විජයබා පරපුර යතුරුපැදි සංචාරයේ..

November 24, 2017 at 5:30 pm | lanka C news
විජයබා පරපුර යතුරුපැදි සංචාරයේ..

යෝජිත බෙදුම්වාදී පෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීම සදහා පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය වන විජයබා පරපුර විසින් “පෙඩරල් එපා” යන තේමාව යටතේ දෙදින යොවුන් යතුරුපැදි සංචාරයක් සංවිධානය කර ඇත.

නොවැම්බර් මස 25 වන සෙනසුරාදා පෙරවරු 9.15 ට පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුවෙන් ඇරඹෙන මෙම යතුරු පැදි සංචාරය දෙහිවල, රත්මලාන, පිළියන්දල හරහා එදින සවස බෙල්ලන්විල රජමහා විහාරයට පැමිනෙන අතර සවස 6 ට අධිෂ්ඨාන පූජාවක් එම විහාරස්ථානයේදී සිදු කෙරේ.

යතුරුපැදි සංචාරයේ දෙවන දිනය 26 වන ඉරිදා පෙරවරු 8.30 ට නුගේගොඩින් ඇරඹී දෙල්කන්ද, මහරගම, කොට්ටාව, හෝමාගම, කඩුවෙල හරහා නවගමුව දේවාලයට පැමිනේ.

එහිදී පැවෙත්වෙන දේව කන්නලව්වෙන් අනතුරුව අවිස්සාවේල්ල රණවිරු ලලිත් ජයසිංහ පිළිරුව අසලින් “පෙඩරල් එපා” යොවුන් යතුරුපැදි සංචාරය නිමාවේ.

අරවින්ද අතුකෝරල
මාධ්‍ය සම්බන්ධිකාරක
විජයබාපරපුර

6,781 Viewers

8 Comments to “විජයබා පරපුර යතුරුපැදි සංචාරයේ..”

  1. ExUNPer says:

    Excellent !
    Do not let saboteurs infiltrate.
    Make sure no violence.
    Jayawewa !!!

  2. Gadol says:

    2012 දී සිදුකල ජන සංඝණනයට අනුව ලංකාවේ මුළු ජනගහණයෙන් සියයට 74.9ක් එනම් ජනගහණයෙන් හතරෙන් තුනක් සිංහල ජාතිකයන්ය. ඉතිරි ජනගහණයෙන් සියයට 11.2ක් ශ්‍රී ලංකා දෙමළ ද සියයට 9.3ක් ශ්‍රී ලංකා යෝනකද සියයට 4.1ක් ඉන්දියානු දෙමළ ද වන අතර සියයට 0.5ක් වෙනස ජන වර්ගවලට අයත් වේ.
    ඉදින් මෙරට බහුතර ජනගහනය වන 74.9කට ව්‍යවස්ථා වෙනසක් සමගින් පෙඩරල් පාලනයක් අවශ්‍යව ඇතිද?
    75% වූ සිංහල ජනයාගෙන් බහුතරයකටත් 10%ක් වූ මුස්ලිම් ජනයාගෙන් බහුතරයකටත් අද වනවිට පෙඩරල් පාළන ක්‍රමයක්වත් අලුත් ව්‍යවස්ථාවක්වත් අවැසිව ඇති බවක් නොපෙනේ.එහෙත් 15%ක් වූ දමිළ ජනයාට මේ අවශ්‍යතාවය තදින්ම ඇති අතර.බහුතරයේ අවශ්‍යතාවයක් නොවන කරුණක් වෙනුවෙන් පවතින රජය මෙපමන ප්‍රමුඛත්වයක් දෙන්නේ කුමන කරුණක් හේතුවෙන්දැයි විමසා බැලීම වටියි.
    #අප්පු

  3. SAMPANTHAN says:

    වැඩේ හොඳයි.තවම වැඩිදෙනෙක් ව්‍යවස්ථාව ගැන නැහැ. හරියට සනිවේදනය උනොත් හොඳයි.නැතිනම් හිටපුගමන් මොකක් හරි අස්සේ දාල අනුමත කර ගනීවි.දැනට තියෙන තත්වේ එනම් උතුරේ දැනටමත් එක ජාතියකට සීමා කරලා පදනම දාල තියෙන හැටිත් පෙන්වා දෙන්න ඕනේ

  4. Saradiel says:

    දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු රට වනසන කාල බෝම්බයක්‌

  5. Sriyalatha says:

    Great! This is a need of the day!

  6. Well Wisher says:

    ජයවේවා!

  7. බයිසිකල් පරපුර says:

    බයිසිකල් රාජපක්ෂවත් වැඩේට සෙට් කරගත්තනම් වැඩේ ප0කාදුයි

  8. ආවා ගැහුවා ගත්තා says:

    උතුරු පළාතේ මුහුදු ධීවර කටයුතුවල පාලනය මුළුමනින්ම පළාත් සභාවේ පාලනයට ගන්නා කියලා මා ඇමතියෙක්ක පෙනේ පුම්බලාලු. තොපිට කටට කෙලින මොහොතට පොලිසියත් ගින්තොට පොලිසිය වගේ භාවනා කරනවා. එතකොට කොලේ ඉවරයි දැන් කොලේ වහලා ජයට කෙලිනවා.

Main News