වැව් 03ක වැව් බැම්ම කැඩෙයි..

November 12, 2018 at 5:30 pm | lanka C news
වැව් 03ක වැව් බැම්ම කැඩෙයි..

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරිණීපාත වර්ෂාපතනය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පිහිටි තවත් වැව් 3 ක් කැඩී යාමත් සමග කැඩී ගිය වැව් බැම්ම සැදීම සඳහා මුලතිව් ආක්ෂක සේනා මූලස්ථානය ඇතුලු ගම්වාසීන් දිවා රාත්‍රි දැඩි පරිශ්‍රමයක නිරත වූහ.

මුලතිව් සින්නසලම්බාන්කුලම් වැව, නෙදුන්කේනි වැව සහ කෝඩාවි කල්ලුකුලම්  වැව් 3හි බැම්ම බිඳියාමත් සමග වැවේ ජලය පිටතට ගලා යාමත් සමග ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් පසුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් පරිදි 64 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගේ අධීක්ෂණයෙන් 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ  යුද හමුදා කණ්ඩායම් කිහිපයක් විසින් වැලි කොට්ට අතුරා වැව් බැමි ආරක්ෂාව තාවකාලිකව තහවුරු කිරීමට සමත්විය.

කැඩී ගිය වැව් බැමි පිලිසකර කිරීම සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මේනම ප්‍රදේශවාසී ගොවි ජනතාවද ඉමහත් සහයක් යුදහමුදාව වෙතට ලබා දී තිබුණි.

මේ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් හට ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ලබාදෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,370 Viewers

4 Comments to “වැව් 03ක වැව් බැම්ම කැඩෙයි..”

  1. Notthischange says:

    Gam wasiyantath bunker hadala purudu natha…
    Danwath kali kadanna hadana tamil deshapaluwonta therenawada danne na.

  2. sunimal says:

    නවරජය මුලින්ම කල යුත්තේ ගංවතුර ගැලීම නතර කිරීමට යෝද වැඩපිළිවලක් ආරම්බ කිරීමයි

  3. david milibanda says:

    Kale guna may gam wasiyan danna wada manda?
    Mallaitivu janaya dan wath haamuda wa samaga sahayogayen jeewath wi gama hada ganna.

  4. අර හාමුදුරුකෙනෙක් කීවෙ, ඔය මහින්ද මහත්තයා ආපු වාසනාවට වෙන ආශ්චෛර්ය!

Main News