වැස්සත් සමග මුලතිව් වලට මහ සුලගක්.. ප්‍රධාන පාරට ගස් කඩා වැටී ගමනා ගමනයටත් බාධා..

September 6, 2017 at 2:04 am | lanka C news
වැස්සත් සමග මුලතිව් වලට මහ සුලගක්.. ප්‍රධාන පාරට ගස් කඩා වැටී ගමනා ගමනයටත් බාධා..

දිගු කලක් නියගයෙන් පීඩා විඳි මුලතිව් වැසියන්ට මේ දින වල වර්ෂාපතනය ලැබෙන අතර වැස්සත් සමග ඇතිවූ සුලං තත්වයක් හේතුවෙන් මුලතිව් තාණ්ඩික්කුලම් ප්‍රධාන මාර්ගයට ගස්ද කඩා වැටීමෙන් ගමනා ගමනනයට බාධා එල්ල විය.

මුලතිව් පුලියන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට හමා ගිය සුලං තත්වයක් හේතුවෙන් මෙසේ ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදු විය.

පසුගිය දිනවල මුලතිව් දිස්ත්‍රීක්කයට දැඩි නියං තත්වයක් බලපෑ අතර මේ හේතුව නිසා මුලතිව්හි පිහිටි සියලු වැව්ද සිඳී ගොස් තිබුණි.

කෙසේ වෙතත් වර්ෂාවත් සමග ඇති වූ සුලං තත්වය නිවාස හානි කිසිවක් වාර්ථා වී නොමැති අතරම වර්ෂාව දිගටම ඇදහැලෙනු ඇතයි මුලතිව් වැසියන්ගේ එකම බලාපොරොත්තුව වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,974 Viewers
Main News