විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද

October 23, 2017 at 8:40 am | lanka C news
විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් නීතියක් බවට පත්වන බවයි. එමෙන්ම ඒම සහතිකය නිකුත් කල පසුව අදාළ පනත සම්බන්ධව කිසිම අධිකරණයකට හෝ විනිශ්චයකට භාජනය කිරිම ඒ සම්බන්ධව විමර්ශනය කිරිමට හෝ ඊට අදාළව ප්‍රශ්න කිරිමට නොහැකි මෙන්ම එසේ කිරීමේ වලංගු භාවයක් ද නොමැති බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% තිබිය යුතුය” යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.

ඉහත ආකාරයෙන්ම නව ව්‍යවස්ථාවක් ද ජනතාව නොමග යවා අනුමත කොට ගෙන කථානායකවරයා ගේ සහතිකය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැව් ආරංචි වීමෙන් පසුව මීරිගම පැවති ආගමික උත්සවයකදි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ එවෙනි ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව ඒ සඳහා අවශ්‍ය කථානායකවරයා විසින් සහතිකය නිකුත් නොකරන බවයි.

මින් අදහස් කරනුයේ පසුගිය දා “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% තිබිය යුතුය” යන කෙටුම්පක් ජනතාව නොමග යව දෝෂ සහිතව අවධිවමත් අන්දමින් අනුමත කිරීමක් විය හැකි බවත් එමෙන්ම ජනතාව නොමග යවා එසේ අනුමත කරගත් නීතියක් නිසා පලාත් සභා මැතිවරණය කල් යෑමට එරෙහිව ජනතාව මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාගැනීමට තිබු අවකාශ ඇහිරෙනු ඇති බවත් එමෙන්ම මින් ඉදිරියට හෙතෙම කථානායක ලෙස එවෙනි ක්‍රියාවක් නොකරන ඇති බවටත් යයි මත පලවෙයි.

5,739 Viewers

20 Comments to “විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද”

  1. Amda says:

    බොරුවට කෑගහන්නේ නැතුව මුන්දලාට Blue Whale ලින්ක් එක යවපල්ලා කවුරුහරි

    • Dr.Jayawikrama says:

      පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමට පක්ෂව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් 5 ක් ඊයේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කොට තිබුනි.
      පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පලාත් සභා පනතට අදාළ සංශෝධන කෙටුම්පත සැප්තැම්බර් මස 22 වෙනිදා කථානායකවරයා විසින් සහතික කල ද, එම පනත අනුමත කිරීමේදි එයට අදාළ කෙටුම්පත් හා සංශෝධනයන් නිත්‍යානුකූලව හා විධිමත්ව ඇතුලත් කොට සංශෝධනයන් කළේද ද යන්න විශාල ආන්දෝලනයක් රටතුල මේ වනවිට නිර්මාණය වී ඇති බවයි,
      ස්ථාවර නියෝග 37-40 මගින් ප්‍රතිපාදන සපයා ඇති ආකාරයෙන් ඕනම කෙටුම්පතක් කමිටු අවස්ථාවේදි යම් එකතු කිරිමක් සිදු කල හැකි වුවත්, එසේ එකතු කල හැකි සංශෝධනයන් කවරේද යන්න ස්ථාවර නියෝග 38 ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එමෙන්ම එවෙනි අවස්ථාවක එහි 3 වෙනි අනු ඡේදයේ 3 වෙනි කොටසේ සඳහන් කොට ඇත්තේ, එසේ ඇතුලත් කල හැකි කොටස් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර ඒ නිශ්චිත සෑම ඇමුණුමක්ම සංශෝධනය කිරිමට යෝජිත කෙටුම්පතට අදාළවද යන්න හා එහි නිත්‍යානුකූලභාවය ගැන විධිමත්ව නිරීක්ෂණය කොට නීතිපතිවරයාගේ මතය ලබාගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 77 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සපයා ඇත. මෙය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් වන අතර එසේ ක්‍රියාත්මක වීම ලෝකයේ ඕනම පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන රටක සිදු වන්නකි.
      එසේ කල හැක්කේ 1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එනම් 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීමට අදාළව යෝජිත මූලික කෙටුම්පතට අදාළවපමණි.එහෙත් ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රය මගින් ජනතාවට දැන ගැනිමට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. එනම් සිමා නිර්නය කිරිමේ කමිටු පිහිටුවා ඒ සඳහා සමාජිකයින් 5 දෙනෙකු පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට පැවරිම, මූලික කෙටුම්පතට අදාළ නොමැති දේශපාලන පක්ෂ හා එහි නායකයින් කමිටු සඳහා පත්කිරිම, පලාත් සභාවේ මන්ත්‍රීවරු කොට්ඨාස ක්‍රමයට තොරා ගැනිම, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම් ද ඇතුලත් මැතිවරණයන් පවත්වා ඡන්දය පාවිච්චි කිරිමේ දිනයන් ද වෙනස් කරන සංශෝධනයන් යෝජිත කෙටුම්පතට එකතු කිරිමක් සිදු කොට ඇත.
      මේ අනුව කථානායක මේ වනවිට වැරදිකරු වී හමාරයි,

