වැවක තරුණයෙකුගේ මළ සිරුරක් පාවෙයි…

February 24, 2018 at 2:40 am | lanka C news
වැවක තරුණයෙකුගේ මළ සිරුරක් පාවෙයි…

කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම වැවේ තිබි පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවේය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි බාලසිංහම් දනුෂන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවටයි.

අදාළ ත්‍රීරෝද රථ රියදුරු (21) සවස ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් ඇති අතර, රාත්‍රියේ නිවස වෙත ආපසු නොපැමිණි බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූහ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූවේ ත්‍රීරෝද රථ රියදුරා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බවයි.

සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් කිලිනොච්චිය රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අදාල මරණය සැක සහිත බව මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

753 Viewers
Main News