වැස්සට කූඩු හදන වදුරෝ වගේ වැඩ කරන ඇමතිවරු ඕනෑ නෑ.. ‘පෙට‍්‍රල් නෑ ඒකට සොරි’ කියන්න ඇමතිලා මොටද..

November 8, 2017 at 5:30 pm | lanka C news
වැස්සට කූඩු හදන වදුරෝ වගේ වැඩ කරන ඇමතිවරු ඕනෑ නෑ.. ‘පෙට‍්‍රල් නෑ ඒකට සොරි’ කියන්න ඇමතිලා මොටද..

එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට අපි මේ තෙල් අරබුදය දකින්නෙ සමස්ථ ආණ්ඩුවේ අරබුදයක් විදියටයි යනුවෙන් රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදි එහි සභාපති හිරපු පාර්ලිමේන්තුව මන්ත්‍රි උපාලි අමරසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්  පහත අදහස් ප්‍රකාශ කලේය

අපි එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට මේ වෙලාවේ මේ රටේ ලක්ෂ ගානක් පෙට්‍ර්ල් පරිබෝජනයන කරන ජනතාව වෙනුවෙන් අපේ විරෝධය රජයයට ප්‍රකාශ කරනවා. මේ රජයට නිසි ක්‍රමවේදයක් තිබිලා නැහැ මෙවැනි හදිසි අවස්ථාවකට මුහුණ දෙන්. එක තෙල් නැවක් හරවා යැව්ව පමණින් මේ තරම් තෙල් අරබුදයකට මුහුණ දෙන්න සිද්ධ උනෙ ඒ නිසයි. දැන් ඇමතිවරයා රූපවාහිනී ලගට ඇවිත් මට සමාවෙන්න කීමෙන් ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. මේ පෙට්‍ර්ල් ප්‍රශ්නය තදින්ම බලපෑවේ මේ රටෙ දුප්පත් පන්තියට කියන එක අපි කියන්න ඕනේ.

මෝටර් සයිකලයක් තියන ත්‍රීවීලර් එකක් තියෙන රටේ සුළු ව්‍යාපාරයක් කරන් ජිවත් වෙන මිනිස්සු මේකෙන් විශාල විදියට අපහසුතාවයට පත් උනේ මොකද ඔවුන් තෙල් මිලදී ගන්නෙ දෛනිකව රුපියල් 100ක් 200ක් දීලා. මහා පරිමානයේ අයට මේ තත්වය අල්ලන් ඉන්න පුලුවන් උනත් මේ දුප්පත් මිනිස්සුට ඒක අමාරුයි ඒ නිසා අපි රජයට බල කරනවා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය විසදන්න කියලා බාල තෙල් නැව් පිටින් ලංකාවට එන්නෙ කොහොමද කියන එක හොයලා බලන්න ඕනේ. මේ පලවෙනි වතාව නොවෙයි ඛනිජ තෙල් සංස්ථාවේ විශාල ප්‍රශ්න තියෙනවා මේවා සොයා බලා කටයුතු කළ යුතුයි.

වැස්සට කූඩු හදන වදුරෝ වගේ අමාත්‍යාංශ කරන්න නම් ඇමතිවරු ඕනේ නැහැ. විදුලිබලයේ වගේම ලංකාවේ ඉන්ධන මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. නියමිත පිරිවිතර වලට අදාල තෙල් සැපයීමට කටයුතු නොකල සමාගම අසාදු ලේඛණගත කල යුතුයි. මේවායින් සිදුවන සෘජු සහ වක්‍ර පාඩුවට වගකියන්නේ කවුද? තමන්ට හරවා යවපු තෙල් නැව ආපහු ගොඩබාන්න බලපෑම් කලා කියලා ඇමතිතුමා කියනවා. ඒ කවුද කියලා ඇමතිතුමා රටට හෙළිකල යුතුයි.

ලංකා දේශපාලනය පලිගැනීමවලට ලක්වූවන්ගේ සංගමෙ සභාපති ගැමුණු පල්ලෙවත්ත හා පක්ෂයේ මධ්‍යම කාරක සභික අජන්තා රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගි වී සීටීහ.

– unff media

18,908 Viewers

3 Comments to “වැස්සට කූඩු හදන වදුරෝ වගේ වැඩ කරන ඇමතිවරු ඕනෑ නෑ.. ‘පෙට‍්‍රල් නෑ ඒකට සොරි’ කියන්න ඇමතිලා මොටද..”

  1. නැකත් රාල says:

    චාර් වලට තෙල් ගැන වෙලාවත් අලුත් අවුරුදු චාරිත්‍ර වලට පාලන මලයෝ.

  2. Mahajanaya says:

    Balapaama karana ayawa mahajanayaata helikaranda.meawagea asarana wealawaka ametithuma helikaranda kawudakiyaa.kotharam minissu maha maga?aanduwa budida?

  3. ajith says:

    Dewani gal aguru balagaraya awalangu kirimen prasna mathu wunadata kohoma weyida hithanna puluwam neda?

Main News