විග්නේෂ්වරන්ගේ දරුවන් දෙන්නෙකුම විවාහ වී ඇත්තේ සිංහල දරුවෝ සමගයි..

September 12, 2018 at 5:30 pm | lanka C news
විග්නේෂ්වරන්ගේ දරුවන් දෙන්නෙකුම විවාහ වී ඇත්තේ සිංහල දරුවෝ සමගයි..

”මම පොඩි කාලේ අහලා තියෙනවා යාපනයේ දරුවෝ ගෙදර විදුලිය නැති නිසා පාරේ වීදි ලාම්පු එළියෙන් පාඩම් කරලා උසස් අධ්‍යාපනය ලබලා රටේම වැදගත් තනතුරු වලට පත් වුණු පිරිස් හිටියයි කියලා. වර්තමානය ගත්තම හැම තැනම විදුලිය තියෙනවා. එහෙත් අද වන විට යාපනයේ අධ්‍යාපනය පිරිහීමට ලක් වෙලා. ඒ නිසා අධ්‍යාපනය පෙර පරිදිම නගා සිටුවන්න අලූත් දැක්මක් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දේශපාලකයෝ කල්පනා කරන්නේ ඉදිරියට එන මැතිවරණය දිනන්නේ කොහොමද කියලායි. මම කල්පනා කරන්නේ අනාගත පරපුර හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත පුරවැසියන් කරන්නේ කොහොමද කියලා” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා යාපනයේ වඩුක්කොඩෙයි හින්දු විද්‍යාලයේදී පැවසීය.

යාපනය හින්දු විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ද්‍රවිඩ බසින් අමතමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

”ජාති, කුල, ආගම් භේද අධ්‍යාපනයට අදාල වන්නේ නැහැ. ඕනෑම කුලයක, ජාතියක දරුවෙකුට උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට හැකි පරිසරයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා.

අතීතයේදී යාපනයේ ඉගෙන ගෙන අපේ රටේ නම ලෝකයේ ප‍්‍රචලිත කළ පුරවැසියන් ඕනෑ තරම් ඉන්නවා. කෙන් බාලේන්ද්‍රම්, ආනන්ද කුමාරස්වාමි, ලක්‍ෂමන් කදිරගාමර්, රාජිකා කුමාරස්වාමි වැනි අය උදාහරණ ලෙස ගන්න පු`ථවන්.

අධ්‍යාපනය හොඳින් ලබා ගත්තම ඔබ ළ`ගට හැමෝම එනවා. හැමදේම ඔබට ලැබෙනවා. කලූතර, කොළඹ, ගාල්ල, මාතර වැනි ප‍්‍රදේශ වල වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි උසස් නිලතල දරණ අය අද සේවය කරන්නේ දකුණේ සිංහල ජනතාවට. එහිදිී ඔවුන්ගේ සේවය නිසා ජාති භේද, ආගම්භේද විසිවෙලා තිබෙනවා. මනුස්සකම ළ`ග ජාති බේද, ආගම්භේද කිසිම වටිනාකමක් නැහැ. උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ දරුවෝ දෙන්නෙකුම විවාහ වෙලා සිටින්නේ සිංහල දරුවෝ සමගයි. විග්නේෂ්වරන් මහතාගේ ගෙදර තිබෙන සාමය, සංහිඳියාව තමයි යාපනයටත් අවශ්‍ය.

දකුණේ රෝහල්වල ද්‍රවිඩ වෛද්‍යවරු විශාල ප‍්‍රමාණයක් සේවය කළත් උතුරේ මුලතිව්, කයිට්ස්, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නයිනතිව් යන ¥පත් වල තිබෙන රෝහල් වල වෛද්‍යවරුන්ගේ හි`ගය බරපතල ලෙස තිබෙනවා. ඒ නිසා යාපනයේ ඉගෙන ගෙන වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලද වෛද්‍යවරුන්ට මා යෝජනා කරන්නේ අඩුම තරමින් වසර 4 ක් වත් තමන්ගේ ගමට, ප‍්‍රදේශයට සේවය කරන ලෙසයි.

අවුරුදු 30ක සාප ලත් යුද්ධයෙන් පීඩා විඳි ඔබ නැවත නැවත ඒ මාවත තොරා ගන්නේ නැතිව ලැබිලා තිබෙන සාමකාමි පරිසරය තුළ හොඳට ඉගෙන ගෙන රටම බබලවන්න පු`ථවන් පුද්ගලයන් වෙන්න යයි මම ඉල්ලා සිටිනවා.

