විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..

April 15, 2018 at 6:26 am | lanka C news
විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝජනාවකට සහාය දීමට ඒකාබද්ද විපක්‍ෂය කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වෙයි.

එහ සංශෝධනය සම්මත වූ වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද කටයුතු කල යුතු බව එම කොන්දේසියයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සදහන් කර තිබින.

යෝජනාව සම්මත කරගැනීමට අවශ්‍ය 2/3ක බහුතරය සදහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 54 දෙනා තීරණාත්මක වෙයි.

24,032 Viewers

27 Comments to “විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..”

  1. Ruhee says:

    බලය වෙනුවෙන් රට පාවා දීම

  2. Saman says:

    Ahosi karanna Epa sinhala minissunge arakshava thama vidayakaya. ….

  3. Political Analyst says:

    Abolishing Executive President status is not wise idea as Sri Lanka needs a strong executive with view to taking firm decisions in regard to various matters in the future. If the country has a strong leadership, Sri Lanka can go forward facing variety of problems. People of Sri Lanka have no trust on the parliament and its leadership. All problems after 1978 was overcome by the leadership of Executive President status.

  4. සියාතු says:

    ඔය මෝඩ වැඩේ කරන්න එපා මුන් තුනෙන් දෙක අරගෙන ඊටපස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතුව ඉඳීවි .එතකොට මොකද කරන්නේ නඩු දාන්නද ?

  5. Gamini says:

    විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමට ඒකාබද්ධ විපක්ෂය සහාය නොදිය යුතුයි. අපගේ මූලික පරමාර්ථය වියයුත්තේ උතුරු සහ නැගෙන හිර පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලය පැවරීම වැලැක්වීම මිස සිරිසේන එලවීම නොවේ.

    බටහිර උවමනා මත ක්‍රියාකරන බැසිල්/නාමල් වැන්නවුන්ට අවශ්‍ය කෙසේ හෝ සිරිසේන එලවා බලය ලබාගැනීම මිස රටේ ඒකීය භාවය ආරක්ෂා කරගැනීම නොවේ. මෙම කාරණයේදී ගෝඨාබය, විමල්, ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර වැන්නවුන් විධායකය අවසන්කිරීමට විරුද්ධවනු ඇත. මහින්ද පවා බැසිල් නාමල් කඳවුරේ මතය වෙනුවෙන් පෙනී සිටීම බලාපොරොත්තුවිය හැකිය.

    මෙවැනි තත්වයක් යටතේ දේශප්‍රේමී කණ්ඩායම්, මහා සංඝරත්නය සමග සිරිසේනගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම නොවැල්ක්විය හැකිය. එමගින් ඒකාබද්ධ විපක්ෂයේ දියවීම ආරම්භවේ.

  6. Siyarata says:

    මහින්දට ආයෙත් ජනාධිපති වෙන්න බැරි වූ පලියට විධායකය අහෝසි කිරීම රට තවත් අරාජික බවට තල්ලු කිරීමක් , අනෙක විධායකය අහෝසි කරනවා නම් පැරණි ක්‍රමයට ( First past the Post ) ආයෙත් යනවාද ? මන්ද . මනාප ක්‍රමයකින් කිසිසේත්ම ස්ථාවර රජයක් බිහි නොවන නිසා . විධායකය අහෝසි කිරීම ඊළමට පාර කැපීමක් . සුළු ජාතීන් පිනවීමේ පියවරක් ! සිංහලයා සිර කිරීමේ පියවරක් . ජවිපේ ඒ කොන්ත්‍රත්තුව එදාත් කළා අදත් කරනවා . එකඟ වෙන්න එපා !

  7. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම says:

    විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මහා ජාතිය වද කිරීමට ගන්නෑ අදූරදර්ශි ක්‍රියා මාර්ගයක් බව තේරම් ගත යුතුය.මුදලට මහජන නියෝජිතයන් අලෙවි වන ලංකා පාර්ලිමේන්තුවේ භූතයින් දැන් පළාත් සභා වලටද රිංගා ඇත. රට රක ගන්නට නම් විධායක ජනාදිපති තනතුර අවලංගු නොකළ යුතුය. පිස්සන් අංගොඩ යවන්න.

  8. Joseph Fernando says:

    They could have done this easily when MR was in power. Why they insist this now? MR to get the PM post. Country first or MR first.

    • DESHAPREMIYA says:

      It is the very sensible and wise thing to do at this juncture. The colossal amount of money that can be saved , can be used for the betterment of the poor, common people ofthecountry.It would also prevent minorities trying to exploit the situation to get undue demands , specially from power greedy politicians.It had been the biggest curse to this COUNTRY, as poor people of this have had to maintain the burden of Executive Presidency and a Parliament.There will no future for our children,if this system continues.

