විධායකය අහෝසි නොකරනු.. අපි විරුද්දයි..- අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් කියති..

May 5, 2018 at 1:20 pm | lanka C news
විධායකය අහෝසි නොකරනු.. අපි විරුද්දයි..- අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් කියති..

විධායක ජනාධිපති ක්‍රමය මේ මොහොතේ කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු දැජිව කියා සිටිති.

රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමැතින් 16 දෙනා උන් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කලහ.

අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියෝ කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් එය බටහිර රටවල වුවමනාව බවත්ය.

මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් සදහන් කර ඇත්තේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බවත් එය අහෝසි කළහොත් රට අරාජික වනු ඇති බවත්ය.

8,578 Viewers

15 Comments to “විධායකය අහෝසි නොකරනු.. අපි විරුද්දයි..- අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් කියති..”

  1. බෙර හඬ says:

    බුද්ධිමත් තීරණයකි

  2. sirimal says:

    ශ්‍රී ලංකාව විදේශ බලපෑම් වලට බලවත් සේ හසුවී ඇති මේ මොහොතේ නොයෙක් ආකාරයෙන් අපගේ ඒකීය තාවය විනාශවීමේ තර්ජනයට මුහුණ දී සිටිමු.මහා සංඝයා අවදි වී සිටීම ගැන අපගේ බලවත් ස්තුතිය.

    • SALMAL says:

      ගෞරවනීය අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් සහ ගෞරවනීය මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් අපේ රටේ ජාතික ප්‍රශ්න ගැන ඇදහස් පලකරමින් අපේ මව් බිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන අපේ නමස්කාරය ප්‍රණාමය
      බෙදුම්වාදයේ යක්ෂයා යහපාලන කරපිටින් විධායකය අහෝසි කිරීමට වෙරදරමින් පිනුම් ගසන මේ කාලේ
      අවීචියේ කප් දහසෙත්
      වහල්කමේ එක්‌ දවසෙත්
      වෙනසක්‌ නැති බව සිතතොත්”
      විධායකය අහෝසි කිරීමට ඉඩ නොදෙව්
      එවැනි වූ වහල් භාවයෙන් මිදීමට ,අපේ මව්බිම ආරක්ෂා කිරීමට ,වෙහෙස ගැනීම සෑමදෙනාගේම යුතුකම බව තේරුම් ගනිව් සිහලුනේ

  3. LION voice says:

    THE MAHA SANGHA THANK YOU AS ALWAYS FOR SAVING MOTHER LANKA….SADU SADU SADU!!!

    • Vasana says:

      20 . ව්‍යවස්ථා සංශෝධනයට අපේ සම්පුර්ණ විරුදතාවය අපි පල කරමු ….
      බෙදුම්වාදයට පාර කපන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මර උගුලෙන් රට ජාතිය රැකගැනීමට සියලුම දේශහිතෙෂි සිංහලයෙනි කටයුතු කරව්
      මේ යමපාලනේ 20 . ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පාර බසිව් …මුලු රටේම ජනතාව සමගි වී එක්විය යුතු මොහොතක් මේ ..බලාසිටීමට කාලයක් නැත බලලෝභී මේ ජඩ පාලනය නෙරපා රට ජාතිය ආගම රැක ගනිව්
      මගේ රට මගේ ජාතිය මගේ ගම
      මගේ සත් සිරිත් සහ ජාතික උරුම
      මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
      මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”

  4. Devaka Jayasuriya says:

    බටහිර රටවල වුවමනාවත් ඔබවහන්සෙලා හොඳට දන්නවනේද? දේශපාලුවෝ බටහිරින් ණය අරන් බෙන්ස් දාන දෙනකොටනම් හොඳා.

    • CORBRA says:

      Devaka Jayasuriya
      ගරුතර සංඝයාවහන්සේලාට අවමන් කිරීමට ඔබ දරන උත්සාහය ඉතා පිළිකුල් සහගතයි .

    • JOY says:

      Devaka ..Shut your hamba tiger mouth ..Never insult Ven. Buddhist Monks …This is Buddhist Country ..

    • LION says:

      @Devaka Jayasuriya

      උබට වැරදිලා බෙන්ස් කාර් දුන්නේ සම්බන්දන් රතුඅලියා අනුරටනේ ..
      .අපේ ගරුතර සංඝයාවහන්සේලාට බොරු චෝදනා නොකර කටවහගනින් බූරුවෝ

  5. Buddhist says:

    Rata palanayata angilli gahanne nathuwa, me Mahanayakavaru thamunge hamuduruwo palanaya karanawanam wadath hondai.

  6. David Milli-banda says:

    May malwatteyata monawa wela damanda ?
    Rani mukuth karalada ?

  7. Sadda says:

    මොන දානෙ ලැබුනත්, නොලැබුණත් ඔය මතය මතම පිහිටා කටයුතු කරනු මැනවි .

    • OLU says:

      ගෞරවනීය මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන්ට අපේ පාද පුර්ව නමස්කාරය
      සිහලුනේ යමපාලනේ ”විධායක ජනාධිපති ක්‍රමය සහ බෙදුම්වාදය ”හොර උගුල් වලට රැවටී අපේ මාතෘ භුමිය විනාශ කිරීමට ඉඩ නොදෙව්
      විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු එයට අපි විරුද්ධතාවය පළකරමු
      විධායක ජනාධිපති ක්‍රමය මේ මොහොතේ කිසිසේත්ම අහෝසි නොකළ යුතුයි එසේ කළහොත් අපේ සිංහල මව් බිම විනාශවනු ඇත විධායක ජනපති ක්‍රමය අහෝසි කරමු“ යන්න කෙතරම් භයානක දැයි තේරුම් අප තේරුම් ගත යුතුයි උතුරේ පමණක් නොව නැගෙනහිර ද වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ අවදානමක් තිබේ. එය ප්‍රකාශයට පත් කරනු ඇත්තේ දෙමළ සංධාන – මුස්ලිම් කොංග්‍රස් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයා විසිනි.ඇත්තෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම දෙමළ ඊළමට සහ නසරිස්ථානයට ඇති කෙටි පාරක් මෙන්ම හොර පාරක් ද වේ. එබැවින් විධායක ජනාධිපති ධූරය රැක ගැනීම මව්බිමට ආදරය කරන සැමගේ යුතුකමකි.. ඇත්තෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම දෙමළ ඊළමට සහ නසරිස්ථානයට ඇති කෙටි පාරක් මෙන්ම හොර පාරක් ද වේ. එබැවින් විධායක ජනාධිපති ධූරය රැක ගැනීම මව්බිමට ආදරය කරන සැමගේ යුතුකමකි.

  8. Saradiel says:

    රට පාවා නොදුන් කඩහපොළ (කුඩාපොළ) හිමි මතක් වීමක් ඔබ වහන්සේලාට බුදුසරණ පතමු

    • sinha le says:

      ලොක්‌කන් යෑයි කියන මේ යහපාලන කාමුක හැත්ත
      දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”
      පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
      යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
      ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
      බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා”

Main News