වැසි සමග ඩෙංගු නැගිටී.. මර්දන වැඩසටහන් අරඹේ..

May 13, 2018 at 2:05 am | lanka C news
වැසි සමග ඩෙංගු නැගිටී.. මර්දන වැඩසටහන් අරඹේ..

නිරිත දිග මෝෂම් වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු උවදුර හිස එසවීමේ අවධානමක් පවතින හෙයින් උතුරේ ඩෙංගු මැඩ පැවත්වීමේ වැඩ සටහනක් දියත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

එහි එක් පියවරක් වශයෙන් උථුරේ පිහිටි සියලුම නගරයන්හි ජනතාව බහුලව ගැවසෙන් ස්ථානයන්හි ඩෙංගු කීටයන් ඇති විය ස්ථාන සොයා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතරම අනෙක් පියවර වශයෙන් ග්‍රාමීය වශයෙන් ජනතාව දැනුවත් කොට ගම්මාන ගම්මානයන්හි ඇල වේලී පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව උතුරේ ආරක්ෂක අංශ විසින්ද ඩෙංගු උවදුර මැඩ පැවත්වීඹ සඳහා නගර ආශ්‍රිතව හා මහා මාර්ග පිරිසිදු කරමින් සහය දැක්වීමේ වැඩසටහනක්ද ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

834 Viewers
Main News