විදුලිබල මණ්ඩලයේ අර්බුදයට හේතුව අජිත් පී පෙරේරා සොයා ගනී.. PUCSLට දිගට හරහට චෝදනා..

May 12, 2018 at 8:02 am | lanka C news
විදුලිබල මණ්ඩලයේ අර්බුදයට හේතුව අජිත් පී පෙරේරා සොයා ගනී.. PUCSLට දිගට හරහට චෝදනා..

දැනට විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් මේ සතියේ හිරු රුපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා මෙසේ පැවසීය.

විදුලි ඉංජිනේරුවරුන්ගේ ගැටළුව වන්නේ PUCSL එක තමන්ට හිමි බලයෙන් ඔබ්බට ගොස් විකල්ප ජනන සැලැස්මක් සාදා විශාල ප්‍රශ්නයක් හදපු එකයි. PUCSL එකේ ක්‍රියාකාරිත්වය පිළිබදව අමාත්‍යාංශය ලෙස අපට ප්‍රශ්න තිබෙනවා. ඔවුන් අවශ්‍ය පරිනත භාවය හා විචක්ෂණ සීලි බව නොමැතිව කටයුතු කිරීමෙන් හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය විශාල අවුලකට ගොස් තිබෙනවා.

ඔය pucsl එක නඩත්තු වෙන්නේ විදුලිබල මණ්ඩලේ සල්ලි වලින්. එහෙම ජීවත්වෙන අය වගකීමෙන් වැඩ කරන්න ඕනේ.

මේ රටට අවශ්‍ය හොද ජනන සැලැස්මක්. මොකද අපිට LNG වලින් විතරක්වත් ගල් අගුරු වලින් විතරක්වත් යන්න බෑ. සුර්ය බලයෙන් විතරක්වත් බෑ. අපට මේ ඔක්කොම අවශ්‍යයි. එම මිශ්‍රණය ඉංජිනේරුමය හා ආර්ථිකමය කරුණු මුලික කොට ගෙන සැදිය යුතුයි.

මේ සම්බන්ධව විදුලිබල මණ්ඩලය, අමාත්‍යාංශය, අගමැතිතුමා, ජනාධිපතිතුමා ඉන්නේ එක මතයක. නමුත් PUCSL එක ඉන්නේ වෙන මතයක. මේ ප්‍රශ්නය තියෙන්නේ PUCSL එකත් එක්ක.

9,323 Viewers

8 Comments to “විදුලිබල මණ්ඩලයේ අර්බුදයට හේතුව අජිත් පී පෙරේරා සොයා ගනී.. PUCSLට දිගට හරහට චෝදනා..”

  1. බන්ඩා says:

    ටොමිය හිතන්නෙ අවුරැදු තුනේ නීතිඥ විභාගෙ පාස් කොරල වාචාල කම් දෙඩවුව හම උන් සියල්ල දන්නවා කියලය්. යකෝ විදුලි ජනනය ගැන සැලැස්මක් හදන්න ඉන්ජිනේරැවන්ට බැරි නම් මොකාටද පුලුවන් කියල කියපිය බලන්න? පර බල්ලා

    • Nalaka says:

      මහජන උපයෝගීතා කොමිසම ජනතාවගේ පැත්ත ගන්නවට ටොමියා කැමති නෑ…

  2. Dr Lakshman Fernando says:

    YOUR EDUCATION IS NOT SUFFICIENT TO GIVE A SOLUTION TO THIS ISSUE. Do not think that AN ELECTRICAL ENGINEER IS NOT THINKING ONLY THE P O W E R G E N E R A T I O N.

  3. Hitan@Hutan.com says:

    ටොමිය අමුතුම ජාතියෙ එකෙක්.මූ බුරන්න ගියාම වල්ගය හංගාගෙන අත් දෙක වනනව​. විදුලි ජනන සැලසුම් හැදීම ෆුට් නෝට් ගහනව වගේ ලේසියි කියා ඌ හිතනව ඇති,අනේ පව් අහිංසක ටොමිය​.

  4. ලපයා says:

    ඉතින් ඕකට කියව කියව ඉන්නේ නැතුව ෆූට් නෝට් එකක් දාපන්කෝ මහා බැංකු ගේමට දම්ම වගේ වැඩේ ඉවරයි. නැද්ද හා.

  5. bandara says:

    banda mahathma,
    oyatharam pahath widiyata liyanna epa. ob sujathada?? demapiyantah lejjayi
    api banimu sista vidiyata. obathumage nuuuuugathkama penwanna epooooo

    mamath ajith pererata kemathi nehe KAYYA WITHARAYI

  6. Damma says:

    A Classic example of “Kathura” Political Comedy.

  7. hector says:

    අජිත් පෙරේරා විදුලි ඉංජිනේරුවන්ගෙ පැත්ත ගෙන ඇත්තෙ ඇයිද යන්න පැහැදිලිය. ඔහු ඇමති කම් දැරූ පහුගිය අවුරුදු 3 හමාරකට ආසන්න කාලය තුල එකම බලාගාරයක් ගසා නැත. කර ඇත්තෙ පුද්ගලික ඩීසල් බලාගාර එක්ක බිස්නස් වැඩිකිරීම පමණි. .ඒ ඩීල් වලට ඉංජිනේරුවන් අතලොස්සක්ද සම්බන්ධය- අජිත් හා රංජිත් ඉංජිනේරුවන් සමග මෙසෙ අත්වැල් බැදගෙන ඇත්තෙ ඉතිරි මාස 18ත් ඩීසල් මාෆියාවෙන් තවත් ටිකක් හොයාගැනීම සදහා ය

Main News