විග්නේෂ්නරන්ට එරෙහිව උතුරේ විරෝධතා.. බස් ධාවනය නවතී..

January 1, 2018 at 5:30 pm | lanka C news
විග්නේෂ්නරන්ට එරෙහිව උතුරේ විරෝධතා.. බස් ධාවනය නවතී..

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව පැරණි බස් නැවතුම්පල වසා දැමීමත් හා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පලකරමින් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ අද (01) බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වූහ.

උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩයේ ඩිපෝ 7 සේවකයෝ බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයේ නිරත වූහ.

වැඩවර්ජනයට සහය දක්වමින් වවුනියාව පැරණි බස්නැවතුම්පොල ආශ‍්‍රිත වෙළඳසල් 147 ද වසාදමා කළු කොඩි ඔසවා බස්නැවතුම්පල වසාදැමීමට විරෝධය පල කළේය.

ලංගම බස්රථ සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ගමන් බිමන් යාමට පැමිණි මගීහු විශාල පිරිසක් පීඩාවට පත්වුහ.

වසා දැමුණු පැරණි ලංගම බස්නැවතුම්පොල වෙත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

කෙසේ වෙතත් පැරණි ලංගම බස් නැවතුම්පල වසා දැමීමට පියවර ගෙන ඇත්තේ නව බස්නැවතුම්පල ඉදිවී වසරක කාලයක් නව බස්නැවතුම්පලේ පෞද්ගලික හා ලංගම බස් ගාල් නොකිරීම හේතුවෙන් නව බස් නැවතුම්පලට පෞද්ගලික බස් හිමියන් යාමට තීරණය කළද ලංගම බස් රථ යාමෙන් වැලකීම නිසාවෙන් අද දින මෙසේ පැරණි ලංගම බස් නැවතුම්පල වසා දමා නව බස් නැවතුම්පලේ බස් රථ ගාල් කරන ලෙසට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් නියෝග කොට ඇත.

කෙසේ වෙතත් මීට අවස්ථා කිහිපයකදීම නව බස් නැවතුම්පලේ බස් රථ ගාල් කිරීමට නියේග කෙරුණද පැවති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් නව බස්නැවතුම්පලේ බස්රථ ගාල් කිරීම නතර කෙරුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,393 Viewers

5 Comments to “විග්නේෂ්නරන්ට එරෙහිව උතුරේ විරෝධතා.. බස් ධාවනය නවතී..”

  1. CAT says:

    Send this racist tamil old man to hell….

  2. Vasana says:

    ජාතිවාදී දෙමළ මහා ඇමති විග්නේෂ්නරන්ට එරෙහිව උතුරේ විරෝධතා පවත්වා මදි මොහුව මහඇමති ධුරයෙන් නෙ රපා දමව්
    උතුරේ දෙමළ ජනතාවට ඇති ප්‍රධාන ප්‍රශ්නය කුලබේදයයි …මේ කුලබේදය පතුරවමින් ,සිංහල ජනතාවට බොරු චෝදනා කරමින් රටේ සංහිදියාව විනාශ කරන්නේ විග්නේශ්වරන් වැනි ජාතිවාදී බෙදුම්වාදී දේශපාලුවොයි .
    .උතුරේ සිටින මෙවැනි ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී දෙමල දේශපාලකයින් වහාම ඉවත් කල යුතුයි …
    දුප්පත් දෙමල ජනතාව රවටමින් දේශපාලන බලයෙන් සැප විදින මේ පුද්ගලයන් ගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි

  3. sinha le says:

    අප අපගේ ජාතික යුතුකම ඉටු නොකල සිංහල ජාතියේ එකම පරම්පරාවයි.

    මොණරවිල කැප්පෙටිපොල, වීරපුරන් අප්පු, ගාලේගොඩ බණ්ඩා වැනි වීර මුතුන් මිත්තන්ගේ දරු මුණුබුරන්වන අප කර මත පැටවී ඇති ජාතික යුතුකම ඉටු කිරීමට තවත් කල් මැරිය නොහැකි තැනකට ජාතිය අවදානමකට වැටි ඇත.

    සිංහල දීපය රැක ගැනීමට එක්වෙමු.

  4. love nature says:

    දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු

    සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ අපගේ විරුද්ධතාවක් නැත. අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඔවුන්ට සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි.

    හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි.

    මම දන්න විදියට එකදාස් නවසිය 30 ,40 ගණන් වල , සිංහල අලුත් අවුරුද්දට නිවාඩු දෙනකොට දෙමළ අයකිව්වලු එයාලටත් නිවාඩු ඕන කියල. ඊට පස්සේ සුද්දා මේකට දෙමල අයවත් ඇද්ද ගන්න සිංහල-හින්දු අලුත් අවුරුදු නිවාඩුව දීලා

  5. CORBRA says:

    Tamil political party and Muslim political party were in support of Terrorism.
    BAN TNA TERRORIST RACIST PARTY IMMEDIATELY ….

Main News