විදේශික සංචාරක කාන්තාවක් නුවරඑලියේ හෝටලයක තුන්වැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට…

September 23, 2018 at 12:40 pm | lanka C news
විදේශික සංචාරක කාන්තාවක් නුවරඑලියේ හෝටලයක තුන්වැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට…

නුවරඑලිය සංචාරයක් සදහා පැමිණි චින ජාතික කාන්තාවක් ඇය නවාතැක් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙම කාන්තාව තවත් චින සංචාරක පිරිසක් සමග නුවරඑලියේ සංචාරයක් සදහා ඊයේ (22) පැමිණ ඇති අතර , ඇය අද (23) උදැසන 9 ට පමණ සංචාරක නිකේතයේ තුන්වෙනි මහලේ ආලින්දය අසල සි නරඹමින් සිටියදි බිමට ඇද වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

34 හැවිරිදි කාන්තාවගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

මිය ගිය චින කාන්තාවගේ සිරුර නුවරඑලිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,569 Viewers

One Comment to “විදේශික සංචාරක කාන්තාවක් නුවරඑලියේ හෝටලයක තුන්වැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News