විපක්‍ෂ නායකත්වය ඒකාබද්දයට නෑ.. තව දුරටත් සම්බන්ධන්මයි.. කතානායක තීන්දුයි… පාර්ලිමේන්තුව නොනවතින යුද පිටියක් වෙයි..

August 9, 2018 at 10:00 am | lanka C news
විපක්‍ෂ නායකත්වය ඒකාබද්දයට නෑ.. තව දුරටත් සම්බන්ධන්මයි.. කතානායක තීන්දුයි… පාර්ලිමේන්තුව නොනවතින යුද පිටියක් වෙයි..

කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තව දුරටත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතාම කටයුතු කරනු ඇත.

ඉතා ඉක්මනින් මෙම තීන්දුව පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුව සමග කටයුතු කරන්නේ යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා විසින් කතානායකවරයාට කර ඇති දැනුම්දීමක් අනුව මෙම තීරණය ගෙන ඇති බවද සදහන්ය.

කෙසේ වෙත්ත ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරන්නේ කතානායකවරයා තීන්දු ගත යුත්තේ දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ගේ ලිපි මත නොව පාර්ලිමේන්තුවේ ඇසට පෙනෙන බහුතරය මත බවයි.

ඒකාබද්ද විපක්‍ෂය පවසන්නේ විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීන් 70ක් නියෝජනය කරන තම කණ්ඩායමට ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන්නට ඉඩ නොතබා එතුල දිගින් දිගටම අරගල කරනා බවයි.

22,096 Viewers

13 Comments to “විපක්‍ෂ නායකත්වය ඒකාබද්දයට නෑ.. තව දුරටත් සම්බන්ධන්මයි.. කතානායක තීන්දුයි… පාර්ලිමේන්තුව නොනවතින යුද පිටියක් වෙයි..”

  1. Boga says:

    කතානායක තීරණය හරි. නැතිනම් දවසක ආණ්ඩුවේම කොටසක් වෙනත් කණ්ඩායමක් ගොඩනගාගෙන විපක්ෂයේ බලය අල්ලයි.

    • Walpita says:

      I agree.only for this

    • tikka says:

      ඇයි වලාමේ.. ඒක 2015 දී උනා නොවැ.. ඔහේ හිටියේ වැසිකිලියෙද මෙතුවක් කල්. නිමල් සිරීපාල වි. නායක් උනේ එහෙම තමයි. ඒත් දැන් ඒ ක්‍රමේ බෑලු.. මේ හිපාටුවො කියන විදියට රටකට හානිදායක ලෙස ආණ්ඩුවක් හැසිරේ නම්.. සියලු විනාස වෙන්නට දී අවු. 5 ගෙවෙනකං උඩ බලාගෙන ඉන්න වෙන්නෙ ජනතාවට!

    • Nandasoma Suriyaarachchi says:

      දැන් වෙන්නෙ මොකක්ද?

      ආණ්ඩුවත්, විපක්ෂයත් දෙකම එකම කණ්ඩායමකට නෙමෙයිද දීල තියෙන්නෙ??

      සම්බන්ධන්ව පත් කළේ ආණ්ඩුවෙන් නෙමෙයිද???

      විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට කඩේ යන එකද????
      19 වන සංශෝධනය කියල විකාරරූපී නීතියක් හදා ගෙන රනිල්ට අවශ්‍ය විදියට පාර්ලිමේන්තුව හැසිරවීමද ප්‍රජාතන්ත්‍රවාදය?????

    • Ellepola says:

      It has already happened in the present parliament!

    • Nuwan says:

      Boga දන්නෙ නැද්ද දින 100 කාලෙ ආණ්ඩුවෙම සිරිපාල ඇමතිට විපක්ෂනායකකම දීල තිබුන කියල?

  2. NuwanJ says:

    Boga දන්නෙ නැද්ද දින 100 කාලෙ ආණ්ඩුවෙම සිරිපාල ඇමතිට විපක්ෂනායකකම දීල තිබුන කියල

  3. Ranil says:

    This is rubbish. Mr Speaker, when you and several others of the UNP joined the Rajapakse government as ministers some years ago, did the UNP lose the Opposition Leader’s post?

    • john says:

      UNP is the most sarcastic, unethical and non democratic political mafia in the world. They have negative morale values.They will even sell their mother for quick big cash or power

  4. Lyca says:

    GOSL/Parliament works according to the Traitor Athul Kesharp’s advise. Where is the DEMOCRACY in Sri Lanka????

  5. නෙවිල් says:

    විපක්ෂ නායක කම ලැබෙන තෙක් මේ කාලකන්නි ආන්ඩුවෙ කාලෙය ඉවර වෙනකම් පාර්ලිමේන්තුවේ වැඩ කඩා කප්පල් කර යුතුයි ..නැත්නම් සියලු ආන්ඩුවේ වැඩ කෙලවරක් නොමැතිව වර්ජනය කල යුතුයි..කෙසේ හෝ මෙ ජහපාලුවන් එලවා දැමිය යුතුමය

  6. kasun says:

    ekabadda wipaksya kiyanne tani pakshayak newine. paksha kihipayaka ekatu wela ennawa parliment eke. election ekedi ehema elluwanam tamai oka hambu wenne. oka terenne nati gobba bayiyo ne enne. wimal wagema modai.site ekath ewagemai.

Leave a Comment

Main News