  9. Nalaka says:

    ඕකත් හරියට 19 සම්මත කරල චන්ද ක්‍රමය වෙනස් කරනව වගේ NGO ගැටයක්.අද ඒකාබඩ්ඩය දුවන්නේත් NGO ඩොලර් කාක්කන්‍ ය.

    • මහා සඟරජු අඹර දමිල says:

      බොරු කියන්ඩ එපා ඩෝ!
      අනාචාර්ය විජේසූරිය, තට්ට වියන්ගොඩ, පිරිමි සාත්තු සේවිකාව, මනරම්ජන, පචබාහු ප්‍රමුඛ අපේ නඩේ ඔක්කොම ඉන්නෙ යහපාලන ආණ්ඩුවත් එක්ක.

  10. Nim says:

    MUN KOKA PENWANAWA
    ESTHEERI
    POHOTTUWA JANATHA KAMATHA
    ARASSA KARAGANNA
    LANU KANNA APA
    SRI LANKA WATA WEDAYAKA JANADIPATHI KRAMAYA AWASSAYI
    EWASANNA EWASAGENA ENNA
    JAYAKGRAHANAYA WADI AATHA NAHA.
    MAGA RATATA BUDUSARANI DEVI PIHITI.

  11. LION voice says:

    YES, NEVER abolish the President’s POST…….that’s the ONLY security to PROTECT our Sinhala motherland. Country FIRST ALWAYS!!!

  12. LION voice says:

    WELL SAID Saman …agree with your above comment 1000%

  13. chandra says:

    Lokka (MR) My3 ge thawath lanuwak kanna wage hadanne. he cannot dissolve parliament. This country needs an executive president but not Executive PM. All amendments were done to facilitate ranil to become executive PM. This president can,t understand this.

  14. Saradiel says:

    එක්සත් ජාතික පක්ෂය තිබෙන තුරු මෙය නොකළ යුතුය නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ වෙනවා

  15. lion says:

    රට බෙදීමේ ප්‍රයත්නයක් දැරෙන මොහොතක රට එයින් ආරක්ෂා කරගැනීම පිණිස මෙය නොකළ යුතුය

  16. Love nature says:

    විධායක ජනාධිපති ක්‍රමය තව දුරට ත් අවශ්‍යයි: විධායකයෙන් රටට හානියක් වෙලා නැහැ

  17. Love nature says:

    රට බෙදන්න යන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට

    අපි මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකොට තිබෙනවා.

  18. Sripaala says:

    Ratata makabawala Hari
    Got gotataai MaRa tai one bale dahaganna
    Kohomahari Naduwalin Godayanna .
    Ara Gembai Wimalai dennath ethakota automatic Goda.

  19. mali says:

    If executive presidency is abolishing then Provvncial councils should be abolished.Otherwise TNA and minorities very soon devide the country the way they want.Pohottuwa wants nothing else to get the power and eat what ever remaining resourses.They had been done it by far joining the Maithree but still have the fear of patriotic people turning against them.May be this is the secret pact that has done with 16 Mp of SLFP who did not favour Ranil.So they can hyjack ekabaddya for this constitutional reforms.Another NGO trick.

    • Rufus says:

      Majority of people know who is having secret pacts with the minorities ,in order come to power.
      They will teach these politicians a very much severe response at the forthcoming elections. Very much worse than they got at the last elections.

  20. karu says:

