විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායන්නට ඉඩ දුන් DIG අධිකරණයට ගෙන ආ වාහනය රිය අනතුරක..

July 16, 2017 at 5:30 pm | lanka C news
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායන්නට ඉඩ දුන් DIG අධිකරණයට ගෙන ආ වාහනය රිය අනතුරක..

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහය දුන්නේයැයි සැක කෙරෙන වත්මන් මධ්‍යම පලාත් බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන කයිට්ස් අධිකරණයට අද (16) ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් වැඩබලන මහෙස්ත්‍රාත් ආර්.ඊ.සබේසන් මහතා නියෝග කරනු ලැබීය.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ  ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අද (16) සවස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කයිට්ස් අධිකරණය වෙතට ඩබ්ලිව්.පී.ජී.ඒ නැමති මෝටර් රථයෙන් රැගෙන එන අවස්ථාවේදී කයිට්ස් මාර්ගයේ බෝක්කුවක වැදී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් වී නොමැත අනතුරුව කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ.එම්.එම් රියාස් මහතා නිවාඩු ලබා සිටීම නිසා වැඩබන මහෙස්ත්‍රාත් ආර්.ඊ.සබේෂන් මහතාගේ නිල නිවස වෙතට රැගෙනවිත් ඉදිරිපත් කල අතර එහිදී ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති වරයා මෙසේ ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග දෙනු ලැබීය.

මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවන ලෙසටත් 25 වනදා අධිකරණයට නැවත ඉදිරිපත් කරන ලෙසටත් ආර.ඊ. සබේෂණ් වැඩබලන මහෙස්ත්‍රාත් වරයා නියෝග කරනු ලැබීය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෛනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,243 Viewers

One Comment to “විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායන්නට ඉඩ දුන් DIG අධිකරණයට ගෙන ආ වාහනය රිය අනතුරක..”

  1. අනිල් ..R... says:

    ඕකටත් මහින්ද මහත්තය ගාවන්න හැදුවා නේද හංස-පුට්ටුවේ කට්ටිය ඒ දවස්වල

Main News