වැවක රහසිගත කසිප්පු නිශාපදනාගාරයක්…

June 27, 2018 at 2:10 am | lanka C news
වැවක රහසිගත කසිප්පු නිශාපදනාගාරයක්…

මුලතිව් කල්මඩුකුලම් වැවෙහි කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) නිශපාදනාගාරයක් වැටලමට පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් පියවර ගෙන ඇත.

කල්මඩුකුලම් වැවට ජලය ගලා එන ඔයක් යොදාගනිමින් මෙම කසිප්පු නිශපාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ අතර මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානය වැටලීමේදී මත්පැන් ජාවාරම් කරුවන් පලා ගොස් ඇත.

එහිදී කසිප්පු නිශ්පදනාගාරයේ තිබයදී ගොඩා බැරල් 10 ක් සගවා තිබියදී සොයාගත් අතර එම ගොඩා බැරල් 10 ම විනාශ කිරීමට පුදුකුඉරිප්පු පොලීසිය විසින් පියවර ගෙන තිබූ අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,199 Viewers
Main News