විධායකය අහෝසි නොකල යුතුයි.. මං විරුද්දයි..- රාජපක්‍ෂ ලොකු අයියා කියයි..

May 5, 2018 at 6:30 am | lanka C news
විධායකය අහෝසි නොකල යුතුයි.. මං විරුද්දයි..- රාජපක්‍ෂ ලොකු අයියා කියයි..

විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි නොකල යුතුය යන මතයේ තමන් සිටින බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එක් තැනකට බලය කේන්ද්‍රගත නොවී පැවතියේ නම් අද රට විනාශයෙන් විනාශයට පත්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් රට පාලනය කරගත හැකිව තිබෙන්නේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව යයිද ඒ මහතා සදහන් කරයි.

5,993 Viewers

5 Comments to “විධායකය අහෝසි නොකල යුතුයි.. මං විරුද්දයි..- රාජපක්‍ෂ ලොකු අයියා කියයි..”

  1. සීගිරි says:

    මේ තකතිරැවන්ට නැවත නැවතත් තමන්ගේ ප්‍රධානීන්, නායකයන්,පාලකයන් වන්නට ඉඩ තබනවාද යන්න ජනතාව තීරණය කල යුතුය….
    හොරකමෙන් දූෂණයෙන් මැර කමෙන් පිරි සදාචාරයක්,ලැජ්ජාවක්,බයක් නැති උන්ට මිලියන ගණනක් ජනතාවට නායකයන් පාලකයන් වන්නට ඉඩ හරින මේ චන්ද ක්‍රමය,පාර්ලිමේන්තු ක්‍රමය තව දුරටත් පලක් වේද යන්න ජනතාව තීරණය කල යුතුය…
    පුළුල් ජනතා අරගලයකින් මේ පාරම්පරික දූෂිතයන්,තක්කඩියන්,වංචනිකයින් පලවා හැර නව සදාචාරයක් ආරම්භ කල යුතුය…

  2. Open mind says:

    ජනාධිපති වීමේ අපේක්‍ෂාවෙන්…….

  3. Aurora says:

    චමල් රාජපක්ෂ මහතා නිවැරදි මතයක සිටීම ජාතියේ වාසනාවක්. දුර නොබලන, ජනාධිපති තනතුර නැතිවිට ජාතිය කැඩී බිඳී යන අනතුරට වඩා ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රමුඛ ලෙස සලකන මන්දබුධිකයන් හට අවශ්‍ය දේ නොව ජාතියේ පැතුම සහ පොහොට්ටුවට චන්දදෙන හෝ නොදෙන දේශප්‍රේමීන්ගේ පැතුමනම් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන, උසස් කළමනාකාරීත්ව හැකියාවක් තියන, කාර්යශුර දේශ ප්‍රේමියකු මීළඟ ජනාධිපති වනවා දැකීමටයි. ඔය එක එක NGO පිල්ලි මොනවා කිව්වත් අන්තිමට ඉහත සියලු සුදුසුකම් වලින් හෙබි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති තරඟයට එනවා, දිනනවා, ජනපති වෙනවා, රට හදනවා සත්තයි. ඒ සඳහා අපි සැම කැපවෙමු.

    • karu 1 says:

      සිංහලයන් සැමවිටම කල නොහැකි දේවල් බැහැයි කියූ දේවල් ලෝකය හමුවේ යථාර්තයක් කල ජාතියකි. එවැනි ජාතියකට රටට අවශ්‍ය නායකයා බිහිකර ගැනීමට අවශ්‍ය චන්ද ගනන ගන්න බැරි වේයැයි පරාජිත මානසිකත්වයෙන් එම තේරීම ඉවතට විසි කිරීම අපහට තරම් වේද? අධිෂ්ටාන ශීලි මින්සුන් ලෙස අප සිතිය යුත්තේ ගෝටාභය නම් සුදුස්සා අයි අපට ඔහු රටේ නායකයා කල නොහැක්කේ ඇයි දැයි කියායි. අවදිවනු මිනිසුනි……. අවදිවනු…………. කල යුත්තේ අහම්බයක් නම් අහම්බය යථාර්තයක් කිරිමට කාලය එළඹෙමින් ඇත.

  4. saman says:

    විධායක ජනපති නැතිකරන්න හදිසියේ ආවේ කොහෙන්ද.ඩොලර්ද?

Main News