විජේනායක හිතන්නේ එයා ගල්ලෙන බින්දා කියලා.. විජේසේකර හිතන්නේ එයා ලෙන්දොර ඇරියා කියා..- විජේනායකට විජේසේකරට ජානිපෙ අලුත් ලේකම්ගේ ප‍්‍රතිචාරය මෙන්න..

December 3, 2017 at 2:10 pm | lanka C news
විජේනායක හිතන්නේ එයා ගල්ලෙන බින්දා කියලා.. විජේසේකර හිතන්නේ එයා ලෙන්දොර ඇරියා කියා..- විජේනායකට විජේසේකරට ජානිපෙ අලුත් ලේකම්ගේ ප‍්‍රතිචාරය මෙන්න..

‘විජේනායකලා, විජේසේකරලා ජානිපෙන් යනවා. මොකක්ද මේ වන්නේ?’ යයි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන ලේකම් කපිල ගමගේ මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් විමසනු ලදුව ඔහු විසින් මෙසේ පිලිතුරු දුන්නේය.

මේක නාට්‍යයක්. කොටස් වශයෙන් පළවන නාට්‍යයක්. මේ ගොල්ලෝ හිතන් ඉන්නේ මේක සිංහබාහු නාට්‍ය කියලා. විජේ-නායක හිතාගෙන ඉන්නේ එයා ගල්ලෙන බින්දා කියලා.

විජේ-සේකර හිතන් ඉන්නේ එයා ලෙන්දොර ඇරියා කියලා. පිටපත ලියපු ගොබ්බයො ටික දැන් බලන් ඉන්නවා ඊළගට එයි සිංහ සීවලී කියලා. ඊටත් පස්සේ එයි සිංහබාහු කියලා. එහෙම ඇවිත් දුනුදිය ඇදලා මේ ගුහාවේ දසදෙස බලය පතුරන, මේ රට රකින සිංහයාව මරලා දායි කියලා. එහෙම වෙන්නේ නෑ මෙදා සිංහබාහු, සිංහසීවලී සිංහයා එක්කම ඉන්නවා. තව නාඹරසිංහ රංචුවක්මත් ඉන්නවා.

ඒ කවුරුවත් සිංහයාව තනිකරලා එලියට පනින්නේ නෑ. ඕනෙනම් ඔය හදපු පොඩි සිදුරෙන් පනී එළියට මදුරුවෙක් දෙන්නෙක්. මේ කතාව සිංහබාහු කතාව කියලා බලාගෙන ඉන්න ගොබ්බයන්ට අපි කියන්නේ, ‘එහෙම එළියට පනින මදුරුවන්ට දුනු ඊතල දෙන්න යන්න එපා’ කියලයි.

මදුරුවෝ කොහොමද මහත්තයෝ දුන්නෙන් විදින්නේ? උන් විදින්නේ ශුන්ඩාවෙන් නෙ. ශුන්ඩාවෙන් විදලා පුළුවන්ද සිංහයෙක් වට්ටන්න?

අපි කියන්නේ තව කොනිත්තන්න තව ගදගස්සන්න. තව පහර දෙන්න. උඹලා පහර දෙන්න, පහර දෙන්න අපි දන්නවා ඒ පහර දෙන්නේ අපි හරි තැන ඉන්න නිසා කියලා. රට කෑලි කඩලා වනසන්න එන උඹලා අපිට පහර දෙන්නේ, උඹලගෙ වැඬේ, රට කෑලි කඩන වැඬේ කර ගන්න තියන බාධාව අපි නිසා නේද? උඹලා දිනුවොත් දිනන්නේ රට නැති කරලා.

අපි දිනන්නේ රට රැකලා. මේක උපුල්වන් දෙවි හාමුදුරුවන්ටයි ත‍්‍රිවිධ රත්නයටයි බාර දීපු රට. මේක නැති කරන්න උඹලට බෑ. දිනන්නේ උඹලා නෙවෙයි, අපි. රටත් එක්ක අපි.’