      • Gamarala says:

        78 ව්‍යවස්ථාවේ ඒකීය බව සහ v ආරක්ෂා කර ඇති මුරගල් ගලවපු 20 වැනි සංශෝධන බෙදුනු තීන්දුව (2:1) ගැන කියන්නැත්තේ ඇයි?

    • කපු රාල says:

      ලෝකයේ දරුණුතම වංචාව හා දූෂණය ජනතාවගේ පරමාධිපත්‍යය මොහොතකට නැතිකිරිමයි. දඩුවම පන පිටින් වල දමා මැරිමයි. ඔබ තුමාට සහ මැකෝට ඒක උරුමයි.

      • bandu says:

        පලාත් සභා ඇමැති – මන්ත්‍රී සිහිනයෙන් ඉන්නා සිංහල අන්තවාදීන්ට පලාත් සභා මැතිවරණයට හීන් නූලෙන් පරමාධිපත්‍යය ලබා දී ඇති බව නොපෙනෙන්නේ ඇයි?

    • Selvam says:

      How can you trust?, You (APARADAKARYA) stoled our voting write with KEPPYA. That is why god got your daughter’s life too. You also will have painful death

    • yatawara says:

      ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (1) සෑම කෙටුම්පතක්ම (Bills) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය,
      ඉහත එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත්තේ ඕනම පනත් කෙටුම්පතක් (Bills) පාර්ලිමේන්තුවේ සම්මත කොට කථානායකවරයා සහතික කල පසු එය මේ රටේ නීතියක් බවට පත්වෙන බැවිනි,
      එම නිසා පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේන් පුරවැසියකුට තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට එය නීතියක් බවට පත්විම වැලැක්වීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය යන්න නීතිගත කොට ඇත.
      1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කරමින් ඒ අනුව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. ඒ ” පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරිම” යන ලුහුඩු නාමය යටතේ පිටු 3 කින් යුත් නීති 2 ක් පලාත් සභා පනතේ සංශෝධනය කිරිම සඳහා පමණි.
      එහෙත් කමිටු අවස්ථාවේදි මූලික කෙටුම්පතට සම්පූර්ණයෙන්ම වෙනස් සංශෝධනයන් 22 ක් ප්‍රමාණයක් පිටු 32 කින් යුක්තව එක් කරන ලදි.
      මේ ආකාරයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා කටයුතු කරමින් සිටි.

    • kanaka says:

      Methek Lankaawe bihiwecha duusitama katanayaka thama unnahe. Warta pita warta tiyala tiyenne me yahapalanaya.

  2. Nandasoma says:

    කරල තියෙන, කරණ දේවලින් පේනව තමුන්ගෙ ක්‍රියාවෙ සාධාරණ කම…. රනිල් ඇහැක් ගහන පරක්කුවෙන් ඕනැම ජරා වැඩක් කරයි. පළාත් පාලන සංශෝධන වලට 2/3 ගන්න කරපු අසාධාරණ වැඩේ මතකයිනෙ!