    ඒකාබද්ධය පාර්ලිමේන්තුව විසිරවීමේ කොන්දේසිය මත විධායකය අහෝසි කිරිමට සහය දෙන්නේනම් ඔවුනගේ දේශපාලනය රට පෙරටු කරගත් දේශපාලනයක් නොව තම පැවැත්ම උදෙසාම සිදුකරන්නක් බව ඔප්පු වනු ඇත. පර්ලිමෙන්තුවතුල සිදුවන විගඩම් මෙන්ම මේ රට අද ගමන්කරමින් පවතින පරිහානියෙන් ගොඩ ගැනීමට රටට ආදරය කරන කෙලින් නායකයෙක් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් ශක්තිමත් එකීය රාජ්ජයක් පැවතීම උදෙසා විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුය. මහින්ද පවා තමා ට පෙර රට ගැන හිතන නායකයෙක් නම් මේ ප්‍රකාශය මේ අවස්ථාවේ දී ඔහු නියෝජනය කරන කඳවුරෙන් නොකළ යුත්තකි. ඉන් ගම්‍ය වන්නේ තාමාට නැවත රජ වීමේ උවමනාව මිස මේ පොලව ඉල්ලා සිටින නායකත්වය බිහිවීමට අකමැති බවයි. විධායකය අහෝසි නොකළ යුතුවනවා සේම 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝටාභය විය යුතුමය. යමෙක් හිතනවානම් ඔහුට 50% ගන්න බැහැ කියා එය සිංහල චන්ද වලින් සහ රටට හිතැති දෙමල මුස්ලිම් චන්ද වලින් නිසැකවම ගත හැකි වන්නේ ඔහු ඉදිරිපත්වන්නේ නම් පටපක්ෂ බේද වලින් තොරව බහුතර සිංහල චන්ද දායකයන් මේ වනවිටත් ඔහු තම නායකයා ලෙස තෝරා අවසන් හෙයිනි. මේ යථාර්තය තේරුම් නොගෙන ඒකාබද්ධය විධායකය අහෝසි කිරීමට සහය දීමට හෝ සිතන්නේනම් ඒ පොහොට්ටුව වටා ගොනුවන දේශප්‍රේමී ජනතාවගේ හදාගස්ස්ම හඳුනා නොගනීමකි. යම් හෙයකින් මේ කාරණයේදී එකාබද්ධයේ බෙදීමක් සිදුවුවහොත්
    1. ගෝඨාභය මහතා තරඟයෙන් ඉවත් වීමට ඉඩ ඇත
    2. යම් සෙ ඔහු ඉදිරිපත් වුවත් ඔහුට අවශ්‍ය චන්ද ගත නොහැකි වනු ඇත.
    එනිසා සතුරා දේශප්‍රේමී කඳවුරම බෙදීමට කටයුතු කරනු ඇත. යම් සේ ද ඔවුන්හට එක්ව ගමනක් යාහැකි වනුයේ ජය එතන වනු ඇත. එකාබද්ධයේ නියම දේශප්‍රේමිත්වය මහින්ද මැතිදුන්ගේ දේශප්‍රේමිත්වයේ තරම නොබෝ දිනකින් රට හමුවේ බිළිබිබු වනු ඇත.

  21. LION voice says:

    WELL SAID Karu….. GREAT comment above agree 100%.

  22. ෴හෙළයා෴ says:

    විධායකයට කුමන අන්දමේ චෝදනා එල්ල කලත් මේ රටට විධායකය අවශ්‍යම යුගයකි.අද රට පත්ව ඇති ඛේදනීය තත්වය දෙස බලන විට මෙතරම් හෝ රට බේරී තිබෙන්නේ විධායකය නිසාය​.ජවිපෙ වැනි කිසිදා රටේ පාලන බලය හිමි කර නොගන්නා පක්‍ෂයක් මෙවන් යෝජනා ගෙන ඒම අරුමයක් නොවේ.ඔව්හු ඉතිහාසයේ දෙවරක්ම විධායකය පණ ගන්වන්නට උර දුන්හ​.දෙවරම ඔව්හු හංස පූට්ටු සාදමින් ගෙන ගිය උත්සහයෙන් පලමු උත්සහය වැරදී ගියත් දෙවන උත්සහය ජය ගන්නට සමත් විය.ඒ ජයග්‍රහණයෙන් රටට සිදුවූ යහපතක් නැත​.ඔවුනගේ දෙබිඩි පිළිවෙතට අවනත නොවන්නකු මීළඟ විධායකය බාර ගත හොත් ඔවුනගේ දියවී යාම කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​.විධායකය යම් හෙයකින් අහෝසි කරන්නේ නම්, එය රටේ උන්නතිය වෙනුවෙන් කරන්නේ නම්,එසේ සැබෑ වුවමනාවක් යමෙකුට තිබෙන්නේ නම්, පළමුව කල යුත්තේ දහතුන්වන ව්‍යවස්ථාවෙන් රටට පැටවූ පළාත් සභා සුදු අලියා පලවා හැරීමය​.එය බල රහිත කිරීමය​.එකී සුදු අලියා බලයේ තබාගෙන විධායකය අහෝසි කිරීම යනු රට කෑලි කෑලි කිරීමට උර දීමකි.යම් හෙයකින් ඒකාබද්ධ විපක්‍ෂය හෝ වෙනත් කණ්ඩායම් හෝ ජවිපෙ හා එක්ව මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුනහොත් ඔවුනට බෙදෙන්නේද ජවිපෙට බෙදෙනා හැන්දෙන්මය​.එය කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​..

Main News