විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්..- ගබ්සාව නීතිගත කිරීම ගැන සෞඛ්‍ය ඇමති කියයි..

September 4, 2017 at 8:40 am | lanka C news
විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්..- ගබ්සාව නීතිගත කිරීම ගැන සෞඛ්‍ය ඇමති කියයි..

ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගබ්සාව නීතිගත කිරීම සදහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර ඇත. කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 වෙයි. එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබිසාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැත. එම යෝජනා ලැබුනු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවයි. එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

– ප‍්‍රසන්න අධිකාරී

5,043 Viewers

9 Comments to “විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්..- ගබ්සාව නීතිගත කිරීම ගැන සෞඛ්‍ය ඇමති කියයි..”

  1. cw says:

    I heard one SL minister had two mongrel sons.

    • මොංගල්-මංගල් says:

      “කට බොරු කීවත් දිව බොරු නොකියත්”!!! “විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්”!!

      මේ ඔයා ගැනම නේද කිව්වේ ?

      • Ajith says:

        මෙම නීතිය කලින් තිබුනානම් අද රාජිත කියා කෙනෙක් නැත. මොහුට විකුර්ති මනසක් ඇති බව මොහු අද කියන කරන දේ වලින් මනාවට පැහැදිලියි. මෙවැනි අය ඉපදුනාට පසුව කල හැකි දෙයක් තියෙනවනම් දැන්මම නීති ගතකරන්න, එවිට ලංකාවටම සෙතක් වේවි.

    • Amda says:

      මුන්දා ගෙවන පාපය දන්නේ මුන්දාම තමයි.

  2. සරදියෙල් says:

    එකඟයි

  3. Lolla says:

    විකූර්ති මිනිසෙකු බිකිරීම පාපකර්මයක්…….ඒක මෙයා හොදට දන්නවා
    මෙයාටත් එක්කෙනෙක් ගෙදර ඉන්නවා……

  4. Mama Sirisena says:

    Rajitha,

    If this was in force probably 10 decades ago, my current cabinet would have been at least half short of ministers. Anyway don’t count me.

  5. කැමරොන් මාමා says:

    විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්..- ඊටත් වඩා විකෘති මිනිසෙකු සවුක්‍ය අමතියෙක්විම ජාතියේම පාපකර්මයක්..-

  6. Boo says:

    දැන් එතකොට මේ විකෘති මිනිහා බිහි කිරීමෙන් එයාගේ දෙමවුපියෝ සෑහෙන ලොකු පවක් කරලා තියෙනවා. අපරාදේ ඒ කාලේ ගබ්සාව තිබුනේ නැහැනේ.

Main News