    • asaranaya says:

      කම්-කරුවා හීන් බබා සීයාගෙ කයි කතන්දර ඒකාගෙ අප්පොච්චාගෙ කතන්දර වගේමයි, මේකත් රඟපාන්නේ නරි නාටකයක්ම තමයි, රානි අලයා දැක්ක ගමන් රෙද්දේ චූ යනවා.

  3. පොදු මිනිහා says:

    කරු ජයසූරිය කියන්නේ ඉතා වැදගත් සිංහල බෞද්ධ මහත්මයෙක්, ඒත් මේ වනවිට පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය කොට කථානායක ලෙස අවධිමත්ව අනුමත කල කෙටුම්පතක් විධිමත් ලෙස සම්මත කලා යැයි සහතික කිරිම නිසා ඉතාම පහත් ක්‍රියාවක් කල පුද්ගලයකු ලෙස ජනතාව ඉදිරිපිට රෙදි ගැලවී හමාරයි.

  4. වෛද්‍ය සිරිමෙවෙන් says:

    මැතිවරණ කල් දමා සමස්ථ ජනතාවට තිබු අයිතිවාසිකම් පැහැරගැනීම නිසා කථානායක කරු ජයසූරිය සහ ස්වාධීන කියා ගන්නා මැතිවරණ කොමිසමේ තක්කඩි සභාපති මහින්ද දේශප්‍රිය යන චූදිතයින් දෙදෙනා ලබන අත්මායෙදි තමන් ඇතුළු පවුල් පිටින් දරුණු පිලිකා වැනි සුව නොකළ හැකි රෝගයවලට ගොදුරු වෙනවා නියතයි.

  5. ආචාර්ය කුමාරි තිලකරත්න says:

    පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පලාත් සභා පනතට අදාළ සංශෝධන කෙටුම්පත සැප්තැම්බර් මස 22 වෙනිදා කථානායකවරයා විසින් සහතික කල ද, එම පනත අනුමත කිරීමේදි එයට අදාළ කෙටුම්පත් හා සංශෝධනයන් නිත්‍යානුකූලව හා විධිමත්ව ඇතුලත් කොට සංශෝධනයන් කළේද ද යන්න විශාල ආන්දෝලනයක් රටතුල මේ වනවිට නිර්මාණය වී ඇති බවයිප්මේකට අනුබල දුන් සැමට හෙන හත ගහපිය.

  6. aruna says:

    You are the worst and partial speaker in the SL history. You betrayed SL and the people. You abused the deocratic system in the parliament by signing Provincial council act just because to protect your Master and the party. So don’t talk bullshit man. We never trust you. Go to hell.

  7. ප්‍රබාකරන් says:

    අඩේ අප්පා, මම ඉල්ලපු ඔක්කොම දේවල් මේගොල්ල දෙන බව දන්නවනම් මට මැරෙන්නේ නැතුව ඉන්න තිබ්බ අප්ප අඩවානේ.

  8. පාල says:

    මේ ගොයියා දැනටමත් ජීවතුන් අතර නැහැනේ. අභාවප්‍රාප්ත වෙලා ටික කාලයක් වෙනව මං හිතන්නෙ. ඇත්තමයි කියන්නෙ ෂුවර් එකටම අත්සන් කරනවා කියලා. අපරාදෙ කියන්නෙ ජීවත් වෙලා හිටපු කාලෙවත් දේශපාලනේ කළා කියල බොරුවක් කිව්වෙ නැහැ.

  9. Sadda says:

    Obathuma kathanayaka wee aththe ape karumeta.

  10. TGOOTHAYA says:

    IKMANATA HADAHANA BALAGANNA KOHOMATH JEEVITHE KOTAYI MEYALAGE.

  11. Samarapala says:

    තරගයේ පළමු ඉනිමේදී හිට් විකට් වීමෙන් හා දියණිය අහිමිවීමේ මානසික කම්පනයෙන් දෙවෙනි ඉනිමේදී පන්දුවට තට්ටු දැමීමට යාමෙන් ඉනිම අවසානයේ ලකුණු රැස්කර නොමැති වීමෙන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද නිසා ක්‍රීඩාවට සමුදීමට සිදු විය.

Main News