විගනේෂ්වරන්ට විරෝධය පා උතුරේ තුන්වන දිනටත් විරෝධතා…

January 4, 2018 at 8:02 am | lanka C news
විගනේෂ්වරන්ට විරෝධය පා උතුරේ තුන්වන දිනටත් විරෝධතා…

වව්නියාවේ වසා දැමුණු පැරණි බස් නැවතුම්පල නැවත විවෘත්ත කරන ලෙසටත් උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නියෝගයන්ට විරෝධය පාමිනුත් ඊයේ (03) වව්නියාව නගරය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හර්තාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවුනී.

වව්නියාවේ පැරණි බස් නැවතුම් පලේ වෙළඳසැල් පමණක් ඊයේ දින වසා දැමුනු අතර වව්නියාව නගරයේ අනෙක් සියලුම වෙළඳසැල් සාමාන්‍ය පරිදි විවෘත්ව තිබුනු අතර පාසල්, රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වලද කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.

මේ අතර වව්නියාව වෙළඳ සංගමයේ සාමාජිකයින් කියා සිටියේ පැරණ බස් නැවතුම්පලේ වව්නියාව නගරයතුල ධාවනය වන පෞද්ගලික හා ලංගම බස්රථ ගාල් කොට ධාවනය කිරීමට ඉඩ ලබාදීමට කටයුතු කරන ලෙසටත් වව්නියාව නගරයෙන් පිට ධාවනය වන සියලු බස් රථ නව බස්නැවතුම්පලේ ගාල් කිරීමට පියවර ගන්නා ලෙසටත්  පැරණි බස් නැවතුම්පලට ඇතුල් වීමට නොහැකිව බැරල් දමා වසා තැබීමෙන් තම ව්‍යාපාර කටයුතු සම්පූරණයෙන්ම බිඳවැටෙන හෙයින් අදාල කරුණු මුල් කරගනිමින් ඊයේ දින හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවටයි.

නමුත් වව්නියාවේ විවෘත්ත කොට තිබූ වෙළඳසැල් හිමියන් කියා සිටියේ සමාජජාලා මගින් පමණක් ඊයේ දින හර්තාලයක් ක්‍රියාත්මක කරන ලෙසට දැනමු දී තිබූ හෙයින් තමන්ට වගකිවයුත්තෙකුගෙන් කිසිදු දැනුම්දීමක් නොවුනු හෙයින් සිය වෙළඳසැල් සාමාන්‍ය පරිදි විවෘත්ත කල බවටයි.

එමෙන්ම එලවළු වෙළඳසැල් හිමියන් කියා සිටියේ තමන්ගේ ගැටලුවලට වව්නියාවේ වෙළඳ සංගමය මැදිහත් නොවීම හේතුවෙන් තමන්ට අදාල හර්තාලයට සහය දීමට නොහැකි බවටයි.

මේ අතර පැරණි බස්නැවතුම්පල යලි විවෘත්ත කරන ලෙසට ඉල්ලමින් උතුරේ සියලුම ලංගම බස් ධාවනයෙන් ඉවත්වී ඇති අතර ඊයේ තෙවැනි දිනටත් එය ක්‍රියාත්මක නොවීම නිසා උතුරේ ග්‍රාමීය ගමනාගමන කටයුතු වලට දැඩි සේ බාධා එල්ලවීමෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,102 Viewers
Main News