විධායක ජනාධිපති ධුරය ඔ්නෑමයි.. අහෝසි කරනවාට විරුද්දයි.. අලුත් ව්‍යවස්ථාවට ශ‍්‍රීලනිප යෝජනාවලිය බාර දෙයි..

September 2, 2017 at 1:20 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය ඔ්නෑමයි.. අහෝසි කරනවාට විරුද්දයි.. අලුත් ව්‍යවස්ථාවට ශ‍්‍රීලනිප යෝජනාවලිය බාර දෙයි..

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරෝධය පල කර ඇත.

මෙම යෝජනාව එක්සත් ජාතික පක්‍ෂය විසින් ගෙනවිත් තිබූ අතර ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට බාර දෙන ලද ශ‍්‍රීලනිප යෝජනාවලිය මගින් ඊට විරෝධය පල තිබේ.

ශ‍්‍රීලනිපයේ මතය වී ඇත්තේ තව දුරටත් විධායක ජනාධිපති ක්‍රමය පවතක්වාගෙන යා යුතු බවත් මැතිවරණ ක්‍රමය කඩිවමින් සංශෝධනය කළ යුතු බවත්ය.

19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කර ඇති බැවින් හා පළාත් සභා පවතින තත්වය තුල විධායක ජනාධිපතිවරයෙකු සිටිය යුතු බව ශ‍්‍රීලනිපයේ අදහසයි.

5,365 Viewers

One Comment to “විධායක ජනාධිපති ධුරය ඔ්නෑමයි.. අහෝසි කරනවාට විරුද්දයි.. අලුත් ව්‍යවස්ථාවට ශ‍්‍රීලනිප යෝජනාවලිය බාර දෙයි..”

  1. රාහුල කොලුවා says:

    ඡනාධිපති රටට පැහැදිලිව ප්‍රකාශ කලේ දින 100 ක් ඇතුලත විධායක ඡනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි.. ශ්‍රීලනිපයේ මතය විධායක ඡනාධිපති ක්‍රමය තවදුරටත් තබා ගැනීම නම් ඡනාධිපතිට ශ්‍රීලනිප සභාපති ධූරය දැරීම තව දුරටත් සදාචාරට පටහැනිය. මන්ද යත් ඔහුගේ අභිලාෂයට ඉඳුරාම පටහැනි මතයක් ශ්‍රීලනිපය දරන බැවිනි..

Main News