වික්ටර්ගේ බිරිද හෂිනි පොලිස් අත්අඩංගුවට ගනී.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

January 9, 2018 at 3:00 pm | lanka C news
වික්ටර්ගේ බිරිද හෂිනි පොලිස් අත්අඩංගුවට ගනී.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්තායක මහතාගේ බිරිද වන හෂිනි රත්නියක තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුව සේවය කරමින් සිටි කාලයේදී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇය පොලීසිය විසින් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සොයමින් සිටියේය.

කෙසේ වෙතත් ඇයව සගවාගෙන සිටීම හේතුවෙන් වික්ටර් රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද පැවතියේය.

11,769 Viewers

One Comment to “වික්ටර්ගේ බිරිද හෂිනි පොලිස් අත්අඩංගුවට ගනී.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..”

  1. Chan says:

    Koheda danne na poleesiya avurudu 3 k thisse meyava hevve poleesiye miduleda danne na

Main News