විජේදාසට දුන් කාලය අවසන්.. එජාපයට කර කියාගත හැකි දෙයක් නෑ.. විජේදාස ඉවත් කරන්නැයි ජනපති පස්සේ දුවයි..

August 21, 2017 at 10:27 pm | lanka C news
විජේදාසට දුන් කාලය අවසන්.. එජාපයට කර කියාගත හැකි දෙයක් නෑ.. විජේදාස ඉවත් කරන්නැයි ජනපති පස්සේ දුවයි..

අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා විජේදාස රාජපක්‍ෂ මහතාට එක්සත් ජාතික පක්‍ෂය විසින් දී තිබූ කාලය අද දිනයෙන් අවසන් වුවද ඇමතිවරයාට එරෙහිව කිසිදු තීන්දුවක් ක‍්‍රියාත්මක වී නැත.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේදී විජේදාසා රාජපක්‍ෂ මහතා ඉවත් කල යුතු බවට ඔවුන් කියා සිටියද අගමැතිවරයා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර තීරණයක් ගන්නා බවයි.

ඇමතිවරයෙකු ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට වන නිසා එය ජනාධිපතිවරයා විසින් සිදු කරන බවට මෙතෙක් පවසා නැති අතර ලක්බිම පුවත්පතද වාර්තා කර ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ එකගතාවයකින් තොරව ඔහු ධුරයෙන් ඉවත් කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපතිවරයා පවසා ඇති බවයි.

27,648 Viewers

16 Comments to “විජේදාසට දුන් කාලය අවසන්.. එජාපයට කර කියාගත හැකි දෙයක් නෑ.. විජේදාස ඉවත් කරන්නැයි ජනපති පස්සේ දුවයි..”

  1. Power says:

    යකෝ..මේක හරි කෙලියක්නෙ.මුං ඔක්කොම එකතු වෙලා ලෙඩ දාගන්නවා.අවසානෙට ඒ ලෙඩ ටික ඔක්කොම මගේ ඇඟට දානවා.මුං එක්ක ආණ්ඩු කිරිල්ල නම් දැන් ඇතිවෙලා තියෙන්නෙ හිටං.

    • Chethiyasena says:

      ඒක නොවැ කියන්නෙ!
      මම පත්තරේ බලනකංවත් මුං ඉන්නෙ නෑනෙ හිටං!

    • jayamal says:

      ඇත්තටම මේ වචන ටික නම් ජනාධිපති ගෙම වෙන්න ඕනේ!

    • Upali says:

      ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය නායකත්වය විජේදාස මැතිතුමාට හිමිවීමට නියමිතයි. ජයවේවා.

  2. නාඝ says:

    මේක තනිකරම රනිල් මය්තිරී ගේමක්. විජෙදාස හරහා ජන මතය වෙනස් කිරීමේ සෑලසුමක්. ඈයි අපේ අයට නොතේරෙන්නේ මෙය.

  3. කොමොල දාස says:

    තොපට වෙන්නේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට උනු දෙය පමණයි බුරුවනේ. තොපි සිංහල ජාතියත් බුදු දහමත් දෙකම උගස් කරලා රට කනවා, අජ්ජුන් දෙය්යා ඇලො දෙය්යා වැදපල්ලා. ගෙවල් ගනිල්ලා ෆුට් නෝට් ගහපල්ලා. රට කාපල්ලා. හැට දෙලක්ෂය විකුනලා තොපි හැදියල්ලා. හෙන ගහනකන්..

  4. ඇලෝසියස් යේස් සර් says:

    අපේ me වෑයම බැඳුම්කර මගඩි යෙන් අලි හොරු රැල බේරා ගැනීමයි. ජනාදිපති තුමාගේ බුල් කොට එකේ ටින්කිරි ගාගන්නවාමයි.

  5. ගමේජ් says:

    රවි කරුණානායක කෝටි ගණන් පගා ගහලා අතටම අහුවුනා.. ඒ හේතුවෙන් අස්වෙන්න වුණා.. දැන් ආණ්ඩුවේ හොරුන්ට ඕනේ රාජපක්ෂලාට වහාම ගහලා රටේ මතය හරවන්නයි.. එකනේ මේ ඔක්කොම හදිස්සි වෙලා තියෙන්නේ.. රනිල්වත්, සිරිසේනවත් විශ්වාස කරන්න එපා.. උන් වැඩකරන්නේ රටට හොඳ දේ ගැන හිතලා නොවෙයි.. මුන්ට ලැජ්ජාවක් ඇත්තෙම නැහැ ..

  6. රාහුල කොලුවා says:

    එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට වුන කාරියා.. දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා… මහින්ද එක්ක අවුරුදු 9 ක් එකට දීග කෑ ඡනාධිපතිතුමා ඔහුට පයින් ගසා රනිල් සමග හවුල් දීගයක් පටන් ගත්තේ රට සංවර්ධනය කිරීමට ඇති එකම විසඳුම ප්‍රධාන පක්ෂ දෙක එකතුවීම බව රටට ප්‍රකාශ කරමින්.. අවුරුදු 2 1/2 ක් රට පාලනය කරලා වුන ප්‍රතිඵලේ කුමක්ද..? රටත් එකතැන පල්වීම සහ මෙතෙක් ශ්‍රීලනිපයට හිමිව තිබූ තැනද අහිමි කරවීම පමණයි…

    • Mama Sirisena says:

      Rahula Putha,

      Ratata hena gahuwath mata mokada. Mama janadipathi unane. Anika kawda kiwwe mama ratagana kekkumata Janadipathi una kiyala. Laksha 62 ehemea hituwata mama monawa karannada. Mata ona une janadipathi wenna withrai. Ranilta teruna dan rata lassanata thiyenawa. Honda ganakata vikunaganna puluwan kiyala. Mawa gonata anduwa. Habai mata tama terune naha puthe. Patthara wala nam dakka ehemai kiyala. Puthata eheme hageemak enawada. Habai mama hitanawa thama 62 nam ma samgai kiyala.

  7. Raj Gophal says:

    Two mango friends borne in current period-KALI YUGA KALETA UPANNA YALUWO DENNA-RATA WIKUNAN KANA

  8. DIE HARD says:

    Why these UNP buggers do not remove Wijedasa from UNP ?

  9. Wijedasa Rajapaksha says:

    මුන් ඔක්කොම බලන් ඉන්නෙ කෙලවෙන තුරු මෙමට…😑😒

  10. Ranjit says:

    Was it not the President who asked the Justice Ministry and the Internal Security Ministry for three months to show progress in all these cases.

  11. Lion says:

    Right through out wijedasa’s stance was Rajapakses can not be penalised. Arested. Locked up .etc. he was all out to safe guard Rajapakses. He is not fit at all to politics. He is very money minded.

    • gamarala says:

      You are not a lion but an ass. How can you put Rajapaksea in jail when you can’t find anything to prove that they have been misappropriating money. That’s what Wijedasa has been telling all the time. Don’t you understand that ,you idiot?

Main News