විපක්‍ෂ නායක පුත‍්‍රයා මාධ්‍යවේදියෙකුට පහර දෙයි..

September 4, 2017 at 12:40 pm | lanka C news
විපක්‍ෂ නායක පුත‍්‍රයා මාධ්‍යවේදියෙකුට පහර දෙයි..

ද්‍රවිඩ  එක්සත් විමුක්ති පෙරමුනේ නායක මෙන්ම හිටපු විපක්ෂ නායක වරයෙකු වන ඒ. අමිර්තලිංගම් මහතාගේ ගුණානුස්මරණ වැඩසටහනකිදී අත් පත්‍රිවක් බෙදමින් සිටි යාපනයේ මාධ්‍යෙව්දියෙකුට අමිර්තලිංගම් මහතාගේ පුත්‍රෙයකු තවත් අයෙකු පහර දුන්නේ යැයි එම මාධ්‍ය වේදියා විසින් යාපනය පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතාගේ 90 වැනි ගැණානුස්මරණය යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති අවස්ථාවේදී මාධ්‍යෙව්දී එම්.පරමේෂ්වරන් මහතා විසින් යාපනය වීරසිංහම් ශාලාවේදී පොතක් එලිදක්වන බව පවසමින් අත්පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාවේදී අදාල පහරදීම සිදුව ඇත.

අදාල අත්පත්ත්‍රිකාවේ සඳහන් ඇත්තේද අමිර්තලිංගම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගියේනම් ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අමිර්තලිංගම් මහතාගේ පුත්‍රයා වන කාන්දීපන් මහතා සහ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ගෞරිනන්දන් යන අය විසින් පහරදීම සිදු කළ බව පරමේෂ්වරන් මහතා සඳහන් කර සිටියේය.

අමිර්තලිංගම් මහතා වෙනුවෙන් පැවැති ගුණානුස්මරණ උත්සවයකදී ඔහුගේ පුත් කාන්දීපන් කියා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ අවස්ථාවේ එම විවාධය යන අතරතුර පමණක් අමිර්තලිංගම් මහතා සභා ගැබෙන් පිටව ගිය බවටත්ය.

එවැනි අවස්ථාවක ඔහු දෙමළ ජනතාවගේ නායකයකු ලෙස පිළිගත නොහැකි බව සඳහන් අත්පත්‍රිකාවක් බෙදමින් සිටිය දී පරමේෂ්වරන් මහතා මෙසේ පහරකෑමලට ලක්ව ඇති බවටයි යාපනය පොලීසිය කියා සිටියේ.

කෙසේ නමුත් අදාල පහර දීමට සම්බන්ධ දෙදෙනා සම්බන්ධයෙන් යාපනය පොලීසියේ පැමිණිල්ලක් දැම්ම බවටත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් යාපනය පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවටද මාධ්‍ය වේදී පරමේෂ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,198 Viewers
Main News