වැස්සෙන් අබලන් වූ මන්නාරමේ මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා…

January 3, 2019 at 2:04 am | lanka C news
වැස්සෙන් අබලන් වූ මන්නාරමේ මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා…

පසුගිය දිනයන්හි මන්නාරම් දිස්ත්‍රීක්කයට බලපෑ වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් ගම්මාන මාර්ග හා ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇත බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

මේ අතරමන්නාරම පුත්තලම මාර්ගයේද මේ වන විට ගමනාගමනයේදී වැසියන්ට දැඩි ලෙස බාධා සිදුවන අතර මන්නාරමේ සිට පුත්තලම හරහා කොළඹට ගමන් කිරීමට හැකි පහසුම මාර්ගයද මේ වන විට බස් ධාවනය ඇතුලු සියලු ගමනාගමන කටයුතු දැඩි සේ අඩාල වී ඇත් අතරම වැඩි වශයෙන් පීඩා විඳින්නේ පාසල් ළමුන් හා රාජ්‍ය සේවකයින් ඇතුලු බස් මගීන් බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

මේ අයුරින් මන්නාරමේ ගම්මාන රැසක පිහිටි පිලසකර නොකරන ලද මාර්ග වල ගමන් කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවටත් එම මාර්ග හැකි ඉක්මනින් පිළිසකර කර දෙන මෙන් ප්‍රදේශයේ වැසියන් ඉල්ලා සිටිති.

වර්ෂව හා ගංවතුර හේතුවෙන් මන්නාරමේ කාපපට් අතුරන ලද මාර්ගවලද මඩ හා වැලි පිරී පැවතීම හේතුවෙන්ද වාහන ගමනාගමන කටයුතු වලට බාධා සිදුවඇති බවටද මන්නරම් වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,247 Viewers
Main News