වෑන් රථයක් අලියෙකු හැපී කුඩු පට්ටං.. අයෙක් එතැනම මරුට…

August 10, 2018 at 6:31 am | lanka C news
වෑන් රථයක් අලියෙකු හැපී කුඩු පට්ටං.. අයෙක් එතැනම මරුට…

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා රක්ෂිතයේ දඹුල්ල හබරණ මහා මාර්ගයේදි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් එම ස්ථානයේදිම මියගියේය.

මෙම අණතුර නිසාවෙන් වෑන් රථයේ ගමන්ගත් හතර දෙනකු තුවාල ලැබ් අතර වයස අවුරුදු තුනක පමණ දැරියක්ද ඒ අතරවිය

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් පමණ වයස විවාහක තරුණයෙකි. ඔහු හා තුවාල ලැබුවන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට ඇතුලත් කර ඇත ඉන් එක්අයෙකුගේ තත්වය බරපතල බව රොහල් ආරංචිමාර්ග පවසයි.

අණතුරට ලක්වුවන් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පුද්ගලයින්ය මේ හි සිටි කාන්තාව පමණක් බේරි ඇති අතර වෑන් රියේ වැදුන අලියා ඒ මොහොතේම කැලයට ගොස් ඇති අතර අලියා සොයා වනජිවි නිලධාරින් දිගම්පතහ රක්ෂිතයේ මෙහයුමක් ආරම්භ කලද අලියා සොයා ගැනිමට නොහැකි වි ඇති බවත් අලියා සොයන මේයේයුම අඛන්ඩව සිදු කරණබවද සිගිරිය වනජිවි කාර්යාලය පවසයි.

දිලම්පතහ රක්ෂිතයේ දි වන අලින්ගේ වහන ගැටිම් නිතර සිදුවන නිසා සෙමින් ධාවනය කරණ ලෙස දක්වන දැන්විම කෙතරම් තිබුණද අධිකවේගයෙන් ධාවනය වන වාහන හේතුවෙන් වන අලින්ට නිතර කරදර සිදුවන බව පැවසේ.

මෙම අණතුරද එසේ අධික වේගයෙන් ධාවනය කිරිම නිසා සිදු අණතුරක් විය හැකිබව පැවසේ

කේසේ වුවද අණතුර පිලිබදව සිගිරිය පොලිස් ස්ථානාධිපධිවරයාගේ මේහේවිමෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භකර ඇත.

– මහින්ද උදයසිරි

13,622 Viewers
Main News