විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ පුද්ගලයා නැවත බන්ධනාගාරයට…

January 5, 2018 at 8:02 am | lanka C news
විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ පුද්ගලයා නැවත බන්ධනාගාරයට…

යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තා නැවත ජනවාරී 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා නියෝග කරනු ලැබීය.

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීවරයෙකුට මරණ තර්ජනය එල්ල කිරීම හේතුවෙන් වන නඩු විභාගයක් කැඳවු අවස්ථාවේ සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරනු ලැබීය.

විද්‍යා ඝාතන නඩුවෙන් සැකකරු නිදහස් වුවද අදාළ නඩු විභාගය හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතන නඩුව නිමාවු දින වූ සැප්තැම්බර් 27 වනදාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

විද්‍යා ඝාතනය සිදුකළ ප‍්‍රධාන සැකකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතනය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබිණ.

2015 වසරේ මැයි 15 වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්ව 16 වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,271 Viewers
Main News