– අනුරුද්ද බණ්ඩාර

13,232 Viewers

17 Comments to “විජේනායක හිතන්නේ එයා ගල්ලෙන බින්දා කියලා.. විජේසේකර හිතන්නේ එයා ලෙන්දොර ඇරියා කියා..- විජේනායකට විජේසේකරට ජානිපෙ අලුත් ලේකම්ගේ ප‍්‍රතිචාරය මෙන්න..”

  1. Ranil says:

    ඩෙංගු මදුරුවගෙ ශුන්ඩාව ලොක්කගෙ ගුන්ඩට වැඩිය බලවත්.

    • Sira says:

      ලොක්කා කිව්වෙ පචවංශ නේද ඒකනෙ සිංහසීවලී පිට යන්නෙ

      • මාභරණ says:

        සිංහයා ලෙනේ ඉද්දී සිංහ සීවලී වෙන පොඩි උන් එක්ක නිදි යහන කළඹනවා නේද මචං? එළකිරි ටෝක මචං…..

  2. Kamal says:

    අපි ඉතින් දෙතුන් පැත්තෙම කෝලම් නාඩගම් බල බල ඉන්නව.

  3. UNP JUNTA says:

    ko me baiyoooo tika ???

  4. asaranaya says:

    ගල් ලෙන බිඳලා,
    ලෙන් දොර ඇරළා– විජේ බා…ආආආ, විජේ බාආආආආආඅ

  5. cim says:

    wijesekara eka eka bala perethayange haeti therum gaththa.eda elam kotiya galawanna tharam nirbithakamak ohuta thubuna,

  6. තරූද says:

    කවුද සීංහසීවලී අර පාස්පෝටි ඌප්පෑන්න වේනස් කරපූ නාකී බඩිඬද?

    • vishnu says:

      නෑ උඹේ digital අම්ම

    • ARAWINDA says:

      OYAATA MAWAK, BIRINDAK, DIYANIYO saha AKKALA NANGILA INNAWADA?
      MANUSSAYO KANTHAAWAKATA KATHAAKARANA WIDIYA PALAMUWEN IGENA
      GANNAWA,
      OYAA,,,JEPPEKDA ? RANILGE,,,1600,,PORAKDA?
      ME EKAKWATH NETHNAM ,,,,GEDARA ,,BADU POT EKAKDA,,,?

      • vishnu says:

        යකෝ මම මහින්ද රාජපක්ෂ මහත්තයට කඩේ යන එකෙක්
        තොට පෙන්නේ නැද්ද පරයෝ ඔතන විමල්ගේ බිරිඳට
        කියන තියෙන එක.ඒක ලියපු එකාට කියපන්

        • ARAWINDA says:

          vishnu,,,,,,mama me commentuwa liwwu oyaat nowey, oya udin inna taruda
          kiyana ekaata,meka palawelaa thiyena hetiyen therum ganna.

          • vishnu says:

            මම office එකේ වැඩක් කරන අතරතුරයි මේක ලිව්වෙ
            සමාවන්නI ask you to be kind. i’m very sorry arawinda

  7. Nuw says:

    සිංහබාහු ඔය කියන තරම් වැඩ්ඩෙක් නං ගෙදර ඇතුලෙ කොල්ලො මැරෙයි ද

  8. සිංහයා says:

    මේ නාට්‍යයෙ එක සිංහයෙක්වත් නැ ඔක්කොම ඉන්නෙ සිංහවෙස් ගත් හිවල්ලු රැලක් විශේෂය වන්නෙ අසූචි බුදින කට හැකර හිවලෙක් සිටීම

  9. Samantaha says:

    Arjun Aloysius of CB Bonds Money is now working behind to split of JNP?

    This part and parcel of UNP new operation led by Ranil Wick and MS jointly .

    Do not under estimated by JNP leadership aim of leaving some members from JNP is that want split Party by splinters group inside work and outside support.

  10. roshan says:

    oya mona panillakda ban ….. lokkagen ahanna oni panina widiha …. JVP eka kadagena panne …. oka aniwaryayenma CIA wadak …. mokada CIA ekata thiyana lokuma hisaradaya Lanka Ja. Ni. Pe ….

Leave a Comment

Main News