල් පවා සමාජය ඉදිරියේ අගතියට ලක් වෙලා තියෙනවා.

      රණවිරුවන්ට එරෙහි නඩු නිමිත්තක් නැති නඩු වලදී රටටම දකින්න ලැබෙන්නේ එක පැත්තයි. පෙන්වන්නේ එක පැත්තයි. පෙන්වන පැත්ත දිහා විතරක් බලාගෙන සමාජය පූර්ව නිගමන වලට එළඹෙනවා.

      රණවිරුන්ට තමන් නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න කිසිම අවස්ථාවක් නොදී, එහෙම කරන්න බැරි වෙන්න හිතා මතාම පරීක්ෂණ අවසන් නොකර ඇද ඇද දිගට දිගට ගෙනයමින්, පොලීසියත් නිවැරදියි, නීතිපති දෙපාර්තුමේන්තුවත් නිවැරදියි, අධිකරණයත් නිවැරදියි, අපක්ෂපාතීයි සහ සාධාරණයි, වැරදිකාරයා රණවිරුවයි කියලා සමාජයට වේලාසනම ඒත්තු ගන්වන්න සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

      ත්‍රස්තවාදීන්ට බල පවත්වන නීතියම හමුදා නිලධාරීන් ඇතුළු සියලු සාමාන්‍ය පුරවැසියන්ට බල පවත්වන ලෝකේ තව එක රටක් තියෙනවද කියලා කවුරු හරි මට කියනවද?

      තවමත් පරීක්ෂණ ඉවර නැහැ කියන්නේ, රණවිරුවා තවමත් වැරදිකාරයෙක් නෙමෙයි කියන එක. පොලීසියට රණවිරුවා වැරදිකාරයෙක් කියලා ඔප්පු කරගන්න තරම් සාධක නැහැ කියන එක. සාක්කි නැහැ කියන. උපකල්පන මිසක් නිගමනයකට එන්න තරම් හේතු නැහැ කියන එක. පොලිස් පරීක්ෂණත් අවසන් නොවී, වැරදිකරුවෙකුත් නොවී, ඇපත් නොදී දිගින් දිගටම මේ රණවිරුවෝ සිරගත කරලා තියා ගන්න පුළුවන් කියලා, කියල තියෙන්නේ කොයි නීතිපොතේද කියලා කවුරුහරි මට කියනවද? අවනීතිය පිලිබඳ පොතේ නම්, මේක තමයි පලවෙනි පිටුව.

      නොදියුණු ගෝත්‍රික සමාජයේත් මීට වඩා සාධාරණ විදියට, යුක්ති සහගත විදියට නඩු අහලා තියෙනවා. ලැජ්ජයි!

  2. Jayen jayama wewa To our Dearest Wimal Weerwanasa our lion voice of Sinhala nation So Happy to see you back on the winning track to save our motherland with the Sinhala Mahajanathawa…JAYAWEWA!!!

  3. jayamal says:

    මව්බිම වෙනුවෙන් පෙරටම යන්න විමල් වීරවංශ වීරයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා යි මේ රටට ආදරේ ජනතාව වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් ගුණ බල මහිමයෙන් සහ බලගතු දෙව් මහ රජුන්ගේ මහා දේවානුභාවයෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබී පෙරටත් වඩා දිරියෙන් එඩියෙන් ඉදිරියටම යන්න හැකි වේවා! අපි ඔබ සමඟයි.

  4. aagamikaya says:

    Wimal sahodaraya Obata jathiye pranamaya. Obata Jesu samiduge pihita labewa. Obage siyalu balaporottu ituweva.

    • jayamal says:

      aagamikaya ඔබ පැතූ පරිදිම විමල් වීරවංශ මැතිඳුනි, ඔබට ජේසු සමිඳුන්ගේ පිහිට ලැබේවා! විමල් වීරවංශ යනු සෑම ආගමක්ම සෑම ජන කොට්ඨාශයක් කෙරෙහිම ඉතා සංවේදී සොඳුරු මිනිසෙකි. ඔය සමහරු ලේබල් කරන්න හදන විදියේ අන්තවාදියෙකු නොවේ. ඔබතුමාගේ ඉදිරි ගමනට ජයෙන් ජයම පතමු. මේ මව්පොලොව සුරැකෙන්නේ කවදා හෝ ඔබ වැනි සැබෑ දේශප්‍රේමීන්ගේ නොසැලෙන උත්සාහයෙන් බව මට ඉර හඳ සේ විශ්වාසයි!
      ඔබ වෙනුවෙන් කඳුලු සලනු අප දුටු විමාශා දුව ඇතුලු පවුලේ සැමටම නව වසරට සුබාසිරි පතමි.

  5. kate says:

    May God Bless you and protect you in every step you take!!

  6. dayan jayathilaka says:

    MENNA JACK GAHANOO HUUU

  7. Che says:

    Please look after your wife people are jacking while you’re talking ane

  8. GodFather says:

    Be Strong. Be Careful.Be Clever. Still long way to go.

Leave a Comment

Main News