අතපසු වෙන, ගතවෙන සෑම තත්පරයක්ම, දිනයක්ම නැවත ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලට ප‍්‍රමුඛතාවය දී කටයුතු කළොත් ඔබේ අනාගතය යහපත් වේවි. උතුරේ කැප වීමෙන් සේවය කරන විදුහල්පතිවරු හා ගුරුවරු විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. මේ අය ඔබේ අනාගතය යහපත් කරන්න කැප වීමෙන් වැඩ කරනවා. ඔබ ඒ ගැන එක් වරක්, දෙවරක් නොව තුන් හතර වරක් සිතා බැලිය යුතු වෙනවා” යයි මෙහිදී අවසාන වශයෙන් රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

වඩුක්කොඩෙයි හින්දු විද්‍යාලයේ විදුහල්පති එස්. තනන්ජයන් මහතා විසින් පිළි ගැනිමේ කථාව කළ අතර ජයග‍්‍රාහී ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරන ලදී.

උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

17,465 Viewers

10 Comments to “විග්නේෂ්වරන්ගේ දරුවන් දෙන්නෙකුම විවාහ වී ඇත්තේ සිංහල දරුවෝ සමගයි..”

  1. Abasarana Gnanasara says:

    Well done Sir,excellent speech you have made in tamil.
    May happiness and prosperity grace among our tamil brothers and sisters in Jaffna

    • ඇන්ටන් බලුසින්හම් says:

      බිජ්ජේස්වරන්ගෙ දුෂ්ඪකමයි, කුහකකමයි කියන්නෙ ඌ කෙනෙහිලිකම් කරන්නෙම සිංහලයන්ටමයි.

    • Wijebahu says:

      What advice this Governer to the Northern Province is going to give to those provincial councillors
      who passed a law not to allow any Sinhalese national to live in the North?

  2. naliya says:

    serata kiyala weduleya wesannde karapan ayet pare light ekin lamae padam karala yapane naggala ganewe

  3. sakalabujan says:

    දකුණේ ඕනෑම තැනක ද්‍රවිඩයන්ට ජිවත්විය හැකි නම් සිංහලයන්ට උතුරේ ජීවත්වීමට නොහැකි මන්දැයි මේ ජාතිවාදීන්ගෙන් කෙලින්ම ඇසීමට තරම් පිට කොන්දක් ඇති දේශපාලනඥයන් අද පාර්ලිමේන්තුවේ නොමැත.

    • Sirithekku says:

      කරුණාකර මෙම වෙබ් අඩවියේම පලකර ඇති,

      “උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත”

      යන .ලිපියද කියවන්න .

  4. සනත් ඉතාලිය says:

    දේශපාලන වශයෙන් මා ඔබට කොහෙත්ම අකමැතියි නමුත් මේ කතාව තුල මා ඔබේ නොදුටු ගුණාත්මක බවක් දුටුවා මසුරන් වටිනා ඔබගේ අදහස් වලට මාගේ ප්‍රණාමය ප්‍රශ්නය මේ දරුවන්ට ඔබගේ අදහස් වැදීබන වෙයිද කියන එකයි එසේ නොවීවයි පතමි .හේතුව ඊ තරමටම මේ දරුවෝ ජත්වාදී කරලා තියෙන්නේ දමිල සමාජය එක මම සියසින්ම දුටුවා යාපනේ කල සංචාරයකින් ඔවුන් දකුණේ මිනිස්සු දිහා බලන්නේ වයිරගෙන් එම තත්වය අනාගතයේදීවත් දුරුවේවා කියා පතමි නැවතත් මගේ ප්‍රණාමය ඔබගේ වටිනා අදහස්වලට

    • A citizen says:

      To be fair to all the communities about this so called Peaceful Co _existence or SANHIDIYAAWA, the government should initiate the Resettlement of those displaced Sinhala people ,who had been living in In and around Jaffna ,for decades(past censuses corroborate it), but who were chased away(some were killed) during LTTE brutal terror period, and to that attempt ,Tamil Politicians includingSAMBANDHAN,Vigneswaren
      should support unconditionally.

  5. Nuwan says:

    නියම කතාව. ජාතිවාදී ඇග කිලිපොළා යන ප්‍රකාශ කරන දේශපාලනයට පිලිතුරු දෙන්න ඕන මෙහෙම තමයි .

    • Yasmin says:

      මෝඩ චූන්! ඔය බයිල කියල මුන්ව හදන්ඩ බෑ.

      මුන්ගෙ ඇට මිදුලු දක්වාම කාවැදිල තියෙන්නෙ බෙදුම් වාදය!

Leave a Comment

Main News