විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…

March 19, 2018 at 8:40 am | lanka C news
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරොදතාවක් මාර්තු මස 18දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ සහභාගී වූහ.ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් මහත්මිය ඇතුලු කන්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ලංකාවේ සිට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වැරදි වාර්ථා පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015දී ඇමෙරිකාව විසින් සකස්කොට ඉදිරිපත් කල යෝජනාවකට කිසිදු අධ්‍යයනයකින් තොරව සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වත්මන් රජය විශාල වරදක් කොට ඇති බවයි.

මේ නිසා යම් දිනක ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දී ඇති යෝජනාව පාදක කොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එහි නිශේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල්ද ලංකාවට සහායදීමට පසුබට වනු ඇති බව පැවසූ ආචාර්ය ගොඩහේවා තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජය අන්තර්ජාතික බලවේග හමුවේ දීන ලෙස දන නමා පිලිගත් මෙම පදනම් විරහිත ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරණ බව ලෝකයට වටහා දීමේ වගකීම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය බාරගෙන ඇති බවය.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ ජිනීවා යෝජනාවට ලංකා රජය සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, එය විවාදයකින් තොරව සම්මත කල ආකාරයත් පිලිගත් ක්‍රමවේදයට පටහැනි නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීමට ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය තීරණය කර ඇති බවය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පෙන්වා දුන්නේ වසර තුනකට පෙර ඉතාලියේ මෝදනා නුවරදී ආරම්බ වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය අද රටවල් ගනනාවක පැතිර ඇති විශාල සංවිධානයක් බවට වර්ධනය වී අති බවය.

විදෙස් බලවේග හමුවේ ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය සංසදය සමග එක්වන මෙන් ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔහු ආරාධනය කලේය.

– චාමින්ද කරුණාරත්න

12,939 Viewers

14 Comments to “විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…”

  1. Moda Sira says:

    Mokakda me sama anugrahakathwaya kiyanne. kauda oka korala thiyenne. Monawa unath aeka Americawata wiruddawanam korapu ekawa hamagahanna ona.

  2. leel says:

    රටක ආන්ඩුවක් කලයුතු දේ රටවැසියන්ට කරන්න වෙලා තියෙන්නෙ….

    • සුදා says:

      අනිවාර්යෙන්ම අපේ මිනිස්සු කරපු අන්තිම මෝඩ වැඩේ නිසා සිදුවූ මේ වැරැද්ද නිවැරදි කරන්න අද මිනිසුන්ටම තමයි සිදුවෙලා තියෙන්නේ .රජයක් කිව්වට රුකඩ රජයක් විසින් කරපු මේ පාහර වැරැද්ද නිසා අපේ රණවිරුවෝ අපරාධකාරයෝ මට්ටමට වැටුනා මේකට වගකියන්න ඕනා මංගල සමරවීර ,චන්ද්‍රිකා රනිල් හවුල මුන් තුන්දෙනා මේ රට එක්ක ජාතිය එක්ක පුදුම තරහක් තියෙන්නේ .සිරිසේන මේ කිසිදු කාරණාවක් ගැන දන්නේ නැති නිසා රනිල්ලා චන්ද්‍රිකාලා මංගලලා කියන දේට අත ඉස්සුවා මිනිහට අවබෝදකරලා දීලා තියෙන්නේ මේ තමි නියම දේශප්‍රේමය කියල .
      රටක ජනපතිකෙනෙක් පත්කරනකොට ඒ මිනිහගේ උගත්කම බුද්ධිය බලන්න ඕනා කියන්නේ අන්න එකයි

      • jayamal says:

        රට වෙනුවෙන් අභීතව පෙරට එන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයටත් ලංකාවෙන් පැමිනි සෙන්පති සරත් වීරසේකර වීරයාටත් ආචාර්ය නාලක ගොඩහේවා සහ අනුරාධා යහම්පත් මහත්මිය ඇතුලු කන්ඩායමටත් අපේ ගෞරවණීය ප්‍රණාමය! ජයෙන් ජයම වේවා!

        ජන 8 මේ රටේ ජනතාවට වුනේ ලොකුම ලොකු අත් වැරැද්දක්! දැන් ඉතින් ඒ මෝඩකමට විඳවලා ඉවර කරන්න තව කොච්චර කල් යයිද?

  3. Kamal says:

    ජිනීවා යුධ අපරාධ නාඩගම ඉංග්‍රීසි ජාතිවාදින්ගේ සහ සිංහල බිල්ලන්ගේ විගඩමකි…2වන ලෝක යුද්ධයේ නියමුවන් වූ ජර්මනිය, ජපානය, ඉතාලිය වත් මේ තරම් නාටක පෙන්නුවේ නැත..

  4. Kavidu says:

    you are deserve to hero of nation all gentlemen. cheer up.

  5. WELL SAID AND DONE SINHALESE overseas….. let’s get together and SAVE our motherland NOW….jaya jaya jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  6. Lapaya says:

    Ko me Awamangalaya.? U thamayi rata kawe.

  7. Modaya says:

    Bravo

    Please join them in your country of residences. That is what you can do at least . Give them the strength of numbers.

  8. lion says:

    පරගැතිව සියක් කල් ජීවත් වනවාට වඩා නිවහල්ව ජීවත් වන එක් විනාඩිය අගනේය…

    මගේ රට මගේ ජාතිය, මගේ ආගම, මට ලබා දුන් ත්‍යාගයයි… යනුවෙන් නන්දා මාලිනිය ගයන්නේද එහෙයිනි..

  9. lion says:

    පිටරට ඉන්න සිංහලයන්ට පමනක් රටගැන කැක්කුමක් තියෙන්නේ අපේ අය උදේ ඉදන් රැ වෙනකන් ටෙලිනාට්ටි පිස්සු කෙලිනවා ලැජ්ජයි.

  10. Love nature says:

    මෑතකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ නේස්‌බී සාමිවරයා විසින් පෙන්වා දෙන ලද්දේ මානුෂික මෙහෙවර අවසාන කාලය තුළ සිවිල් වැසියන් 40000 ක්‌ ඝාතනය වූ බව කීම අමූලික අසත්‍යයක්‌ බවයි.

  11. sinha le says:

    ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කළ අභිමානවත් ජාතියක්‌ නිවට නියාලු තත්ත්වයකට ඇද දැමීමේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියාවලියට අද වන විට මෙරට ජනතාව අභියෝගයට ලක්‌ කර ඇත.

  12. සමන් says:

    ඔක්කොම නැගල ගියා. හැබැයි ගෝලීය සංසදය කියන්නේ වසන්ත කීර්තිරත්න විතරයි නොවෙයි. චමින්ද කරුණාරත්න මුදලට ලිව්වට කමක් නැහැ. හැබැයි එතනට තුන් හාරසීයක් ආවෙ වසන්තගේ පඩි ලිස්ට් එකේ ඉන්න අය විතරක් නෙවෙයි. තවත් යුරෝපයේ ඉන්න නියම දේශප්‍රේමීන් තවත් එතන හිටිය බව මතක තබාගත යුතුයි.

Main News